සැප්තැම්බර් 24 සිට 30 දක්වා

සැප්තැම්බර් 24, 2021

මේෂ-ගුප්ත කටයුතු වලින් පිහිට

අවිවේකී උවත් මේ සතිය ආරම්භයේදි කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන සතියක් වන අතර මේෂ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 1,2,3 යන භාවස්ථාන වලයි. මෙතෙක් ප්‍රමාද කරමින් සිටි තීරණ කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන බවක් පෙන්නුම් කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දක්වන කාලයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විම වැදගත් වේ. පවුලේ කෙනකුගේ අසනීප තත්වයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරන අතර නිතර වෛද්‍ය උපදෙස් පැතීමට ද සිදුවෙයි. වරින් වර ගුප්ත කටයුතු වලින් පිහිට පතන කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරි වීම වැදගත් වේ .

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

සිංහ - ඉඩම් ගනුදෙනුවක්

පවුලේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා කැපකිරීම් කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියක් වන අතර පවුලේ අය අතර බහින් බස්විම් ද ඇති කරයි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් පසු වන සතියකි. වගකීම් කීපයක් පැහැර හැරීමක් සිදුකරයි. සතිය මැද කාලය වන විටදී ශාරීරික වෙහෙසීම් වැඩි වන අන්දමේ කටයුතු කීපයක් සිදුවිමට ඉඩ ඇත. ඉඩම් ගනුදෙනුවකට මග සැලසෙන සතියකි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන බවක් පෙනේ. පිය පස ඥාතියකුට අපල සහගත කාලයකි.

අය 07 - වැය 08

ජය අංකය - 09

ජය වර්ූණය - දම්ි

සුබ දවස - බදාදා

 

ධනු -දේපල ගැටලුවක් නිරවුල්

හදිසි කටයුතු කීපයකට අත ගැසීමට මග සැලසෙමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ සතුට සමාදානයට මග සැලසෙන සතියකි. මෙතෙක් කර ගෙන ආ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකිවෙයි. දරුවකුගේ කටයුත්තක් හේතුවෙන් සතුටට පත්විය හැකි කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. දේපල ගැටලුවකට නීති පිහිට පැතීමට සිදුවේ. සතිය මැද කාලය වන විටදී වරන් වර ඇති කරන කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස අත් කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ- අමතර ආදායම්

සැනසිලිදායක ලෙස ආරම්භ වන මේ සතියේ වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 12,1,2 යන භාවස්ථාන වලයි. වෙළඳ ව්‍යාපාරයක් පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයක් වන අතර, හදිසි තීරණ ගැනීමෙන් වැළැකී සිටීම යහපත් වන බවක් පෙන්නුම් කරයි. තමා‌ගේ කලබලකාරී ගතිපැවැතුම් අසල්වැසි සබඳතාවයක් බිඳ වැටීමට හේතු ඇති කරයි‍. සතිය මැද කාලය වන විටදී අමතර ආදායම් මාර්ග හිමිකරන කාලයක් බැවින් ඒ් පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් වේ. අලුත් සබඳතා ඇති වන කාලයක් වන අතර දුර ගමන් වලින් වැළැකී සිටීම යහපත් බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා -හිතවත්කම් අලුත් කරයි

විශේෂ ආදායමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 8,9,10 යන

භාවස්ථාන වලයි. දරුවකුගේ කටයුතු නිසා වගකීම් බහුල කරන සතියකි. පැරණි හිතවත් කමක් අලුත් වන ලකුණු පෙන්නුම් කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු වන කාලයකි. දරුලාභ අපේක්ෂාවෙන් සිටි අය වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලය වන විටදී ළඟම හිතවතකු සමග මුදල් ගනුදෙනුවකට මග සැලසේ. යටපත් වූ දතක අමාරුවක් නැවත මතු විය හැකි කාලයක් බැවින් වෙනදාට වඩා කෑමෙන් බිමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ.

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර -කොන්දේ අමාරුවක්

අවිවේකී ලෙස උදාවන මේ සතියේ ඔබේ ලග්නයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භවස්ථාන වලයි. පවුලේ වැඩිහිටියකුගේ සනීපකාරී බවක් හේතුවෙන යොදාගත් වැඩ පිලිවලක් වෙනස් කිරීමට සිදුවේ. තැන තැන ඇවිදිලි ඇති කරන සතියකි. හදිස්සි කටයුත්තකට අත ගැසීමෙන් වැඩිහිටි දෝෂාරෝපණයකට ලක් කරයි. යටපත්වූ කොන්දේ අමාරුවක් නැවත මතු වීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු වලදි පරිස්සම් වන්න. එමෙන්ම මුදල් ගනුදෙනු සම්බන්ධව ද කල්පනාකාරී විය යුතු සතියකි. සති අන්තයේදී හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවිය හැකි බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරි වන්න‍ .

