පෙබරවාරි 12 පෙබරවාරි 18 දක්වා

පෙබරවාරි 12, 2021

අලුත් පදිංචියක්

පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. අතරමඟ නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. එමෙන්ම නිතර පවුලේ වැඩිහිටියකුගෙන් උපදෙස් ලබා කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන කාලයකි. හදිස්සියේ හට ගන්නා දතක අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. දේපල ගනුදෙනුවකින් නොසිතූ ලාබයක් හිමිකරයි. අලුත් පදිංචියක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

කකුලේ අමාරුවක්

මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යන කාලයක් වන අතර සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ ඉදිරි කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවෙන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ඉතිරි කර ගැනීමට මාර්ගය පෑදේ. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදාකරයි. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් විය යුතු අතර, යටපත් වූ කකුලේ අමාරුවක් නැවත මතුවිය හැකියි. සතිය මැද කාලයේ දී මුදල් සම්බන්ධ කටයුතුවලට සම්බන්ධ වීමේ දී කල්පනාකාරී වන්න. මවගේ කටයුතු වෙනුවෙන් දවසින් වැඩි කාලයක් වැය කිරීමට සිදුවන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

විදෙස් ලැබීම්

අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර අලුත් දේ මිලදී ගැනීමටද අවස්ථාව සැලසෙන සතියකි.

සතිය මැද කාලයේ දී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. පවුලේ ළඟම ඥාතියකුට අපල සහගත කාලයකි.

විවාහ අපේක්ෂිතයන්ට යහපත් කාලයක් වන අතර, පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. විදෙස් ලැබීම්වලට ඉඩ ඇති කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

දරුවන් පිළිබඳ සැලකිලිමත් වන්න

දුරදිග සිතා බලා කටයුතු කළයුතු කාලයක් වන අතර සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් පැවැති මත ගැටුමක් නිරවුල් කර ගැනීමට මාර්ගය පෑදෙන කාලයකි. පවුලේ ඉදිරි කටයුතු කීපයක වෙනස්කම් රැසක් සිදු කරයි. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයාබැලීමක් කළයුතු බවක් පෙනේ. හදිසි කැපීම්, කෙටීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතුවලදී ඉතා කල්පනාකාරී වීම වැදගත් වේ. එමෙන්ම පවුලේ අය අතර මත ගැටුම් තත්ත්වයක් උදාවිය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. දරුවන් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 08 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

උත්සව අවස්ථාවක්

වැඩ කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට මග සැලසෙන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් වන අතර, පොත්පත් ලිපි ලේඛන කටයුතුවලදී කල්පනාකාරී වන්න. එමෙන්ම තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සතිය මැද කාලයේ දී ලේ විෂවීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා අත් කරයි. නිතර පවුලේ වැඩිහිටියෙකුගෙන් කරදර සහිතයි. පවුලට අලුත් ඥාතීන් සම්බන්ධ විය හැකි කාලයකි.

ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් ගත සිත වෙහෙසීමට සිදුවෙයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

සහෝදර මත ගැටුමක්

සිතේ නොසන්සුතාවයකින් කටයුතු කරන සතියක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. ගැටලු කීපයක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. ගේ දොර කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. තරග විභාගයකට සම්බන්ධවීමට කටයුතු සැලසේ.

මානසික අවිවේකයට හේතු ඇති කරයි. මව්පස ඥාතියෙකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ. පවුලේ උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර මත ගැටුමකට තුඩුදෙන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මව්පිය උරුමයකට ගැටලු

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියක් වන අතර සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. මුදල් සම්බන්ධ කටයුතුවලට අතගැසීමේ දී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සැලසුම් වන බවක් පෙනේ. එමෙන්ම ඥාතීන් අතර හොඳහිත දිනා ගැනීමට කටයුතු සැලසෙන කාලයකි.

දරුවෙකුගේ හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අලුත් ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට සුබදායකයි. සති අන්තයේ දී මව්පිය උරුමයක් පිළිබඳ ගැටලු මතුවිය හැකියි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

 

ණය මුදලකින් නිදහස් වේ

අලුත් බලාපොරොත්තු කීපයකට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයක් වන අතර, අතරමග නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමටද අවස්ථාව උදා කරයි. කල්ගතවූ ණය මුදලකින් නිදහස්වීමට මඟ සැලසේ. සතිය මැද කාලයේ දී දරුවකුගේ නොසන්සුන්කාරී කටයුතු කීපයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. නිතර එදිනෙදා කටයුතු පිළිබඳ විමසිල්ලෙන් කටයුතු කරන්න. පවුලේ ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

අමතර ආදායම්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ ගනුදෙනුවක් සාර්ථකව නිමා කර ගැනීමට හැකිවන සතියකි. එමෙන්ම නිවසට අලුත් බඩු බාහිරාදිය මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. හදිස්සියේ ඇතිවන දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. පැරණි පෙම් සබඳතාවයක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. තීරණ ගැනීමේ දී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු කාලයකි. අමතර ආදායම් මාර්ග හිමි වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේ දී ආගමික සහන පතා දුර පළාතකට යාමට සිදුවේ.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

නොසිතූ ගැටලුවක්

වරින් වර උදාසීන ගති පැවතුම් ඇති කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවස්ථාන වල ගමන් කරයි. ඉක්මන් වී ගන්නා තීරණ කීපයක් හේතුවෙන් නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. විශේෂ තරඟ විභාගයකට සම්බන්ධ වීමට මඟ සැළසේ. ඉක්මන් කෝපය හේතුවෙන් අසල්වැසි ආරවුලක් ඇතිවිය හැකි කාලයකි. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අලුත් ගේදොර ඉදිකිරීමක් හෝ අලුත් දේපළක් මිලදී ගැනීමක් සම්බන්ධ කටයුත්තක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේ දී නිතර දරුවෙකු පිළිබඳ විමසිලිමත් විය යුතු කාලයකි.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

තැන්පත් ධනය වැය වීමක්

වෙනදාට වඩා වැඩකටයුතු අධික කරන සතියක් වන අතර සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. ශාරීරික වෙහෙසීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

නොසිතූ ලෙස තැන්පත් ධනය වැය වන අන්දමේ වැඩ කටයුතු කීපයක් යෙදෙන කාලයකි.

පවුලට අලුතින් සම්බන්ධ වන ඥාතියකු නිසා සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. සති අන්තයේ දී වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. හදිසි තීරණ ගැනීමෙන් වළකින්න.

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

දරුලාබ හිමිකම්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයකි. අත්වැරදීම් කටවැරදීම් සිදු විය හැකි කාලයක් බැවින් වෙනදාට වඩා කල්පාවෙන් කටයුතු කිරීම වැදගත් වේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

දරු ලාබ හිමිකම් ඇති කාලයක් වන අතර, ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. සති අන්තයේ දී උරහිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා

ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.