නිවසේ ඉදිරිපස

මාර්තු 15, 2019

පරිසරය රැකගන්න

නිවසක ආකර්ෂණීය පෙනුම හා හැඩය බොහෝදුරට එහි ඉදිරිපසින් පෙන්නුම් කෙරේ. ඒ සඳහා නිවැරදි වාස්තුව හා සිත් ඇදගන්නා පරිසරය නිවස ඉදිරිපස තිබිය යුතුය. නිවස ඉදිරිපස අඳුරු ස්වභාවය, කසළ ගොඩවල්, මඩ හා ජලය රැඳි වළ ගොඩැලි, රෙදිවැල්, මැරී ගිය දිරපු ගස් වර්ග,අත්හැරදැමූ පැරණි නිවසක් හෝ බිත්ති අත්තිවාරම් කොටසක්, මේ ආදි නොයෙකුත් අසුබ වූ අනවශ්‍ය දේ තිබීමෙන් නිවස හිමියාට දියුණුවට බාධා ගෙනදීම ස්වභාවයෙන්ම සිදුවේ.

විශේෂයෙන් ලෙඩදුක් නිතර ඇතිවීමත් සම්පත් හීනවීමත් නිසා ජීවිතය අතිශයින් කටුක තත්වයට පත්වේ. එම නිසා නිවස ඉදිරිපස ඉහත කී අසුබ දේවලින් තොරව පරිසරයට පිරිසුදුව තබා ගැනීමත් ආකර්ෂණීය තත්වයට පත් කර ගැනීමත් අනිවාර්යයෙන් සිදුවිය යුතු අතර එය වාස්තුමය ක්‍රියාවලියක්ද වන්නේ ය.

කෙසේ නමුත් පුරාණ පඬිවරුන් පෙන්වා දෙන පරිදි නිවසක නිර්මාණය බොහෝදුරට මනුෂ්‍යයාට හිතකර පරිදි සකස් විය යුතු ආකාරය වාස්තු ගැළපීම් ඒ ඒ අංශවලට නියම කර ඇත. ඒවාට විරුද්ධව පිටුපා නිවස ඉදිකිරීමෙන් සිදුවන අනර්ථකාරී විපත් කරදරද පෙන්වා දී ඇත. නිවස ඉදිකරන බිම් කොටස භූමිය සකස්වීම, කළ යුතුවත් පිළිවෙත්,ඉඩමේ පිහිටීම, සුබ අසුබ ලක්ෂණ, නිවාස සැලැස්ම, වර්ගඵලය, දිසාගත කිරීම, වහලය නිර්මාණය, උළුඅහු ජනෙල් තැබීම, විපත් ගෙන දෙන මර්මස්ථාන, නිදන කාමර, මුළුතැන්ගෙය, සාලය , ළිඳ, වැසිකිළිය, නාන කාමර, වැසිකිළිවළ, පෝරණුව මේ ආදි නිවසක බොහෝ කොටස් නිවැරදිව සකස් විය යුතු ආකාරය පඬිවරුන්ගේ පැරණි පොතපතේ පෙන්වා දී ඇත. ඒ අනුව මා මෙම ලිපියෙන් පෙන්වාදෙනු ලබන්නේ නිවසේ ඉදිරිපස වාස්තු විද්‍යාවට අනුකූල ලෙස සකස්විය යුතු ආකාරය හා ආකර්ෂණීය ඉදිරිපස පරිසරය සම්බන්ධවයි.

නිවසේ විහිදීම අනුව ඉදිරිපස

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර්වේදී ජේ.ගුණපාල හොරණ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.