සැප්තැම්බර් 17 සිට 23 දක්වා

සැප්තැම්බර් 17, 2021

මේෂ- විදෙස් හිමිකම්

විශේෂ සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් ගත කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථාන වලයි. නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන සතියකි. කරන කියන කටයුතු වලට පවුලේ අයගෙන් උදව් උපකාර හිමිකරයි.

සහෝදර පක්ෂය සමඟ ඇතිවන ගැටලුවක් සමතයකට පත් කර ගැනීමට හැකිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. විදෙස් හිමිකම් වලට ඉඩ ඇති කාලයකි. සති අන්තය වන විට දී රැකියාවේ ගැටලු සහගත බවක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

සිංහ -අමතර ලැබීම්

අසහනකාරී සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර විවේකය අඩුවන සතියක් වන අතර පවුලේ කෙනකු සමඟ බහින් බස්වීමක් ඇති කරගන්නා සතියකි. නිවසට යන එන අය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අමතර ලැබිම් වලට ඉඩ ඇති බවක් පෙනේ. මෙතෙක් හිමිවන්න තිබූ මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී ආහාර විෂ වීමක් හෝ සමේ ආබාධයක් ඇති විය හැකි කාලයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ.

අය 07 - වැය 06

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

ධනු -සිතේ පීඩා

මෙතෙක් පැවැති අසහනකාරී බව මග හැරී යමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා ගතේ සිතේ පීඩා ගෙන දෙන සතියකි. ලේ විෂ වීමක් හෝ ඇගේ පලු දැමීමක් හේතුවෙන ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. රැකියාවට අමතර ආදායම් මාර්ග හිමිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

රහසිගත ගමනකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. සති අන්තයේදී අඹුසැමි මතභේදකාරී බවක් මග හැරී යන ලකුණු පෙන්නුම් කරයි. නොසිතූ ලෙස පවුලේ අයගේ විවේචනයට ලක් වන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ- ඥාතියකුගේ දුරස්වීමක්

අතමිට මුදල් අඩුපාඩුකම් ඇති වන සතියක් වන අතර මේ සතියේ වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11 යන භාවස්ථාන වලයි. කලකින් නොදූටු හිතවතකු හමු වීමට මග සැලසෙන සතියකි. මෙතෙක් කර ගෙන ආ කටයුතු කීපයක් අතරමග නවතා දැමීමට සිදුවෙයි. සිත් කලකිරීම් ඇති වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ ළඟම ඥාතියකුගේ දුරස් වීමක් සිදුකරයි. හදිසි දේපල ගනුදෙනුවක් සිදුවිය හැකි කාලයකි. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. සෙම් රෝග ඇති විය හැකි කාලයක් බැවින් නිතර කෑමෙන් බීමෙන් මෙන්ම ජලය සම්බන්ධ කටයුතු වලින් ද පරිස්සම් වන්න.

අය 06 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බදාදා

 

කන්‍යා -හිතවතකුගේ දුරස්වීමක්

පවුලේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේද‍ී දුර දිග සිතා බැලිය යුතු කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරන අතර හිතවතකුගේ දුරස්වීමක් ද සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේදී උරහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. නිවසේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. මව් පස ඥාතියකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති වන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

මකර -හදිසි වාහන මිලදී ගැනීමක්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි.නැතිවූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවන බවක් පෙනේ. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී හදිසි වැටීම් තැලිම් වැනි අනතුරුදායක තත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න. හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් පවුලේ ගැටලු කීපයක් මතු කරයි. දරුවකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් නොසිතූ පාඩුවක් සිදුකරයි.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මිථුන-දණහිසේ ආබාධයක්

හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසෙන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. වරින් වර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයක් වන අතර ඒ් සම්බන්ධ කටයුතු වලට නිවසින් පිට වාසයටද සිදුවන කාලයකි.

පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදී නිතර හට ගන්නා දණ හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂිතයන්‌ට සුබදායක කාලයක් වන අතර ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවකට වැඩිහිටි ආශිර්වාදය හිමිකරයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

තුලා -දරු ලාභ හිමිකම්

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර ආදායම් මාර්ග හිමි වුවත් ඒ්වා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි‍. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. අලුත් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මග සැලසේ.

මව්පිය උරුමයක් වෙනුවෙන් පැවැති නීතිමය ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි.

දරු ලාභ හිමිකම් ඇති අයට සුබදායක සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

කුම්භ -දණහිසේ ආබාධයක්

නිතර ඇවිදිලි ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. පැරණි හිතවත්කමක් අලුත් වීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. දවසින් වැඩි කාලයක් දරුවකුගේ කටයුතු වෙනුවෙන් යෙදවීමට සිදුවේ. නිතර අසල්වැසියක් පිළිබඳ විමසිලිමත් විය යුතු කාලයකි. පවුලේ කෙනකු සමඟ හදිසි ගනුදෙනුවක් සිදුකර ගැනීමට මග සැලසේ. මෙතෙක් අමනාපයෙන් සිටි කෙනෙකු සමඟ මිත්‍ර වීමට අවස්ථාව සැලසෙන සතියකි. සති අන්තයේදී වරින් වර ඇති කරන දණ හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

කටක -විවාහ යෝජනාවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතිය ආරම්භය සුබදායක වෙයි. මේ සතියේ සඳු ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථාන වලයි. මෙතෙක් පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මග සැලසෙන සතියකි. හදිසි විවාහ යෝජනාවක් සිදුකරන කාලයක් වන අතර පවුලේ අයගේ පැසසුමට ද ලක් වන බවක් පෙන්නුම් කරයි. මව්පිය උරුමයකට හිමිකම් ඇති කරයි. අමනාප ව‍ු හිතවතකු සමඟ මිතුරු වීමට මග සැලසේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට මග සැලසේ. සතිය මැද කාලයේදී හදිසියේ හට ගන්නා මූත්‍ර ආබායකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - රෝස

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික-අජීර්ණ ආබාධයක්

අවිවේකී ලෙස උදාවන මේ සතියේ වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ වගකීම් කීපයක් තමා පිට පැවරෙන සතියක් වන අතර ගත සිත වෙහෙසා කරන කටයුතු ද අධික කරයි. ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටින අයකු නම් හදිසි පෙම් සබඳතාවයකට මග සැලසෙන බවක් පෙන්නුම් කරයි.

දේපල ගනුදෙනුවක් හේතුවෙන් අමතර මුදල් වැය වීමක් සිදුවීමට ඉඩ ඇත.

සතිය මැද කාලය වන විටදී වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයක් හේතුවෙන පීඩා විදින සතියක් වන අතර කෑමෙන් බීමෙන් ද පරිස්සම් විය යුතු බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන- සැලසුම් වෙනසක්

අලුත් කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. රැකියාවට අමතර කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියක් වන අතර අලුත් රැකියා ලාභ පෙන්නුම් කරන කාලයකි. නිතර පදිංචි ස්ථානයෙන් පිට කටයුතු කීපයකට සම්බන්ධ විමට කටයුතු යෙදෙන සතියකි. සතිය මැද කාලයේදී දරුවකුගේ කටයුතු හේතුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවක් පෙනේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවන බවක් පෙනේ. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.