මාර්තු 12 මාර්තු 18 දක්වා

මාර්තු 12, 2021

මේෂ - රැකියා ලාබ

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 11, 12, 1 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. ළඟම ඥාතියකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. දේපළ ගනුදෙනුවකින් වාසි අත්කරන සතියකි. අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායකයි. අවිවාහකයන්ට සුබදායක කාලයකි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට මඟ සැලසේ. සති අන්තයේ දී රැකියා ලාභ හිමි කම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන්න.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

සිංහ - දානමය පින්කමක්

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 7, 8, 9 යන භාවස්ථානවල සිදුවෙයි. නිතර ඇවිදිලි ඇති කරන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකකියි. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. අමනාප වූ හිතවතකු සමඟ මිතුරුවීමට මඟ සැලසේ. වරින් වර නීති උපදෙස් පැතීමට සිදුවෙන බවක් පෙනේ. සතිය මැද කාලයේ දී වෙනදාට මුදල් වියදම් ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සති අන්තයේ දී පවුලේ දානමය පින්කමකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා රෝස

සුබ දවස - ඉරිදා

 

ධනු - විදෙස් ලැබීමක්

අවිවේකී සතියක් වන අතර, සඳුගේ ගමන මේ සතියේ 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු කාලයකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. ඥාතීන් අතර සුහදතාවය වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි.

අඹුසැමි මතභේදයක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සති අන්තයේ දී හදිසි මුදල් ලාභයකට හිමිකම් ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

වෘෂභ - ණය ගනුදෙනුවක් පියවා ගනී

වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසෙන සතියකි. පවුලේ අය වෙනුවෙන් වෙනදාට වඩා කැප කිරීම් කිරීමට සිදුවේ. වැරදි වැටහීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

රැකියාවේ කටයුතු සම්බන්ධ සිත් කලකිරීම් ඇති කරයි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකිවන කාලයකි. සති අන්තයේ දී යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත හට ගැනීමට ඉඩ ඇති බවක් පෙනේ.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

කන්‍යා - අතක ආබාධයක්

වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. අවිවේකී වුවත් යොදාගත් වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන සතියකි. පවුලේ අය අතර ප්‍රශංසාවට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සතිය මැද කාලයේ දී තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

නිතර හට ගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. මවගේ හෝ මව්පස ඥාතියකුගේ අසනීපයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ළඟින් ඇසරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

මකර - දරුවකුගේ ගැටලුවක්

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර, සඳුගේ ගමන මේ සතියේ 2, 3, 4 යන භාවස්ථානවල සිදුවනු ලබයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැල්මක් කළ යුතු කාලයකි. එමෙන්ම නිතර වෙහෙස මහන්සිය ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දරුවෙකුගේ ගැටලුවක් වෙනුවෙන් නිතර වෙහෙසීමට සිදුවෙයි. ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. පවුලේ වැඩිහිටියකුගේ කටයුතු කීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර නිවසට යන එන කෙනෙකු පිළිබඳ සොයා බැලීමක් කළයුතු කාලයකි. අමනාප වූ කෙනෙකු සමඟ හිතවත්කම් ඇතිකරගැනීමට මඟ සැලසේ.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස - සදුදා

 

මිථුන- අලුත් හිතවත්කම්

විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙමින් පවතින කාලයක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 9, 10, 11 යන භාවස්ථානවල සිදුවෙයි. නිතර ඇවිදිලි වැඩිකරන කාලයකි. පවුලට සම්බන්ධ ඥාතියකුගේ හදිසි දුරස්වීමක් සිදුකරයි. අවිවේකී බව හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ.

අලුත් හිතවත්කම් වලට මග සැලසෙන කාලයකි. එමෙන්ම අතරමග නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. වාහන ගමන්වලින් පරිස්සම් විය යුතු කාලයකි. පිය පස ඥාතියකු අපල සහගත බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

තුලා - දරු ලාභ හිමිකම්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 4, 5, 6 යන භාවස්ථානවල සිදුවනු ලබයි. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. එමෙන්ම අලුත් හිතවත්කම්වලට ද මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

මෙතෙක් නිවසට ආගිය කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. දරු ලාභ හිමිකම් ඇති අයට සුබදායක කාලයකි. සති අන්තයේ දී වරින් වර හට ගන්නා වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දක්වන කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය -දම්

සුබ දවස - බදාදා

 

කුම්භ -වාහන හුවමාරුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියකි. එමෙන්ම අලුත් කටයුතු කීපයක් ඇරඹීමට මඟ සැලසෙන බවක් ද පෙන්නුම් කරයි. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන සතියකි. වාහන හුවමාරුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර අතමිට මුදල් ගැවසෙන සතියකි. ලිපිලේඛන කටයුත්තක් සම්බන්ධ නීති පිහිට පැතීමට සිදුවේ.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

කටක - වැයපස අධිකයි

නීති ගැටලුවකට මැදිවෙමින් සතිය ආරම්භවන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර මිල මුදල් අතමිට ගැවසුණත් වැය පස අධික කරන බවක් පෙනේ. දේපළ ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් අතහැර දැමීමට සිදුවේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. පවුලේ වැඩිහිටියකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. රැකියාවේ තනතුරු මාරුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. හදිසි කැපීම් කෙටීම් වැනි අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරී වන්න.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

වෘශ්චික - නැති වූ දෙයක් හමුවෙයි

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වමින් ආරම්භවන මේ සතියේ සඳුගේ ගමන 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. අසල්වැසියකු නිසා ඇතිව තිබූ කරදරකාරී බවක් මඟහැරී යයි. දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවන සතියකි.

පවුලේ කෙනෙකුගේ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සති අන්තය වන විටදී නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට මඟ සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය -කොළ

සුබ දවස - සිකුරාදා

 

මීන - මත ගැටුමක් සමතයකට

අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භවන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයකින් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකි බවක් පෙනේ. පවුලේ පැවැති මත ගැටුමක් සමථයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි.

පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. සතිය මැද කාලයේ දී වරින් වර ඇතිකරන අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන සතියකි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයක් වන අතර, විවාහයට වැඩිහිටි ආශිර්වාදය හිමිවන බවක් ද පෙන්නුම් කරයි.

අය 07 - වැය 03

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

ධම්මිකා රාජපක්ෂ...............

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.