නිවැරැදිවම සිදු කළ යුතු නිවසක මුල්ගල තැබීම

ඔක්තෝබර් 25, 2019

ඉඩමක, නිවසක් සෑදීමට සූදානම් වන ඔබ, ප්‍රථමයෙන්ම එම භූමියේ සිටින අදෘශ්‍යමාන බලවේග ඉවත් කර ගත යුතු ය. බහිරව පූජාවක් තැබීමෙන් එම කාර්යය සිදුකරගත හැකි ය.

ජනාකීර්ණ ප්‍රදේශවල මෙවැනි බහිරව දෝෂ බහුලව නැතත් පාලු භූමි, හිස්ව පවතින මුඩුබිම්, කාලයක් මනුෂ්‍ය වාසයෙන් තොරවූ ඉඩම් මිලදී ගෙන නිවාස සෑදීමේ දී මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු ය. බහිරව පූජාව පැවැත්වීමේ නිවැරැදි ක්‍රමය වන්නේ මුල්ගල තැබීමට පෙර බහිරව පූජාව පැවැත්වීමයි.

මුල්ගල තබන දිනයේ නැකත අනිවාර්යයෙන්ම ගෘහ මූලිකයාගේ ජන්ම නැකතට සීහුම් විය යුතු ය. එහිදී එම නැකැත් සම්පත්, මෛත්‍රී, පරම මෛත්‍රී නැකැත්වලට අසුවේ නම් ඉතාමත් සුබය. මුල්ගල තැබීමේ නැකත සඳහා යොදා ගන්නා දිනය කෝණ මාසයක නොවීමද, තිථි, හෝරා, තත්කාල ග්‍රහචාරය සුබ වීමද ආදී වශයෙන් නිවැරැදි විය යුතු කරුණු රාශියකි. එම නිවාස නැකැත් පිළිබඳව ඉදිරි ලිපියකදී සාකච්ඡා කරන බැවින් මෙහි දීර්ඝව විස්තර නොකරමි.

නිවසක මුල්ගල තැබීමට පෙර මංගල කුඤ්ඤය ගැසීම ඉතා නිවැරැදිව කළ යුතු ය. මංගල කූඤ්ඤය සුබ නැකතකින් නිසි තැන ස්ථාපනය කළ විට වාස්තු දෝෂ, අමනුෂ්‍ය දෝෂ, ඇස්වහ, කටවහ, අඬෝවැඩියා දෝෂ සියල්ල දුරු වී සියලු බාධා අවහිර මඟ හැරී බලාපොරොත්තු පරිදි සියලු කටයුතු ඉෂ්ට සිද්ධ වන බව පූර්වාචාරීන්ගේ නියමයයි.

ප්‍රථම කූඤ්ඤය ගැසිය යුතු ස්ථානය තීරණය කළ යුත්තේ වාස්තු නාගයාගේ පිහිටීම හා රවිගේ ගමන අනුවය. අගෝස්තු මාසයේ මැද සිට නොවැම්බර් මාසයේ මැද දක්වා කූඤ්ඤය ගැසිය යුත්තේ ගිනිකොණ දිසාවේ ය. නොවැම්බර් මාසයේ මැද සිට පෙබරවාරි මාසයේ මැද දක්වා කූඤ්ඤය ගැසිය යුත්තේ ඊසාන දිසාවේ ය. පෙබරවාරි මාසයේ මැද සිට මැයි මාසයේ මැද දක්වා මංගල කූඤ්ඤය ගැසීමට සුදුසු දිශාව වයඹ ය.

මැයි මාසයේ සිට අගෝස්තු මැද දක්වා නිරිත දිසාවේ ය. ප්‍රථම කූඤ්ඤය සඳහා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.