පුරාතන වාස්තු ශාස්ත්‍රය හා නූතන වාස්තු විද්‍යාව තුලනාත්මකව

මාර්තු 22, 2019

ඉදිකිරීම් ශිල්පය පිළිබඳව යම් නියාමනයක් සපයනු වස් ගොඩනැඟුණු පුරාතන වාස්තු ශාස්ත්‍රය එවකට පැවති දියුණු ශාස්ත්‍රයන්ගේ පදනම මත වැඩී ආ බව පෙනේ. විශේෂයෙන් ඡ්‍යොතිර්ඥානය මුල්කොටගත් ආයුර්වේදය යන්ත්‍ර මන්ත්‍ර ආදි විෂයයන් සමඟ මනාව මුසුවෙමින් වැඩී ආ වාස්තු ශාස්ත්‍රයේද එකී අන්‍ය විෂයයන්ගේ සුසංයෝගී භාවිතය මැනවින් විදුමන් වේ.

නිදසුනක් ලෙස පුරාතන වාස්තු ශාස්ත්‍රයේ එන “ඒකාදශ පොරොන්දම” ඡ්‍යොතිර්විද්‍යාවේ එන නැකත් පිළිබඳ අවධාරණය කිරීමක් දක්නට ලැබෙනවා සේම ආයුර්වේදයේ එන ත්‍රිදෝෂය වන වාත, පිත්ත, කප (සෙම්) ඡ්‍යොතිර්ඥානයට වාස්තු ශාස්ත්‍රයට බැඳෙමින් වාත දෝශ සඳහා වයඹ දිශාවේ හා නිරිත දිශාවේ දෝෂත්, පිත් දෝෂ සඳහා ඊශාන දිශාවේ හා ගිනිකොණේ වාස්තු දෝෂත්, සෙම් දෝෂ සඳහා ඊසානයේ හා මධ්‍යයේ දෝෂත් බලපාන බව දක්වා තිබේ.

ඡ්‍යොතිර්විද්‍යාවේ පුරාතන ගණිතමය ප්‍රවේශයෙන් සැකසු ආර්යභට්ට, භාශ්කර ආදි ආචාර්ය පරපුරක් විසින් දැන විග්‍රහකොට භාවිතයට උදිත පරිදි යොදාගත් බොහෝ සංකල්ප බටහිර විද්‍යාවේ ඉදිරිපත් කළ සිද්ධාන්තවලට වඩා පැරණි වූ මුත් ඒ හා සමතැන් ගන්න බව පෙනේ. බටහිර විද්‍යාව කටගා ගත්තවුන් විසින් ඡ්‍යොතිෂවිද්‍යාවට එරෙහිව අසනු ලබන ප්‍රශ්නම සාවද්‍ය බව පෙන්වාදීමට නම් ඡ්‍යොතිර්විද්‍යාවේ එන මූලික සංකල්පත් මැනවින් දැන සිටිය යුතු වෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සෞම්‍යා සජීවනී පෙරේරා

පානදුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.