බුදුදහම සහ වාස්තු විද්‍යාව

මැයි 17, 2019


ඉපැරැණි වාස්තු ශාස්ත්‍රය වර්තමානයේ වාස්තු විද්‍යාව නමින් භාවිතා වන්නේ එදා වාස්තු ශාස්ත්‍රයෙන් ලත් මඟපෙන්වීම මත ක්‍රමයෙන් දියුණු වූයේ සැමට අවශ්‍යම විද්‍යාවක් ලෙසය. ඒ නිවසක තිබෙන අවශ්‍යතාව ඉමහත් බැවිනි. ඒ සමඟ එයටත් වඩා අප කාටත් මෙලොව පරලොව දෙකටම අවශ්‍ය වූ බුදුදහම ඉතාමත් අවශ්‍යයි.

මේ අවශ්‍යතාවය වඩාත් දැනෙන්නේ නිවසට පන්සලත්, පන්සලට නිවසත් අවශ්‍යම නිසාමය. ඒ නිසාම ඉපැරැණි වාස්තු විද්‍යාවේ නිවස පන්සලක් පවත්වාගෙනයාමට අතිශයින්ම අවශ්‍ය බව ඍෂිවරුන්ම පෙන්වා දී ඇත.

පළමුව ගෘහමූලික ප්‍රධානි අය මනා ගුණවත්ව යහපත් කෙනෙකු විය යුතුය. එබැවින් ඒ පිළිබඳ පහත ශ්ලෝකය සනාථ කරයි. එමෙන්ම බුදුදහම සහ වාස්තු විද්‍යාත්මක කරුණු ගැළපීමක් ඇති බැවින් ඒ දහම හා මෙම විද්‍යාවේ අඛණ්ඩ සබඳතා වෙන්කළ නොහැකි මනා සබඳතා දාමයක්ද වේ.

දසා ලජ්ජා ක්ෂමා ශ්‍රද්ධා
ප්‍රඥා ත්‍යංගඞ කෘතඥතා
ගුණා යස්‍ය භවනේත්‍යතෙ
ගෘහසෙථා මුඛ්‍යඑවසඞ

මෙම ශ්ලෝකයෙන් එම බුදුදහමේ ගුණාංගය ඉස්මතු කරන්නකි. එනම් කරුණාව දයාව, ලජ්ජාව, ශ්‍රද්ධාව, ඉවසීම, ප්‍රඥාව, පරිත්‍යාගය, කළගුණ දන්න බව නම් වූ අනේකවිධ ගුණධර්ම ගෘහස්ථය.ගෘහමූලික ප්‍රධාන නිවැසියන්ට තිබිය යුතු අවශ්‍යම අංගයක් බවය.

චතුර්විධ ආශ්‍රම අතුරින් ගෘහාශ්‍රමය උතුම් බව පෙන්වන තවත් ශ්ලෝකයක සඳහන් වේ.

එනම් වනසෙනසුනක වසන අයද බඹසර හැසිරෙන පුද්ගලයන්ද සසර බිය හොඳින් දන්නා භික්ෂූන්ද එලෙසම බ්‍රාහ්මණයෝද මේ සියල්ලම ගෘහස්ථ අයගේ පැහැදීම නිසා ජීවත් වෙති.

මෙතනදී නිවසට බුදු දහමේ ප්‍රධාන ස්ථානයක් දී ඇත. එනම් නිවස පුද්ගලයෝ නිසා වනසෙනසුනක ජීවත්වන පැවිදි හෝ දහම් වඩමින් සිටින අයට දානය දීම, ඇතුළු සිව්පසයෙන් සැලකීම සිදුවන්නේ නිවස නිසාය.

එය දෙලොවටම සෙතක් සිදුකරන බැවින් නිවස ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ඒකකයකි. එනම් ගිහියන් නිසා මහ සඟරුවන ගේ සිය දැහැමි දිවිපෙවත රැකෙන බවය. මේ බව පහත සඳහන් ශ්ලෝකයේ තවදුරටත් නිවසක ශ්‍රේෂ්ඨත්වය මෙන්ම සේවාව අගයන බව පෙනේ.

එය ඉහත මෙන්ම ආශ්‍රම වාසි වූ පැවිදි අයට දවසක් පාසා දානයෙන් ගෘහහිමියා සලකනු ලබන නිසා විය ශ්‍රේෂ්ඨ කාර්යයක් බවය.

නිවස තුළින් දහම සුරැකෙන බව පවසන තවත් ශ්ලෝකයක දක්නට ලැබෙන උපමා උපමේය මෙසේය.

සියලු සත්වයෝ වාතය ඇසුරෙන් ජීවත් වන්නේද එලෙසම ආශ්‍රමවාසීන් (පැවිදි අය) නිවස ඇසුරෙන් පවතින බවත් තවත් තැනෙක දක්නට ලැබෙන්නේය. සයුරේ පැවැත්මට ජල දහරාවෙන් පැමිණෙනවා මෙන්ම සියලු ආශ්‍රම (ආරාම භාවනා කුටි) ගෘහවාසීන්ගේ පිහිටෙන්ම පවතින බවය.

සෑම නිවසකම බුදුමැදුරක් හෝ ස්ථානයක් පවත්වාගෙන යාමෙන් සෙත් ශාන්තිය නිසැකව ලැබෙන බව බෞද්ධ වු අපගේ ඒකායන සිතුවිල්ලකි. එය වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙනයාම පිළිබඳ වාස්තු විද්‍යාවේ බුදුමැදුර ස්ථාන ගත කළ යුතු තැනක් නියම කර ඇත. එනම් නිවසක ඊසාන පැත්තය ( එමෙන්ම සෑම නිවසකටම බ්‍රහ්ම පාදයක් පිහිටන බව වාස්තු විදාවේ අද දක්නට ලැබේ. එම වඳින පුදන තැන ලෙස බ්‍රහ්මපාදයේ මැදට බුදුපිළිමය ස්ථානගත කිරීමද සුබ ප්‍රතිඵල ගෙන දෙයි.

වාස්තු විද්‍යාවේ තවත් නියමයක් වන්නේ නිවසක ඊශාන පැත්තට වැසිකිළිය අයත්වීම ඉතා අසුබය. එමෙන්ම ගෙබිමේ ඉඩමද පවිත්‍රව තබාගත යුතුවේ. වැසිකිළිය ඊශානයට අයත්වූ විට නිවැසියන්ට රෝග වැළඳෙන බවද පැවසේ.

වැසිකිළිවළද නිවසේ හෝ ඉඩමේ ඊශාන දෙසට නොගැළපේ.

 

ඡ්‍යොතිෂවේදී
රත්නදේශපි‍්‍රය අමරසූරිය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.