ගහයන් ගේ පණ කඳ තතු

ජූලි 19, 2019

ගහයනට අයත් වන පණ, කඳ යන තතු දෙකක් නාඩි දෝ සතරේ සඳහන් වැ ඇත. සකු බසින් එය සඳහන් කැර ඇත්තේ ජීව හා ශරීර කියා යි. මේ ජීව බලය හෙවත් පණ නැකත හා බැඳී පවතින්නකි. නැකැත් පාදය නවාංසකයට සම වන හෙයින් එහි නවාංසකයට ද බැඳීමක් ඇත.

නාඩි දෝ සතරේ නවාංසකයට ලැබෙන තැන සවග බෙදුමෙන් අන් කවර බෙදුමකට වත් හිමි නොවන්නකි. නාඩි දෝසතරේ ඉගැන්වෙන හැටියට ගහයන් ගෙන් අප වෙත යොමු වන බලපෑමේ ද, පණ, කඳ හෙත් ජීව , ශරීර යන බෙදුමක් තිබේ.

මේ පණ, කඳ වෙනස හඳුනා ගැනීමේ පිළිවෙල හතරක් ඇත.

1.කිසියම් භාවයකට අදිපති ගහයා සිටින නැකත අදිපතියා ජීව ගහයා වෙයි. ජීව ගහයා සිටින නැකැත අදිපතියා ශරීර ගහයා වෙයි.

2.භාවයේ අදිපතියා තමා ගේ මැ නැකතක සිටින්නේ නම් ජීව ගහයා ඔහු මැ වෙයි. එ තැනැ දී ශරීර ගහයා වන්නේ ඒ ගහයා සිටින රාසිය, අදිපතියා යි.

3.භාවාදිපතියා සිටින නැකත අදිපතියා තමාට වඩා බලවත් ගහයකු සමඟ එක් වී ඇත්නම් ජීව ගහයා වන්නේ ඒ බලවත් ගහයා යි. ඔහු සිටින නැකත අදිපතියා ශරීර ගහයා වෙ යි.

4.කිසියම් ගහයකු ස්වක්ෂේත්‍ර වී තමා ගේ මැ නැකතක ද සිටී නම්, ජීව ගහයාත් ශරීර ගහයාත් ඔහු මැ වෙයි.

මේ ජීව, ශරීර ගහයන් ඔවුනොවුනට මිත්‍ර රාසිවල සිටීම, ස්වක්ෂේත්‍රව සිටීම, උච්ච වී සිටීම , නිසා උසස් පල ලැබෙන අතර, ඔවුන් දුබල රාසිවල පිහිටීම, පාප සංයෝග වීම, පාප දැකුම් ඇතිව පිහිටීම නිසා අයහපත් පල ඇති වෙයි.

මේ කේන්දරය බලන්න

 

හේමසිරි කුමාරණතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.