රෝග සුවයට නිදන කාමරයේ වර්ණය

අප්‍රේල් 19, 2019

නිදන කාමරය නිවසක වැදගත් ස්ථානයකි. එහි ආලේප කරන වර්ණවලට නිවැසියන්ගේ ලෙඩ රෝග සුව කිරීමේ බලයක් තිබෙන බව ඔබ දන්නවාද? විද්‍යාඥයන් විසින් කරන ලද විවිධ පර්යේෂණවලින් විවිධ වර්ණ රෝග සුවය සඳහා බලපාන බව සොයා ගෙන ඇත. ඒ අනුව නිදන කාමරයේ බිත්තිවල ආලේප කරන වර්ණවලට එම කාමරයේ වෙසෙන නිවැසියන්ගේ ලෙඩ දුක් සුව කිරීමේ හැකියාවක් තිබෙන බව නූතන විද්‍යාඥයන්ගේ අදහසයි. මේ අදහස වාස්තු විද්‍යාවටද සියයට සියයක්ම එකඟ ය.

කහ වර්ණය

ස්නායුවලට බලපාන කහ වර්ණය මොළය වෙහෙසා වැඩ කරන අයට ඉතා උචිතය. සිහිමද හෝ උම්මත්තක අයට සුදුසු වන්නේ ද කහ වර්ණයයි. කහ වර්ණය කල්පනා ශක්තිය, තර්කානුකූල බව වර්ධනය කරයි. අන්‍යයන් සමඟ එකමුතුව වැඩ කිරීමට ශක්තිය ලබා දෙයි. ස්වයංපාලනය ඇති කරයි.

අධික කෝපය ඇති වන අයට ද, නිතර අමතක වන අයටද කහ වර්ණ ගැල් වූ කාමරය ඉතා සුදුසු ය. ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, චර්ම රෝග, හර්නියා,රක්ත වාත, හන්දි රෝග සමනය කිරීමේ ශක්තිය කහ වර්ණයට ඇත.

කොළ වර්ණය

කොළ වර්ණය ගැල් වූ කාමරය දියවැඩියා රෝගීන්ට නිදා ගැනීමට ඉතාම සුදුසු ය. මෙම වර්ණය පුද්ගලයාගේ චිත්තවේග පාලනය කරයි. ද්වේෂය, පලි ගැනීමේ චේතනාව දුරු කරයි. රුධිර පීඩනය පාලනය කරයි. පිළිකා සෑදීම වළකයි. කොළ වර්ණයට තුවාල සුව කිරීමේ ශක්තියද ඇත. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව සිදු කිරීමට දායක වන අතර හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීමේ හැකියාවද පවතී.

නිල් වර්ණය

නිල් වර්ණයට ඇදුම, ආමාශගත රෝග, හදවත් රෝග, ස්නායුගත ආබාධ මෙන්ම මානසික රෝගද සුව කිරීමේ හැකියාවක් පවතින බව සොයා ගෙන ඇත. නිදන කාමරයේ බිත්තිවල නිල් වර්ණය ආලේප කිරීමෙන් කුඩා ළමයින්ට සෑදෙන සරම්ප, කම්මුල්ගාය, පිට ගැස්ම, හිසරදය වැනි රෝග සෑදීමේ අවදානමද අඩු කරයි.

ප්‍රතිශක්තිය වැඩිවීමෙන් බෝවන රෝග සෑදීමේ අවදානම අඩු කිරීමටද නිල් වර්ණය ආලේප කළ කාමරයකට හැකි බව පිළිගැනේ. තවද නිල් වර්ණ ගැන්වූ කාමරයක සිටීමෙන් උගුරේ ආබාධ, කාන්තාවන්ගේ මාසික වේදනා අඩුවන අතර කෘමි සතුන් දෂ්ට කිරීම්ද අඩුවන බව සොයා ගෙන ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර්වේදී කපිල ඉන්දික ගුණදාස

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.