ධන සම්පත්වල උරුමය ඔබටත් තිබේද?

මාර්තු 8, 2019

යම්කිසි පුද්ගලයෙකුගේ ධන සම්පත් පිළිබඳව පැහැදිලි හා නිවැරදි අනාවැකියක් ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රයෙන් පැවසිය හැකිද?

ඔව්. ඉතාමත්ම පැහැදිලි හා නිවැරදි අනාවැකියක් පවසන්න පුළුවන්.

වර්තමාන සමාජය දෙස අප අවධානය යොමුකිරීමේදී අද සියල්ලම මුදල් මතම තීරණය වන සමාජයක් බවට පත්වී තිබෙනවා. අද වන විට ජීවත්වීම සඳහා මුදල් අත්‍යවශ්‍ය අංගයක් වී හමාරයි. එහෙත් සමාජයේ එක්තරා කොටසකට යහමින් තිබෙන්නත්, තවත් කොටසකට තම යැපීම සඳහා පමණක් සාමාන්‍ය ලෙස මුදල් තිබෙන්නත්, තව කෙනෙකුට ජීවත්වීම සඳහාවත් මුදල් නොමැතිවීමත් යන කාරණා ඡ්‍යොතිෂයේදී විග්‍රහ කරන්නේ කෙසේද?

ඔව්, අපට ඡ්‍යොතිෂයේදී මේ මුදල්මය ශක්තිය නැත්නම් ධනය කියන කාරණය පිළිබඳව ඉතාම පුළුල්ව විමසා බැලීමේ හැකියාව තිබෙනවා. සමාජයේ හොඳින් ජීවත්වීමට මුදල් අවශ්‍ය වෙනවා. ඒ තරමටම මුදල මත සියල්ල තීරණයවීමේ සමාජ ප්‍රවණතාවයක් තිබෙනවා. මුළු ලෝකයම ගත්තත් තත්වය එයයි. අධ්‍යාපනය ලබා උසස් රැකියා ආදිය කළද අවසානයේ සියල්ලෝම මුදල් ඉපැයීීමේ තරගයට එක්වෙනවා. මෙය හැමදෙනාටම පොදු කරණයක්. නමුත් ධනවතෙකුවන්නට උත්සාහයම ප්‍රමාණවත් වෙන්නේ නෑ. උත්සාහය, උනන්දුව හා කැපවීම කියන්නේ අත්‍යවශ්‍ය සාධක වුණත් ධනවත්වීම සඳහා තම ජන්ම පත්‍රය නැතිනම් හඳහන තුළ ධන යෝග තිබිය යුතුයි. එවිට මම ඉහත සඳහන් කළ උත්සාහය ,උනන්දුව මත ඒ සඳහා ළඟාවිය හැකියි. මෙය පූර්ව කර්ම ශක්තිය අනුව ඒ මත සිදුවන අතර එය හඳහන මඟින් අපට මනාවට පැහැදිලි කර ගැනීමේ හැකියාව තිබෙනවා. ධනවත්කම ගැන කතා කිරීමේදී ලොව හැම කෙනෙකුගේම ඒකායන අපේක්ෂාව මෙන්ම බලාපොරොත්තුවද ධනවත්වීම කෙරෙහිය. එය මිනිස් ස්වභාවයයි. ඊට හේතු වන්නේ විවෘත ආර්ථිකය පවත්නා රටක ජීවත්වීමට ධනය හෙවත් මිල මුදල් බෙහෙවින් අවශ්‍යය විමයි. සියල්ල මුදල් මතම තීරණය වන සමාජයක අපට මුදල් නොමැතිව කිසිවක් කරගත නොහැකිය යන නිගමනයෙහි පිහිටා හැම කෙනෙකුම කටයුතු කරනවා, එය තමයි ස්වභාවික යථාර්ථය වන්නේ.නමුත් අපට සියල්ල මුදලින්ම කළ නොහැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවත්වෙමින් අරපිරිමැස්මෙන් හා අවම සම්පත් භාවිතය තුළින් ජීවිතය ගෙනයාම හා ලද දෙයින් සතුටුවීමට හුරුවීම අප කොයිකාටත් ඉතා අගනේය. ඒ කෙසේ වෙතත් මේ සමාජයේ ඉතා ඉහළින් ජීවත්වන්නේ නිර්මාණකරුවාවත්, පොහොසතාවත්, ගුණවතාවත් නොව ධනවතාවය. ඒ උනන්දුව, උත්සාහය වගේම පෙර කළ පිං මත හඳහනේ පිහිටි වාසනාවන්ත ග්‍රහ පිහිටීම් නිසා ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී බණ්ඩාරගම,

සම්පත් එස්.කල්පගේ

0382256020/0772753100

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.