කෙනෙකුගේ ගතිගුණ පෙන්වන නවාංශකය

අප්‍රේල් 26, 2019

කෙනෙකුගේ ලග්න කේන්දරය මෙන්ම නවාංශක කේන්දරයද ඉතාම වැදගත් බව ඡ්‍යොතිෂ විශාරදයන් පෙන්වා දී ඇත. එබැවින් කෙනෙකුගේ ගතිගුණ කවරේදැයි උපන් නවාංශකය අනුව විමසා බලමු.

මේෂ නවාංශකය

කුජ ග්‍රහයාට අයත් මේෂ නවාංශකයෙන් උපන් අය අන් අයට කරදර හිරිහැර කරන පුද්ගලයන් වේ. මේ අය සූක්ෂම හොර මැරකම්වලට දක්ෂය. ඇස් බොර පාටය. වපරය. නිතර චර්ම රෝගවලට ලක්වේ. ඇස් පෙනීම අඩුය. වැඩට දක්ෂය. වයස අවුරුදු 12, 13, 25, 65 කාලවලදී අංගවිකල රෝග සෑදීමට ඉඩ ඇත. ඒ හේතුවෙන් සදාකාලිකවම රෝගී වීමට පුළුවන.

වෘෂභ නවාංශකය

සිකුරු ග්‍රහයාට අයත් වෘෂභ නවාංශකයෙන් උපන් අය ඉතා හොඳ කල්පනාවක් ඇති ඉගනීමට දක්ෂ බුද්ධිමත් අය වේ. සිත් වශී කරන පෙනුමක් ඇත. අලංකාර ගමනක් ඇති නිතර ඇස් පියවෙන බවක් පෙන්වන අයයි. වෙඩි වැදීම් කැපුම් කෙටුම් වැනි දේවලින් ජීවිතය හානි වීමට ඉඩ ඇත. අවුරුදු 10, 13, 32, 73 කාලවලදී අනතුරු ඇති වේ. ඒවායින් බේරුණහොත් අවුරුදු 91 ජීවත් වේ. අනංගයාට මෙන් ගති සිරිත් ඇති අතර ගැහැනු දරුවන් වැඩිපුර ලැබේ.

ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත විජේසේන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.