නිවාස නැකැත් චාරිත්‍ර

ජුනි 21, 2019
ජනවාරි මැද භාගයේ පටන් අපේ‍්‍රල් මැද භාගය දක්වා කාලය භූම නාගයාගේ හිස උතුරු දිසාවේ පිහිටා තිබෙන මෙම කාල වලදී කිසියම් මුල් ගලක් භූමනාගයාගේ හිස මත හෝ වලිගයේ තැබීමෙන් එම නිවස ගොඩනැගීමට, ප්‍රමාද වනවා පමණක් නොව සමහරවිටකදී නිවසේ මුල්ගල පමණක් තැබීමටද සිදුවූ අවස්ථා ඇත. 
 
නිවාසයක් ගොඩනැගීමට, නව නිවාසයක් සෑදීමට යාමේදී අවධානයට ලක් විය යුතු මූලික කරුණු අතර කෝණ මාස, පාද බෙදීම, භූමිභාග වක්‍රය, නැකැත් සීහුම් බැලීම හා අය වැයට අනුව නිවසේ දිග ,පළල හා ප්‍රධාන උළුවස්සයි. 
මෙම කරුණු සම්පූර්ණ වුවහොත් නිවසක වාසනාව ඇති විය හැකි අවස්ථා ගිලිහී නොයනු ඇත. නිවසක් නියම වාසස්ථානයක් වීම නොවැළැක්විය හැකිය. 
පළමුව නැකත් බැලීමේ දී කෝණ මාස අත්හැරිය යුතුයි. පැරැන්නන් කෝණ මාසවල දී නැකැත් බැල්ම පවා නොකළ බව පැහැදිලිය. කෝණ මාස හතරකි. ඒවා මෙසේය. 
මිථුන මාසය රවි ග්‍රහයා මිථුන රාශියේ ගත කරන කාලය ජුනි මස මැද භාගයේ සිට ජූලි මස මැද භාගය දක්වා 
ලිත් මාසයේ ඊළඟට බිනර මාසය රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගත කරන කාලය සැප්තැම්බර් මස මැද භාගයේ සිට ඔක්තෝබර් මස මැද භාගය දක්වා කාලය 
තෙවැන්න උඳුවප් මස රවි ග්‍රහයා ධනු රාශියේ ගත කරන කාලය දෙසැම්බර් මස මැද භාගයේ සිට ජනවාරි මස මැද භාගය දක්වා ගතකරන කාලය 
සිව්වැන්න මැදින් මස රවි ග්‍රහයා මීන රාශියේ ගතකරන කාලය මාර්තු මස මැද භාගය සිට අපේ‍්‍රල් මස මැද භාගය දක්වා කාලය 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
පී.බී. සිරිසේන 
දෙව්සිරි 
ඡ්‍යොතිෂ කාර්යාලය, 
ඌවපරණගම
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.