වාස්තු ශාස්ත්‍රය ගෙවල් කඩන සූත්‍රයක් නොවීමට නම්

අප්‍රේල් 5, 2019

වාස්තු ශාස්ත්‍රය පිළිබඳව වර්තමාන ජනයා දක්වන ආකල්පයන් දැන සිටීම සමාජයේත්, ශාස්ත්‍රයේත් මනා පැවැත්මට හේතු වේ. මේ පිළිබඳව ඇති ප්‍රධානතම සමාජයම ස්වරූපය නම් පෙරට වඩා වේගයෙන් වාස්තු විෂයය භාවිතා කරන්නන් වැඩි වී තිබීමයි.

එසේම සමහර වෘත්තිකයන් හා වෙනත් පුද්ගලයන් මෙවැනි විෂයයන් විශ්වාස නොකරන්නේ යැයි කීම අභිමානයක් ලෙස සමාජයට පෙන්වීමට වැර දරනු පෙනේ. විශේෂයෙන් ගෘහ නිර්මාණ ශිල්පීන් හා සැලසුම් ශිල්පීන් මෙසේ කීමට වැඩි රුචියක් දක්වනු පෙනෙතත් මේ විෂයය පිළිබඳ පරිනත විද්වතුන් හා නූතන බටහිර විද්‍යාව මැනවින් දන්නා භවතුන් මේ විෂයයන්ගේ පදනම සෑහෙන මට්ටමකින් අවබෝධකර ගැනීමට වැර දරන බවද පෙනේ.

කෙසේ වෙතත් අද වන විට පොදු ජනයාගේ වාස්තු ශාස්ත්‍රය කෙරෙහි ඇති නැඹුරුව අතිශය බලවත් බව මතුපිටින් සලකා බැලුවද පෙනෙන්නට තිබේ. එයට යම් පමණකින් හෝ අපේ රටේ භාවිත වාස්තු ශිල්පයන් කෙරෙහි නූතන වාස්තු විද්‍යා සිද්ධාන්ත වල බලපෑමත්, ජනමාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණයත් හේතු වී තිබේ.

මෙබඳු තත්වයන් යටතේ වුවද නිවාස ඉදිකර අවසන් භවතුන් වාස්තු ශාස්ත්‍රය දෙස බලන ආකාරයක් පිළිබඳව අපි අපේ අවධානය යොමු කරමු. තමන් තනා නිම කළ නිවහන වාස්තු ශිල්පියෙකු ලවා පරික්ෂා කිරීමෙන් යම් දෝෂයන් ගණනාවක් පෙන්වා දෙනු ලැබුවහොත් ඒවා කඩා නිවැරදි කිරීමට ඇති මූල්‍යමය අපහසුවත්, කරදරකාරි ගති ස්වභාවයත්, එසේ වෙනස් නොකර හැකි වීමෙන් වන මානසික වියවුලක් සලකා මෙම නිවස වාස්තුමය විශ්ලේෂණයකට ලක්කිරීමට අකමැති අයද ඇති බව කිව යුතුයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සෞම්‍යා සජීවනී පෙරේරා පානදුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.