මේ සතිය ඔබට

ජනවාරි 08 ජනවාරි 14 දක්වා
ජනවාරි 8, 2021

ගුප්ත කටයුතුවලින් පිහිට

පවුලේ වැඩි වගකීමක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. මෙතෙක් නොවිසඳූ ගැටලු කීපයක් විසඳා ගැනීමට මඟ සැලසෙන සතියකි. විශේෂ තරග විභාගයක් වෙනුවෙන් සූදානම් වීමට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේ දී නොසිතූ දෝෂාරෝපණයකට ලක්වීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. පවුලේ ළඟම ඥාතියෙකුගේ කටයුතු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදුවේ. හදිස්සි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුවේ. වෙනදාට වඩා ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ.

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා

 

කොන්දේ අමාරුවක්

වෙනදාට වඩා අවිවේකී ලෙස සතිය උදාකරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. වගකීමෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන කාලයක් වුවත් නොසිතූ ගැටලු කීපයකට මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම හදිස්සියේ සිදුවන මුදල් ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුත් දේපල මිලදී ගැනීමක් පිළිබඳ කටයුත්තකට අත ගසයි. විදෙස්ගත හිතවතෙකුගෙන් උපකාරයක් හිමිවන ලකුණූු පෙනේ. පවුලේ ආගමික වැඩසටහනකට කටයුතු සූදානම් වන කාලයකි. සතිය මැද කාලයේ දී යටපත් වූ කොන්දේ ආබාධයක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්ි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

අමතර ලැබීම්

මිශ්‍ර ඵලදායක ලෙස ආරම්භවන මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථානවල සිදුවනු ලබයි. මෙතෙක් කරමින් සිටි ගනුදෙනුවකින් විශේෂ ලාබ හිමිකරන කාලයකි. එහෙත් පවුලේ අයගේ විරෝධය මැද කටයුතු කීපයක් සිදුකර ගැනීමට සිදුවේ.

දරුලාබ හිමිකම් ඇති අයට යහපත් කාලයකි. වාහන ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පදිංචි ස්ථානය සම්බන්ධ මතුවන ගැටලු කීපයක් දුරදිග යයි. අමතර ලැබීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. සති අන්තයේ දී කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට මඟ සැලසේ.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

සහෝදර මතභේදයක්

වෙනදාට වඩා අතමිට සරුවන සතියක් වන අතර සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. ළඟින් ඇසුරු කරන අයෙකු නිසා ගැටලු කීපයක් විසඳා ගැනීමට මඟ සැලසේ. නිතර තම රුව අලංකාරය වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. සහෝදර මතභේදයක් දුරදිග යා හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. හදිස්සියේ සිදුවන දේපල ගනුදෙනුවක් හේතුවෙන් පවුලේ අය අතර මතභේදකාරී බවක් ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

සැකකටයුතු කරුණු

 

අවිවේකී ලෙස සතිය උදාකරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට සරු වුවත් වැය පස අධික කරන කාලයකි. යටපත් වූ උගුරේ ආබාධයක් නැවත මතුවිය හැකියි. එමෙන්ම අඹුසැමි විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. නිතර නිවසට යන එන කෙනෙකු නිසා කරදර ඇතිකරන කාලයකි.

සතිය මැද කාලයේ දී මවගේ අසනීපකාරී බවක් දුරදිග යාමෙන් රෝහල්ගතවීමක් සිදුකරයි. සැකකටයුතු කරුණු කීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇත.

 

අය 08 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ශාරීරික වෙහෙස

මත ගැටුමක් සමතයකට පත්වෙමින් පවතින කාලයක් වන අතර මේ සතියේ කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අමතර වගකීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර ආගමික සහන පතන කාලයකි. සතිය මැද කාලයෛ් දී පවුලේ වැඩිහිටියෙකුගේ කටයුතු හේතුවෙන් පසුතැවීම්වලට ලක්වීමට සිදුවෙයි. අසල්වැසි විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සති අන්තයේදී යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාවිඳීම සිදුවේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

තීරණයක් සාර්ථකයි

ලැබීමේ අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. වෙනදාට වඩා අතමිට ගැවසුනත් වැය පස අධික කරන කාලයකි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. දූ දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන කාලයකි.

පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. යටපත් වූ කකුලේ අමාරුවක් නැවත මතුවන ලකුණු පෙනේ. සති අන්තයේ දී සහෝදර පක්ෂය සමඟ ඇතිවන මතගැටුමක් දිරදිග යා හැකි බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

උත්සවයක් කල්දමයි

ගතට සිතට පීඩාකාරී සතියක් වන අතර සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. පවුලේ කෙනෙකු නිසා සතුටට පත්විය හැකි කාලයකි. එහෙත් ඥාති හිතවතුන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.

පවුලේ උත්සව අවස්ථාවක් කල් දැමීමට සිදුවන කාලයකි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරයි.

සතිය මැද කාලයේ දී හදිසි මුදලක් වැය කිරීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙනේ.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - දම්්

සුබ දවස - බදාදා

 

හදිසි ගමන්

හදිසි තීරණයක් වෙනසකට ලක්කරමින් සතිය ආරම්භවන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ සතුට සමාදානය වෙනුවෙන් තීරණ කීපයක් ගැනීමට සිදුවන සතියකි. නොසිතූ ලෙස තමා අතින් පාඩු සිදුවන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත.

හදිසි ගමන් කීපයකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. නිතර ආගමික නායකයන්ගේ ඇසුරට කරුණු සිදුකරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. මව්පස ඥාතියෙකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ.

අය 08 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

හිතවතෙකුගේ දුරස්වීමක්

මානසික අවිවේකයට කරුණු ඇතිකරමින් සතිය ආරම්භ වන මේ සතියේ මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 11 යන භාවස්ථානවල සිදුවනු ලබයි. දරුවෙකු නිසා නොසිතූ මානසික පීඩනයකට ලක්වීමට සිදුවන කාලයකි. වරින්වර හදිසි මුදල් වැයවීම් ද වැඩිවීමට ඉඩ ඇත.

විදෙස් ගත ඥාතියෙකු පිළිබඳ සිත් කලකිරීමක් සිදුකරයි. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරී විය යුතු කාලයකි. ළඟම හිතවතෙකුගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. සති අන්තයේ දී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩා විඳින කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

 

විශ්වාසය බිඳවැටීමක්

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ වෙනස්කම් කීපයක් සිදුකරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. ප්‍රභූ ඇසුරකට මඟ පෑදෙන සතියකි. නිතර ශාරීරික වෙහෙසීම් වැඩිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. දරුවෙකු කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇත. නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. සති අන්තයේ දී හදිසි කැපුම් කෙටුම් තුවාලයක් සිදුවීමට ඉඩ ඇති බැවින් ආයුධ සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත් කරයි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවන සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

දරුවෙකුගේ ජයග්‍රහණයක්

සතුට සැනසුම උදාකරන සතියක් වන අතර සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. මුදල් සම්බන්ධ කයුතු පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. පවුලට සම්බන්ධ හා අලුත් ඥාතියෙකු නිසා මතභේදකාරී බවක් ඇති කරයි. එමෙන්ම මව්පිය උරුමයක් පිළිබඳ ගැටලුදායක බවක් ඇති කරයි. හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දු වන්න. සතිය මැද කාලයේ දී මෙතෙක් ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් නැවත ඉටුවන ලකුණු පෙනේ. දරුවෙකුගේ උසස් ජයග්‍රහණයක් අසන්න ලැබෙන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.