දෙසැම්බර් 25 දෙසැම්බර් 31 දක්වා

දෙසැම්බර් 25, 2020

රැකියා ලාබ

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ කනස්සල්ලක් ඇති කරමින් ආරම්භ වන මේ සතියේ සඳුගේ ගමන 01, 02, 03 යන භාවස්ථානවල සිදුවනු ලබයි. කලක සිට ඇතිව තිබූ ගැටලු කීපයක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. ළඟින් ඇසුරු කරන අයෙකු හට පවුලේ අයගේ විරුද්ධත්වයක් ඇති කරයි.

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන කාලයකි. විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසුමක් ඇති කර ගනී. රැකියා ලාබ හිමිකරන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සති අන්තයේදී වරින් වර ඇති කරන කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වාහන ගනුදෙනුවක්

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර සඳුගේ ගමන 12, 01, 02 යන භාවස්ථානවල සිදුවනු ලබයි. මෙතෙක් තමාට අහිමිව තිබූ දෙයක් නැවත ලබා ගැනීමට මඟ සැලසෙන සතියකි. පවුලේ ගැටලුසහගත අවස්ථාවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. සතිය මැද කාලයේදී ඉදිරි සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. වාහන ගනුදෙනුවක් හදිස්සියේ සිදුවිය හැකි කාලයකි. මවගේ හෝ මව්පස ඥාතියෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

 

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

ගේ දොර උත්සවයක්

අවිවේකී ලෙස ආරම්භ වන මේ සතියේ සඳුගේ ගමන 11, 12, 01 යන භාවස්ථානවල සිදුවනු ලබයි. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. දරුවෙකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුත් වැඩකටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙන සතියකි. සතිය මැද කාලයේදී ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයකි. නිතර අසල්වැසියෙකු නිසා කරදර බාධාවලට මුහුණපෑමට සිදුවේ. විදෙස්ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවිය හැකියි. සති අන්තයේ දී වාහන ගනුදෙනුවක් පිළිබඳ වෙහෙසීම් කරන අතර නිතර දුරගමනක් යෙදෙන කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

ගුප්ත කටයුතුවලින් පිහිට

එදිනෙදා කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. වරින් වර ඇති කරන පපුවේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන සතියකි. තමාට නොසිතූ අලාභයක් සිදුවිය හැකි අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සහෝදරියක පිළිබඳ පැවැති විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. වරින්වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු ද පෙන්නුම් කරයි. සති අන්තයේදී අඹුසැමි විශ්වාසය පළුදු වන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

විශේෂ ගනුදෙනුවක් 

 

අවිවේකී ලෙස සතිය උදාකරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 09, 10, 11 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වන කාලයකි. වරින් වර ඇති කරන උගුරේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට සිදු වන කාලයකි. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ ආගමික සැලසුමක් සඳහා කටයුතු සැලසුම් කරයි. පවුලේ කෙනකුගේ අසනීපයක් හේතුවෙන් රෝහල් ගත වීමක් සිදුවීමට ඉඩ ඇත. සති අන්තය වන විටදී රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් වෙනදාට වඩා වගකීම් වැඩිවන අතර තනතුරු මාරුවක් හෝ ස්ථාන මාරුවක් සිදුවීමට ඉඩ ඇත.

 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා

 

අලුත්

සාමාජිකයෙක්

අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවස්ථානවල සිදුවනු ලබයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමෙන් එදිනෙදා කටයුතුවල වෙනසක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම විශේෂ පුද්ගලයකුගේ හමුවීමක්ද සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. තමාට පවුලේ වැඩිහිටියකුගේ දෝෂාරෝපණ එල්ලවිය හැකි බවක් පෙනේ. හිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවන සතියකි. එමෙන්ම යටපත් වූ දතක ආබාධයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. සහෝදර මතභේදයක් දුරදිග යන ලකුණු ඇති කරයි. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - ලා කහ

සුබ දවස - සිකුරාදා

 

