විපත් ගෙන දෙන නිවාස හඳුනා ගනිමු

මැයි 3, 2019

වාස්තු විද්‍යානුකූලව නිවාසවල ඇතිවන දෝෂ රාශියකි. එය විවිධ ස්වරූප, විවිධ හැඩය වැනි ක්‍රම රාශියකි. එවැනි දෝෂ කීපයක් විමසා බලමු.

නිවසක ආලෝකය, වාතාශ්‍රය නිසි පරිදි නිවස තුළට පැමිණීමට හෝ නිවස තුළ ඇතිවීමත් අඩුනම් එම නිවසේ විසීම අසීරු කරයි. එනිසා වාස්තු විද්‍යාවේ එය අන්ධක දෝෂය නම් වේ. මෙය නිවසට අවශ්‍ය පරිදි කවුළු ප්‍රමාණය නොමැතිවීම නිසා සිදුවන්නකි. වාස්තු විද්‍යාවේ මෙම දෝෂය අන්ධක දෝෂය ලෙස නම් කරන අතර එහි ප්‍රතිඵලය වන්නේ නිවැසියන්ට රෝග වැළඳීමය.

මෙවැනිම තත්ත්වයේ තවත් දෝෂයක් කාණ දෝෂය, මෙහි ප්‍රතිඵලය වන්නේ නිවැසියන් අන්ධ බවට පත්වීමට හේතුවන බවයි. මෙයද අවශ්‍ය පරිදි කවුළු නැතිවීම නිසාම සිදුවන්නෙකි.

නිවසකට අවශ්‍ය අංග නිසිපරිදි නැතිවීමද තවත් දෝෂයකි. නිවස තුළ නිදන කාමරය, කුස්සිය, වැසිකිළිය, හා විවිධ කාර්යයන් සඳහා අවශ්‍යතාවය මත නිවසක එම අංග හීනවීමද දෝෂයන් බව වාස්තු විද්‍යාවේ දක්නට ලැබ්. එම දෝෂය කුබ්ජ දෝෂය වේ.මේ නිසා නිවැසියන් කුෂ්ඨ රෝගවලට ලක්වන බව ඍෂි භාෂිතය වන්නේය.

සාමාන්‍යයෙන් අපට හැඟීයන්නේ කෙසේ හෝ නිවසක නිසි අංග නැතිවීම සෑහෙන කරදරයක් මෙන්ම පිළිවෙළත් නැති වීම එසේ මෙම දෝෂයේ ප්‍රතිඵලය බව දක්නට ලැබේ. ඒ නිසා රෝග සෑදීම මෙන්ම මානසිකව අඩුපාඩු නිසා අසහනයද ඇතිවිය හැකිය.

දික්වක්ක දෝෂය ඇති නිවසද පදිංචියට නුසුදුසු නිවසකි. මෙම දෝෂයේ ස්වරූපය වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනෙල් ඇති නිවසය. නිවසක ජනෙල් කවුළු වැඩි වූ විට ප්‍රායෝගිකව වශයෙන් වුවද ඉමහත් බාධා ගෙන දෙන්නකි. එනම් නිවසට වාතය, රශ්මිය වඩාත් ගලාගෙන එයි. දූවිලි මැසි මදුරුවන්ගෙන් හානි සිදුවෙයි. මෙනිසා පාචනය වැනි රෝග සෑදෙන බව නියත බව වාස්තු විද්‍යා නියමය වේ.

චිපිට නම් නිවස ඉතා කුඩාය. මේ කුඩා නිවාස වලින් ගෙන දෙන දෝෂය වන්නේ නින්දිත ලෙස ජීවිකාව ගෙන යාමට සිදුවීමය.

නිවසක් ඉදිකිරීමේදී එම නිවස ලස්සනට ක්‍රමවත්ව තිබීමද යහපත් බව වාස්තුවිද්‍යාවේදී සඳහන් වේ. එසේ තිබියදී නිවස ඉතා අවලස්සනට ඉදිවී තිබේනම් නිවැසියන් විවිධ හීනතාවයන්ට ලක්වන බව පැවසේ. මෙම හීනතාවය යන්න ආදායම, මෙන්ම කාගේත් නොසතුටට පත්වීම ආදිය නිතැතින්ම ඇතිවේ. මෙම නිවාස ව්‍යාංගජ නිවාස නම් වේ.

නිවසක දෙපැත්තක් උස්ව මැද පහත්වී සෑදී ඇත්නම් එම නිවස රජ නිවාසයකි. මෙම නිවසේ ප්‍රතිඵලය වන්නේ දිනෙන් දින නිවැසියන්ට ආර්ථිකය හීනවීමය එනම් දිළිඳු බවට පත්වීමය.

දිග අඩු නිවස කුටිල නිවාසයක් බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. මෙම අඩුපාඩුව නිසා වන ප්‍රතිඵලය වන්නේ නිවැසියන් විවිධ විනාශයන්ට භාජනය වීමය.

වාස්තු විද්‍යානුකූල නිවාස වර්ගයන්ගේ සංඛපාල නිවාසයක ස්වරූපය වන්නේ අංග හීන වීම, කණු හීන වීමය. මෙහි ප්‍රතිඵලය වන්නේ නිවැසියන් අවලස්සනට පත්වීම බව සඳහන් වේ. මෙම නිවාසයක පදිංචි අයගේ මානසිකව පෙළෙන තත්ත්වයෙන් සිටීම විය හැකිය.

ඉඩකඩ නිසි ලෙස කාමර හිඟවූ විට එම ගෙවල්වල අය විවිධ අපහසුතාවයන්ට ලක්වීම නිසා මෙසේ වන බව දක්නට ඇති අවස්ථා ඇතිවේ. එබැවින් මෙම දෝෂයද සිදුවිය හැකිය.

නියමිත දිසාවන්ට ගැලපෙන පරිදි නිවස නොවීම නිසා නිවසේ දරුවන්ට විපත් ගෙන දෙයි. මෙම නිවස විකට නිවස ලෙස නම් කර ඇත.

නිවසක පැත්තක් විශාල ලෙසට දිස්වන පරිදි අඩුවීමද නිවැසියන්ට ......නැතිවීම් ඇති කරයි. එනම් ශුන්‍ය බවයි. විවිධ අවස්ථාවන්හි කරන කියන කාර්යයන්ගේ අසාර්ථකත්වය මෙයින් දුලබවීම ස්වභාවිකය. මෙවැනි නිවාස කංක නිවාස ලෙස නම් ලබා ඇත.

නඟුලක හැඩයට සහිත හැඩයක් ඇති නිවාස කෛංකර නිවස නම් වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ නිවැසියන් දිළිඳු බවට පත්වීමය. එමෙන්ම එම නිවාසවල වසන ස්ත්‍රීන් හානියට පත්වීමද සිදුවේ.

 

ඡ්‍යොතිර්වේදී, වාස්තු විද්‍යා විශාරද
රත්නදේශපි‍්‍රය
අමරසූරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.