ජුනි 11 ජුනි 17 දක්වා

ජුනි 11, 2021

මේෂ - ගේ දොර අලුත් වැඩියාවක්

අවිවේකී උවත් මේ සතියේ වැඩ කටයුතු පිලිවෙළකට කර ගත හැකි සතියක් වන අතර සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. නොදැනුවත්කම හේතුවෙන් සිදුවන්න ගිය අලාභයක් වළකා ගැනීමට හැකිවන කාලයකි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. සතිය මැද කාලය වන විට පවුලේ කටයුතු වලින් ඈත් වීමට සිදුවෙයි‍. ණය ගනුදෙනුවක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇතිවීමට ඉඩ ඇත. උසස් අධ්‍යාපන කටයුතු වල නියුතු වූවන්ට විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ වීමට මග සැලසේ. ගේ දොර අලුත් වැඩියාවකට සිත යොමු කරන සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ - දණහිසේ ආබාධයක්

එදිනෙදා කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් බවක් ඇතිකරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියකි. නිතර ඇවිදිලි ඇතිකරන කාලයක් බැවින් පිඩා විදිමින් සිටි දණ හිසේ ආබාධයක් නැවත මතුවිය හැකියි. නොවිසඳූ දේපල ගැටලුවක් නැවතත් මතු කරයි. දරුවකුගේ කටයුත්තක් වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරිමට සිදුවේ.පවුලට අලුත් සාමාජිකයෙක් එක්විමෙන් කටයුතු කිපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. සති අන්තය වන විටදි මවගේ අසනීප තත්වයක් හේතුවෙන් මානසික අසහනකාරි බවක් ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු - සහෝදර සිත් අමනාපකමක්

ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියකි. ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදිමට ඉඩ ඇත‍.නිතිමය ගැටලුවකට මැදවිමෙන් පවුලේ ප්‍රශ්න රැසක් මතු කරයි. සතිය මැද කාලයේදි හට ගන්නා අජිර්ණ ආබාධයක් හේතුවෙන් පිඩාකාරි බවක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි‍. සහෝදර සිත් අමනාපකමක් ඇති වන අන්දමේ කටයුතු කිපයක් යෙදීමට ඉඩ ඇත. හදිසි ආදායමකට මඟ සැලසෙන කාලයකි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ - වැය පස අධිකයි

නීති ගැටලුවකට මැදිවෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. අතමිට මුදල් ගැවසුනත් වැය පස අධික වීමට ඉඩ ඇති කාලයකි. වැඩිමහල් සහෝදරයෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු කරන සතියක් වන අතර පවුලේ කෙනෙකු සමඟ ඇතිකරගත් සිත් අමනාපකමක් දුර දිග යන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනසකට ලක් කරයි. දේපල ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වගකීමකින් නිදහස් වන සතියකි.

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා - ගේ දොර අලුත්වැඩියාවක්

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. අවිවේකය හේතුවෙන් සැලසුම් කිපයක් වෙනස් කරයි. වාහන අලුත් වැඩියාවක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් ගත කරනු ලබයි. දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා කැපවී කටයුතු කිරිමට සිදුවන කාලයකි. නිතර තමා හමුවට එන කෙනෙකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. සතිය මැද කාලයේදි ගේ දොර අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ප්‍රමාද වී හෝ ගත් තිරණ කිපයක් සාර්ථක වන ලකුණු පෙනේ. අමතර ලැබීමකට හිමිකම් ඇති කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

මකර - විවාහ යෝජනාවක්

අවි‌වේකී වුවත් කටයුතු කිපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් තමාට අහිමිව තිබු දෙයක් නැවත හිමි කර ගැනිමට මඟ සැලසේ. අමතර ලැබීම් හිමි වුවත් වැය පස අධික කරන කාලයකි. පවුලේ ළඟම ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසිම් ඇති කරයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර හදිසියේ ඇතිවන විවාහ යෝජනාවක් ස්ථිර වන ලකුණු පෙන්නුම් කරයි. නිතර ඇවිදිලි ඇති කරන කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලදි කල්පනාකාරි වන්න. තමාගේ ශරිර සුවතාවය පිළිබඳ සැළකිලිමත් වන්න.