ගේ දොර

අලුත්වැඩියාවක්

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියක් වන අතර සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. තමා ගන්නා දැඩි තීරණයක් හේතුවෙන් පවුලේ කටයුතුවල වෙනස්කම් රැසක් සිදුකරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන අතර, අලුත් කටයුතු කීපයක් ආරම්භ කළත් ඒවා එතරම් සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි ළැදිව කටයුතු කරන බවක් පෙනේ. සතිය මැද කාලයේදී ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ වෙහෙසීම් ඇති කරන අතර, මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමටද අවස්ථාව උදාකරයි. සති අන්තයේදී නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇතිවීමට ඉඩ ඇත.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

භෝජන සංග්‍රහයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 6, 7, 8 යන භාවස්ථානවල සිදුවනු ලබයි. මෙතෙක් යටපත් වෙමින් පැවැති කොන්දේ අමාරුවක් නැවත මතුවන ලකුණු පෙනේ. මෙතෙක් මඟ හැරෙමින් පැවැති ශාස්ත්‍රීය කටයුත්තක් නැවත ඇරඹීමට මඟ සැලසේ. දේපළ ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ආගමික පිහිට පතන කාලයකි. සතිය මැද කාලයේදී දරුවකු වෙනුවෙන් සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. එමෙන්ම දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු කාලයකි. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් කටයුතු සැලසුම් කරන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා

 

කකුලේ වේදනාවක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. දරු ලාබ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාකාරී වන්න. මව්පිය උරුමයකට බාධා ඇති කරන සතියකි. යටපත් වූ කකුලේ වේදනාවක් නැවත මතුවිය හැකියි. සතිය මැද කාලයේදී නිතර තමාට දෝෂාරෝපණයට ලක් වීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවීම වැදගත් වේ. අමනාප වූ ඥාතියෙකුගේ පැමිණීමක් සිදුවිය හැකි කාලයකි. ගේ දොර අලුත්වැඩියාවක් සිදුවීමට ඉඩ ඇති අතර, අලුත් බඩු බාහිරාදිය මිලදී ගැනීමට මඟ සැලසේ.

අය 08 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

වැයපස අධිකයි

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියක් වන අතර සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන කාලයකි. එමෙන්ම නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක්ද යෙදේ. වෙනදාට වඩා අතමිට සරු වුවත් වැය පස අධික වීමට ඉඩ ඇත. දරුවකුගේ කටයුත්තක් හේතුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. සතිය මැද කාලයේදී පදිංචි ස්ථානය පිළිබඳ ගැටලු කීපයකට මැදිවීමට ඉඩ ඇත. නැතිවූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. සති අන්තයේදී නිවසට විශේෂ අමුත්තෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත.

අය 08 - වැය 07

ජය අංකය - 05

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සදුදා

 

ප්‍රභූ ඇසුරක්

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන සතියක් වන අතර සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. වගකීම් බාර ගැනීමේදී ඒවා තෝරා බේරාගෙන කටයුතු කළයුතු කාලයකි.

නොකළ වරදකට තමාට දෝෂාරෝපණයක් එල්ලවිය හැකි බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකුගේ අසනීපයක් දුරදිග යාමෙන් රෝහල්ගත වීමක් සිදුකරයි.

ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන කාලයක් වන අතර විශේෂ ප්‍රශංසාවකට ද ලක් වීමට ඉඩ ඇත. ළඟම හිතවතෙකුගෙන් විශේෂ උපකාරයක් හිමිවිය හැකි සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

අලුත් සාමාජිකයෙක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර වැය පස අධික වන කාලයක් වන මේ සතියේ මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. තැන තැන ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇති සතියකි.

එමෙන්ම පවුලේ විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් ගැටලු කීපයක් මතුවීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු ද පෙන්නුම් කරන බවක් පෙනේ. වාහන ගනුදෙනුවකට දවසේ වැඩි කාලයක් යෙදවීමට සිදුවන සතියකි.

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.