සුදුසු ඉඩමක නිවස ඉදිකරමු

මැයි 24, 2019

නිවසක් ඉදිකිරීමේදී සුදුසු ඉඩමක ගැළපෙන බිම් කොටසක නිවසක් ඉදිකළොත් එම ඉඩමේ හැඩය මෙන් පිහිටි තත්ත්වය මත මහත් ප්‍රතිඵලයක් ගෙන දෙන බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. මේ සඳහා ඉඩමේ හැඩය, ඉඩමේ නිසි බෑවුම බලපානු ඇත.

එහෙත් ඉඩම් පදිංචියට සුදුසුවීම ඉතා අසීරු කාලයක්ව පවතින බැවින් කෙසේ හෝ සකස් කර ගැනීම (හැඩය සකසාගෙන) හෝ කළහැකි නම් නිවැසියනට සතුට, සැපත සඳහා නිවසක් ඉඩමේ පිහිටීමේ බලයෙන් හෝ ලබාගත හැකි බව වාස්තු විද්‍යානුකූලව අනුගමනය කිරීමෙන් ලද හැකිය.

සම චතුරශ්‍ර ඉඩමෙන් (සතර පැත්ත ) එක සමානව තිබේ නම් එම ඉඩමෙන් ධන ලාභ ලැබේ. ආයත හැඩය නම් වූ පැති සතර දිගෙන් වැඩි පළල අඩු වී නම් තමා සිතන පරිදි ධන ධාන්‍ය ලැබීමට සමත් වෙයි. ත්‍රිකෝණාකාර ඉඩම මුළු තුනකින් යුක්ත වූ නිවාස සෑදීමට නොගැලපේ. එහි ඉඩකඩ මදවීම මෙන්ම කෝණ දෝෂයට අයත් මෙම ඉඩම රජයෙන් බිය ගෙන දෙයි. එය එසේ වන්නට මෙම ඉඩමේ නිවස සැලසුම් සෑදීමෙදීද ගැටලු ඇතිවේ. මායිම්වලට නියමිත ඉඩකඩ තැබීම මෙන්ම නිවසට අවශ්‍ය ඉඩක ඒ ඒ දියුණුගතව වාස්තු විද්‍යානුකූලව නියමිත කාමර ස්ථානගත කිරීමට දුෂ්කර තත්ත්වයක් ඇති කරයි.

ඉඩමේ පැති විවිධ ක්‍රමයට පත්වීම නිසා පරස්පර පිහිටීමක් ඇති මෙම ඉඩමක කෙසේ හෝ අසීරුවෙන් හෝ නිවස ඉදිකළවිට නිතර ශෝකය ඇතිවන කරුණු උද්ගත විය හැකිය.

වෘත්ත භූමිය නම් වූ බිමක මායිම් රවුම් හැඩයෙන් යුක්ත වේ. මෙය නිවස ඉදිකිරීමට යෝග්‍යය. එහෙත් විශාල ඉඩකඩක් තිබෙන තරමට නිවස ඉදිකිරීම පහසුවෙනු ඇත. කුඩා ඉඩම් කැබැලිවල නිවස ඉදිකිරීම් තරමක් අසීරු විය හැකිය.

වෘත්ත ඉඩමට සමාන වූ එහෙත් වෘත්ත චක්‍රානුකූලව නිර්මාණය වූ ඉඩමක නිවස ඉදිකිරීමෙන් යහපත් ප්‍රතිඵල උදාකරනු ලබයි. දණ්ඩ භූමිය නම්වූ පළල අඩු දිග වැඩි ඉඩම නිවස ඉදිකිරීමට යෝග්‍ය නොවේ. මෙම බිම නිසා එම නිවසේ වසන සිව්පා සතුන්ටද අසුබය. එමෙන්ම මෙම ඉඩම පිහිටීම අනුව නිවස සෑදීම අපහසුවිය හැකිය. පළල අඩු දිග වැඩිවන ඉඩමේ ඉදිකළ නිවසේ වසන අයට අය අඩුවීමත් වැය වැඩිවීමත් දක්නට ලැබේ.

ඉඩමක මැද සතරැස්ව උස්ව වට පහත්ව තිබේනම් එම නිවසේ මධ්‍යයේ නිවස ඉදිකිිරීම් අර්ථ සිද්ධිය සිදුවන බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. එහෙත් නිවසේ මැද ඉඩමේ මැදට අසු නොවන පරිදි නිවස ඉදිකළ යුතුවේ.ඕනෑම හැඩය ඇති ඉඩමක මැදට නිවසේ මැදද අයත්වීමද දෝෂයකි. ගොන් කරත්තයක හැඩය ගත් ඉඩමක ඉදිකළ නිවස නිසා නිවැසියන්ගේ ධනය හානි වන තරම් අසුබය. එය සකට භූමිය නමි. පොරෝ තලයක හැඩය ඇති ඉඩම ව්‍යාජන ඉඩම වේ. මෙම ඉඩමේ දෝෂය නිසා ධන හානිය සිදුවේ.

ධනු භුමිය නම් වූ දුන්නක හැඩය ගත් ඉඩමක සෑදු නිවසක පදිංචි වීමෙන් සොරසතුරු ඇතිවේ.

පනා බෙරයක හැඩයට ඇති ඉඩම සෑදු නිවස නිසා නිවැසියන්ට අක්ෂි රෝග සෑදිය හැකිය.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වාස්තු විද්‍යාවේදී

රත්න දේශපි‍්‍රය අමරසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.