විස්මිත නැකතක මහිමය අගනුවර ගංවතුරෙන් බේරාගන්නට ගොතටුවේ වේල්ලක් ඉදි කරන්නට ජොහානිස් බාසුන්නැහේ සාදාගත් අපූරු නැකත

අගෝස්තු 2, 2019

ගොතටුවේ කන්දේ විහාරයට ඉඩකඩම් පූජා කළ පරපුරේ කෙනෙකු ලෙස කස්තුරිආරච්චිගේ ජොහානිස් පෙරේරා එක්දහස් නවසිය විසි පහේ සිය දරු පවුල සමඟ ජීවත්වූයේ උණ රෝහල යනුවෙන් අද භාවිතා වන “අයි.ඩී.එච්. නැතහොත් බෝවන රෝගීන්ගේ රෝහල පෙනෙනා තෙක් මානයේ එනම් අයි.ඩී. එච්. හන්දියට නුදුරුව අද දවසේ හැඳිනගැනීමක් වශයෙන් පෙට්‍රල් ෂෙඩ් එක හා කතෝලික පල්ලිය ආශි‍්‍රතව සම්බුද්ධි කජුගහවත්ත නම් ප්‍රදේශයේය.

රෝහල ඉදිකිීරීම නිසාම ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කොලොන්නාව මංසන්ධියේ සිට අයි.ඩී.එච්. මංසන්ධියට පාරක් තැනීමේදී මුල් ඉඩම හෙවත් මහ ඉඩම දෙකඩවිණ. මහ ඉඩම මැදින් පාර තැනුන බැවින් පාර දෙපැත්තේ ඉඩම් සම සමව බෙදා ගනිමින් සහෝදරයින් කීපදෙනෙකු සමඟ වෙන වෙනම ගෙවල් තනාගෙන ජීවත්වූ ජොහානින් බාසුන් නැහැ ජීවත් වූයේ පිනට දහමට ලැදි ගම්මුන් පිරිසක් මැද එකිනෙකා අතර සහයෝගයෙන් හා මෙන්ම ඉතාමත් සාමකාමිවය. එවකට අක්කර නවයක පමණ වැඩි වශයෙන් කජු වගාවක් සමඟ නොයෙකුත් පළතුරු මෙන්ම පොල් වගාවෙන්ද යුතු ඉඩමක් ඔහුගේ පවුලට පමණක් උරුමව තිබිණ. ගමේ ප්‍රභූවරයෙකු ලෙසද තරමක සැළකීමකින් වැජඹී සිටි ඔහු රජයේ කොන්ත්‍රාත්කරුවකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ගැටවර වියේදීම අභිධර්මය මෙන්ම ආයුර්වේද ශාස්ත්‍රයද ( සිංහල වෙදකම) හැරුන විට මන්ත්‍ර ශාස්ත්‍රයද මනා ලෙස ප්‍රගුණ කර සිටි අතර සිත්හි ධාරණය කර ගත් මහා දැනුම් සම්භාරයකින්ද යුතු වූ හෙයින් ඔහු කොතැනකදී වුව පැවිදි ගිහි පිරිස් අතර තර්ක විතර්කයෙන් ද කිසිවෙකුට නොදෙවැනි නුවූ බව ප්‍රකටය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සෝමසිරි

කස්තුරිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.