ඔක්තෝබර් 15 සිට 21 දක්වා

ඔක්තෝබර් 15, 2021

මේෂ- අලාභයක් මගහැරේ

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ මේ සතියේ සඳු ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථාන වලයි. පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන සතියකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි ආධායම් මාර්ගයක් සැලසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ.තමාට වෙන්න ගිය අලාභයක් මගහැර‍ී යන අතර හදිසි කටයුතු වලට අත ගැසීමෙන් වැළැකී සිටිය යුතු කාලයකි. සති අන්තයේදී යටි බඩේ ආබාධයක් හට ගැනීමෙන් තමාට අසීරුතාවයක් ඇති කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

සිංහ -පාදයේ ආබාධයක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගනිමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන වලයි. පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මග සැලසෙන සතියකි. හදිසි දේපල ගනුදෙනුවක් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් මෙන්ම කල්පනාකාරීව කටයුතු කරන්න. මව් පස ඥාතියකූ වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන කාලයකි. හදිසි වී කටයුතු කීපයකට අත ගැසීමෙන් පාඩු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. පාදයේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

ධනු -දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක්

යොදාගත් සැලසුමක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4,5 වන භාවස්ථාන වල ගමන් කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යොදවන බවක් පෙනේ. ඒමෙන්ම ගේ දොර අලුත්වැඩියාවකට ද සැලසුමක් සකස්කර ගන්නා කාලයකි.

දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙනේ. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ- ආගමික සැලසුමක්

යොදා ගත් සැලසුමක් වෙනසකට ලක් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන වලයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු සතියක් වන අතර පවුලේ අය අතර විවිධ ගැටලු වල‌ට ද මුහුණ පෑමට සිදුවෙයි. එමෙන්ම වැඩිහිටි සිත් අමනාපයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. ණය ගනුදෙනුවක් සම්බන්ධ අවහිරතා කීපයක් මග හැරී යන සතියකි. වෙනදාට වඩා යන ඒන ගමන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. සතිය මැද කාලයේදී ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලට සම්බන්ධ ඥාතියකුගේ දුරස්වීමක් සිදුකරන කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - ලා දමි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා -සහෝදර මතභේදයක් මගහැරේ

නීති ගැටලුවකට මැදිවෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 වන භාවස්ථාන වල ගමන්කරයි. පවුලේ වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරෙන සතියකි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසෙන අතර අලුත් ව්‍යාපාර කටයුත්තකට ද අත ගැසීමට අවස්ථාව සැලසෙයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර මෙතෙක් ප්‍රමාදතා ඇති කළ විවාහ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තය වන විටදී කලක සිට පැවැති සහෝදර මතභේදකාරී බවක් මග හැරී යන ලකුණු පෙනේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.

අය 07 - වැය 06

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර -වගකීම් බහුල කරයි

හදිසි වියදම් කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. කලකින් නොදුටු ඥාතියකුගේ හමුවීමක් සිදුකරන සතියක් වන අතර ඥාති සංග්‍රහයකට ද කටයුතු සිදුකරයි.වගකීම් බහුල සතියකි. සතිය මැද කාලය වන විටදී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු කරයි.

මෙතෙක් බාධා ගෙන දෙමින් පැවැති විවාහ යෝජනාවකට මව්පිය ආශිර්වාදය හිමිකරයි. හදිසිවී ගන්නා තීරණයක් හේතුවෙන් නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදුවේ. සති අන්තයේදී නොසිතූ ලෙස තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුත්තක් යෙදෙනු ඇත.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

මිථුන-මූත්‍ර ආබාධයක්

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථාන වලයි. තමා ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවහිරතා කීපයක් මග හැරී යන බවක් පෙන්නුම් කරයි.

සතිය මැද කාලය වන විටදී තමාට හදිස්සියේ හට ගත්නා මූත්‍ර ආබාධයක් හේතු වෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වාහන අලුත් වැඩියාවක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් ගත කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සදුදා

 

තුලා -වාහන ගනුදෙනුවක්

අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ ණය ගනුදෙනුවක් හිමි වන ලකුණු පෙන්නුම් කරයි. නිතර දුර ගමන් යෙදෙන අතර වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. චර්ම ගත ආබාධයක් හේතුවෙන් පීඩා විඳින සතියකි. පවුලේ කෙනකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. හදිස්සියේ වාහන ගනුදෙනුවකට අත ගැසීමට කටයුතු සැලසේ. නිතර නිතර තමා සොයාගෙන ඒන මිතුරකු නිසා පවුලේ අය අතර නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්ª

සුබ දවස - සඳුදා

 

කුම්භ -තැන්පත් ධනය වැයවීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථාන වලයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අතර පවුලේ කෙනකුගේ දුරස්වීමක් ද සිදුවීමට ඉඩ ඇත. කලබලකාරී ගතිපැවතුම් නිසා නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි.

හදිස්සියේ ඇතිවන පාදයේ ආබාධයක් හේතුවෙන් යොදා ගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. සතිය මැද කාලය වන විටදී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩඇත. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

කටක - සෙම් රෝග බහුලයි

සුබදායක ලෙස සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 7, 8,9,10 යන භාවස්ථාන වලයි. වෙනදාට වඩා අත මිට මුදල් ගැවසෙන සතියකි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. අත පසු වූ කටයුතු කීපයක් නැවත ආරම්භකර ගැනීමට කටයුතු සැලසේ. හදිසි ලාභ හිමි කරන සතියකි. හිතවතකුගේ පැමිණීමක් හේතුවෙන් කටයුතු වල වෙනසක් සිදුකරයි.

සෙම් රෝග බහුල කාලයක් බැවින් ජලයෙන් මෙන්ම කෑමෙන් බීමෙන් ද පරිස්සම් විය යුතු බවක් පෙනේ. සති අන්තයේද‍ි මව් පිය උරුමයක් පිළිබඳ පැවැති ගැටලුකාරී බවක් නිරවුල් කර ගැනීමට මග සැලසේ.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘශ්චික-හදිසි ලැබීමක්

අවිවේකී ලෙස සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 3,4,5,6 භාවස්ථාන වලයි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන අතර පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගෙන කටයුතු කිරීමටද සිදුවේ. පොත් පත් ලිපි ලේඛන කටයුතු පිළිබඳ අමතර කාලයක් වැය කරන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු කාලයකි. මෙතෙක් යටපත්ව තිබූ අතක වේදනාවක් නැවත මතු කරයි. අඹුසැමි සුහදතාවයට හේතු සැලසෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති සතියකි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - ඉරිදා

 

මීන- නීති ගැටලුවක්

වරින් වර ශාරීරික අපහසුතා මතු කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 11,12,1,2 භාවස්ථාන වලයි.

මෙතෙක් ප්‍රමාදතා සිදුකළ ණය ගනුදෙනුවකින් නිදහස් වීමට කටයුතු සැලසෙන අතර අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට ද අවස්ථාව උදා කරයි. මේ සතියේ තමාට නොසිතූ අලාභ කීපයක් ද සිදුවීමට ඉඩ ඇත. වැඩිහිටි අවවාද උපදෙස් මත කටයුතු කිරීම වැදගත් වන සතියකි. වෙනදාට වඩා වියදම් පක්ෂය වැඩි වන බවක් පෙන්නුම් කරයි. සති අන්තය වන විටදී නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

අය 05 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.