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

මිථුන-නොසිතූ පාඩුවක්

පැවැති අවිවේකී බව මග හැරී යමින් පවතින මේ සතියේ සඳු ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථාන වලයි. වරින් වර පැවැති තීරණ කීපයක් වෙනස්කිරීමට සිදුවන සතියක් වන අතර පවුලේ කටයුතු වලදී වැඩිහිටි සහය පැතීම ද වැදගත් කරයි. නිතර සිතේ කනස්සල්ලෙන් කටයුතු කරන කාලයකි‍.

අත්වැරදීමක් හේතුවෙන් නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී වැරදි අවබෝධයක් හේතුවෙන් සහෝදරයන් අතර පැවැති මතභේදකාරී බවක් මග හැරීයන ලකුණු පෙන්නුම් කරයි. මුදල් ගනුදෙනු වලදී වෙනදාට වඩා කල්පනාකාරි වියයුතු සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - ඉරිදා

 

තුලා -ගේ දොර අලුත් වැඩියාවක්

ලැබිම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. වරින් වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. දරුවකුගේ අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර මුදලක් වැය කිරිමට සිදුවේ. විදෙස් ලැබීම් වලට හිමිකම් ඇති කාලයකි. සතිය මැද කාලය වන විටදී හදිස්සියේ හට ගන්නා මූත්‍ර ආබාධයක් හේතුවෙන් පීඩා විදින බවක් පෙන්නුම් කරයි. ගේ දොර අලුත් වැඩියාවක් කෙරෙහි සිත යොමු කරන කාලයකි. නොගැලපෙන ඇසුරකට සිත යොමුවීමෙන් පවුලේ අය අතර මත භේදකාරී බවක් ඇති කරයි. නිතර පින‌ට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

කුම්භ - ගනුදෙනුවකින් නිදහස්

අවිවේකී අන්දමින් උදාවන මේ සතියේ සඳුගේ ගමන 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති සතියකි. නිතර දුර ගමන් ඇති වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. කල්ගතවූ ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි. එමෙන්ම පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි කාලයක් වන අතර පවුලේ ගැටලු කීපයක් දුරදිග යන බවක් ද පෙන්නුම් කරයි. නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු කරන බවක් පෙනේ. සතිය මැද කාලය වන විටදී වාහනයක ගැටලුවක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. වෙනදාට වඩා දුර දිග බලා ක‌ටයුතු කරන බවක් පෙනේ.

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

කටක -ව්‍යාපාර ලාභ

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. පවුලේ වැඩිහිටියකු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු කළ යුතු බවක් පෙනේ.

වෙළඳ ව්‍යාපාර වලින් සරු ආදායම් ලැබෙන කාලයක් වන අතර නිතර ඇති වන දුර ගමන් වලින් වැළැකී සිටීම යහපත් කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. සති අන්තයේදී වරින් වර ඇති කරන උගුරේ අමාරුවක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික-රැකියාවේ වගකිම් බහුලයි

හදිසි ආධායම් කීපයක් මගහැරී යන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් ගෙන තිබූ තීරණ කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරන සතියක් වනඅතර නිතර ඇවිදිලි වැඩි කරන කාලයක් බව ද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී විදෙස් ගත හිතවතකුගේ පැමිණීමක් සිදුකරයි. මෙතෙක් පැවැති අසනීපකාරී ගතියකින් සුවය ලැබීම් භාග්‍ය උදා කරයි. නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 05

ජය වර්ූණය - රතු

සුබ දවස - සඳුදා

 

මීන- ආගමික සැලසුමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. යන එන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතිය ආරම්භයත් සමඟ පවුලේ කෙනකුගේ අසනීපයක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවන බවක් පෙනේ. රැකියා ස්ථානයේ කටයුතු අධික වන බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. සතිය මැද කාලයේදී වරින් වර ඇති කරන පාදයේ වළලුකර ආශ්‍රිත ආබාධයකින් පීඩා ඇති කරයි. අමතර ලැබීම් ඇති කරන කාලයක් බැවින් ගනුදෙනු වලදී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙනේ.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.