අය 06 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

මිථුන - සැලසුමක වෙනසක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කෙනෙකු නිසා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියකි. ඒමෙන්ම වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. මෙතෙක් යොදා ගත් සැලසුමක් වෙනසකට ලක්වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.විවාහ ගිවිස ගැනීමක් කල් දැමීමට සිදුවන සතියකි.

සතිය මැද කාලයේදී හට ගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.ඒමෙන්ම පවුලේ කෙනෙකුගේ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත වීමක් සිදුකරයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

තුලා - ආගමික සැලසුමක්

පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් රැසක් සිදුකරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වග ගමන් කරයි. විශේෂ ගනුදෙනුවකට අත ගැසිමට සිදුවන සතියකි. ඒමෙන්ම අලුත් හිතවතකු හමුවීමෙන් ගැටලු කිපයක් විසඳා ගැනීමට මඟ සැලසේ. ආගමික සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් වැය කරයි. ඒමෙන්ම අමතර වෙහෙසීම් ගෙන දෙන අන්දමේ කටයුතු කිපයකට අත ගැසීමට අවස්ථාව සැලසේ. ළඟම ඥාතියකුගේ අසනිප තත්වයක් දුර දිගයයි. සති අන්තයේදි ළඟින් ඇසුරැ කළ අයකුගේ දුරස්වීමක් සිදුකරයි. ශාරිරික වෙහෙස ගෙනදෙන කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - රෝස

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ - මනසට පීඩාකාරි බවක්

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස අධික වන කාලයක් වන අතර සඳුගේ ගමන 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. දේපල ආරවුලක් හේතුවෙන් මනසට පීඩාකාරී බවක් ඇති කරන සතියකි. යටපත් වු උගුරේ ආබාධයක් නැවත මතු විය හැකි කාලයක් බැවින් ආහාරපාන ගැනීමෙන් මෙන්ම ජල පරිහරනයේදි සැලකිලිමත් වන්න. මවගේ හෝ මව්පස ඥාතියකුගේ අසනිපයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු කාලයකි. සති අන්තය වන විටදි අලුතින් ආරම්භ කළ කටයුතු කීපයක් අතර මඟ නවතා දැමිමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

කටක - නීති ගැටලුවක්

විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ වීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. මේ සතියේ ඔබට මෙතෙක් යටපත්ව තිබූ හිසේ ආබාධයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. ඒමෙන්ම නීති ගැටලුවකට මැදි විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. ගේ දොර කටයුතු සම්බන්ධ විවේකය අඩුවන බවක් පෙනේ. දරුවන් නිසා මතුවන ගැටලුවක් දුර දිග යයි. වාහන ගමන් පිළිබඳ කල්පනානාරී විය යුතුයි. මවට හෝ මව් පස ඥාතියෙකුට අපල සහගත බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී අඹුසැමි විශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික - විදෙස් උපකාරයක්

මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන වාශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් නොසිතු ගැටලු කීපයකට මැදිවීමට සිදුවෙයි. එමෙන්ම හිතවත්කම් අලුත් වන අන්දමේ කටයුතු කිපයකට ද මඟ සැලසේ. විදෙස් ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි කරයි. යටපත් වු උරහිසේ ආබාධයක් නැවත මතු විය හැකිය රැකියා ස්ථානයේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරන අතර ඒ සම්බන්ධ තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න. සති අන්තයේදි මෙතෙක් පැවැති අමතර ලැබීමකට බාධාකාරි බවක් ඇති කරයි‍

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මීන - ආගමික සහන

මිශ්‍ර ඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර විසිතුරු දේ පිළිබඳ සිත ඇදී යන කාලයකි. වෙහෙස ඇති කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසේ. හදිසි උත්සව අවස්ථාවක් යෙදෙන බවක් පෙනේ. නිතර හමුවන කෙනෙකුගෙන් කරදර සහිතයි. සතිය මැද කාලයේදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

ඥාතියකුගේ ගැටලුවක් වෙනුවෙන් මැදිහත් විමට හේතු යෙදෙන කාලයකි. විදෙස් ගත වූවකුගෙන් උපකාර හිමි කරන සතියකි. සති අන්තයේදි දේපල ගැටලුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවෙයි. නිතර ආගමික සහන පතන බවක් පෙනේ.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.