ඔබගේ ව්‍යාපාරය දියුණුකරගන්න ඡ්‍යොතිෂ උපදේශනය තුළින්

ජූලි 12, 2019

ව්‍යාපාර ඡ්‍යොතිෂය (Business Astrology) යනුවෙන් හඳුන්වන්නේ ඕනෑම ජන්මියෙකුගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ඡ්‍යොතිෂමය මෙවලමකි. (Astrological tool) ව්‍යාපාරිකයාගේ ජන්මපත්‍රය මෙන්ම ව්‍යාපාරයට අදාළ ජන්මපත්‍රය පදනම් කරගෙන ව්‍යාපාරයේ වර්තමානය මෙන්ම එහි අනාගතය පිළිබඳව ද කරුණු දැක්විය හැකිය.

විශේෂයෙන් ව්‍යාපාරිකයා විසින් තොරාගත යුතු නිෂ්පාදන වර්ග, යන්ත්‍ර සහ උපකරණ, ව්‍යාපාරයේ ගොඩනැගිලි සහ ඊට අදාළ වාස්තු විද්‍යාත්මක කරුණු, ව්‍යාපාරය ශුභ නැකතකින් ආරම්භ කිරීම, සේවකයන් බඳවාගැනීම, නිෂ්පාදනය ආරම්භ කිරීම, වෙළෙඳ නාම, වෙළඳ සන්නම් සකස් කර ගැනීම, නිෂ්පාදනය දොරට වැඩීම, මෙන්ම අදාළ නිෂ්පාදන අලෙවිකර ගැනීම සඳහා වෙළඳපළ භාණ්ඩ (Segments) සකස්කර ගැනීමට අදාළ කටයුතු මෙන්ම ඒවා නිසි ශුභ වේලාවක් තුළ අලෙවි කරමින් පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට ඉවහල්වන කරුණු යනාදිය මෙම ව්‍යාපාරික ඡ්‍යොතිෂය මඟින් ඉතා පුළුල් ලෙස සාකච්ඡා කරන අතර සෑම විටම අහිතකර බලපෑම් වලින් ව්‍යාපාරිකයා ගලවාගෙන වඩාත් යහපත් ව්‍යාපාරික පරිසරයක් කරා යාමට අවශ්‍ය වන මඟපෙන්වීම් මෙමඟින් ලබාදෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

16 වැනි පිටුවට

ඡ්‍යොතිෂවේදී /මනෝවිද්‍යා උපදේශක

ටී.එම්.කුලරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.