දෝෂ නැති නිවසක් හදමු

පෙබරවාරි 15, 2019

මිනිසත් බව ලැබූ අප සතුව සියලු දෙනාටම බාහිර කරදර සහ මානසික අසහනයකින් තොරව සැනසීමකින් ජීවත් වීමට නිවසක් අවශ්‍යයි. ජීවිත කාලය තුළ තමාගේම කියා නිවසක් ඉදිකිරීමට අවස්ථාවක් එළඹීම භාග්‍යයකි. එසේ සාදා ගන්නා නිවසේ වසන කෙනෙකුගේ සියලුම ජීවිත කටයුතු එම නිවස හේතු කොට ගෙන සිදුවේ.

එම නිසා නිවසක් තනන විට එම නිවස වාස්තු දෝස රහිතව තැනිය යුතු බව ලොවට වදාල ඉසිවරයන් ඒ සඳහා වාස්තු විද්‍යා න්‍යාය පද්ධතියක් ප්‍රකාශ කර ඇත.

වරින් වර කඩා දමමින් යළි ඉදිකරමින් කිහිප වරක් වියදම් කිරීමටත් ශ්‍රමය කැප කිරීමටත්, කිසිවකු කැමති නැත.එම නිසා කළ යුතු වන්නේ ආරම්භයේ සිටම මනා සැලසුමකින් යුක්තව නිවැරදි ආකාරයට නිවස ඉදිකර ගැනීමයි. මේ සඳහා ඡ්‍යොතිෂ හා වාස්තු ශිල්පය මැනවින් දත් ශාස්ත්‍රඥයකුගේ මග පෙන්වීම අතිශය වැදගත්වේ.

තම තමන්ගේ හිතුමතයට යමින් වාස්තු විද්‍යාඥයකුගේ මැදිහත් වීමකින් තොරව ඉදිකරනු ලබන නිවස විවිධ දෝෂ මතු කරමින් ජීවිතය තීරණය කරනු ලබයි. එවැනි නිවෙස්වල ජීවත්වන අයගේ රැඳී ඇත්තේ සාමය නොව පවුලේ සියලු සාමාජිකයන් එකිනෙකා නුරුස්නා ස්වභාවයයි. එසේ නැතහොත් තමන් හරි හම්බ කරනා මුදල් නිරපරාදේ වැය වීමෙන් විවිධ කරදරවලට මුහුණ පාන්නට සිදුවනු ඇත. මේ අතර හදිසි අසනීපවලට ලක්වේ. නිවෙස තුළ සීදේවිය වෙනුවට මූදේවිය අරක් ගනී.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී / වාස්තුවේදී

තුෂාරා වික්‍රමසිංහ

0771268646

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.