මනස නිරවුල් කර ගන්න නම්, නිදි යහන හරියට තබන්නේ මෙහෙමයි

දෙසැම්බර් 13, 2019

වාස්තු විද්‍යාව විද්‍යාත්මක විෂයක් වශයෙන් ප්‍රායෝගිකව යොදා ගැනෙන්නේ ඉඩම සහ නිවස ගොඩනැගීමේදී පමණක් නොවේ. ප්‍රායෝගික භාවිතාව අනුව ඉහත දෙඅංශය වෙනුවෙන් වාස්තු විද්‍යාව යොදා ගැනෙන ආකාරය සහ අවස්ථා ඕනෑ තරම් ය.

බොහෝ දෙනෙක් ඉඩමේ සහ ස්ථාපිත නිවසේ සාලය. කාමර, වහලය සහ දොර ජනෙල් පිහිටීම් ආදිය සඳහා පමණක් වාස්තු ප්‍රමිතීන් යොදා ගැනීම සිදු කළද, ඉඩම මිලදී ගත් අවස්ථාවේ පටන් නිවස සාදා අවසන්වන තුරුම ඒ ඒ අවස්ථානුකූලව වාස්තු සංකල්ප බොහෝ සෙයින් බදුන් කර ගනී. දැන් මා මේ අදියරයෙන් පෙන්වා දීමට බලාපොරොත්තු වන්නේ නිවස තුළ අංගෝපාංගයන් භාවිතයේදී වාස්තු යොදා ගන්නා ආකාරය පිළිබඳවයි. විශේෂයෙන් ම ඔබ නිතර භාවිත කරනු ලබන ඔබගේ නිදි යහන කෙසේ සකස් විය යුතු ද යන කාරණාව මේ තුළින් අවධාරණය කෙරේ.

දවසේ සියලු කටයුතු අවසන් වීමෙන් රාත්‍රියේ හෝ වෙනත් ඕනෑම වේලාවක ශරීරයට නිදහසක් ලබා දීමට කවුරුත් ඇදෙන්නේ සයනය වෙතයි. ශරීරයේ ආතතිය දුරලන විඩාව නිවන ඔබ නිදන සයනයට වාස්තු විද්‍යාවේත් විශේෂ ස්ථානයක් ලබා දී ඇත. එනිසා විශේෂයෙන්ම සතුට, සමගිය සියලු යස ඉසුරු ලැබීමට නම් මෙම යහන නොහොත් සයනය නැගෙනහිරට හෝ දකුණට හිස ලා සැතපිය හැකි ආකාරයෙන් යොදා ගැනීම ඉතාමත්ම යහපත් වන්නේය. උතුරට හිසලා සැතපීමෙන් තම වංශයට නින්දා ඇති වන බවත්, රෝග පීඩා ඇතිවන බවත්, බටහිරට හිසලා සැතපීමෙන් රෝග පීඩා ගෙන දෙන බවත් මතයයි. එසේම නිදන යහන නිසි ලෙස නිසි දිශා ගත නොවීමෙන් රාත්‍රි නින්දෙන් පසු උදෑසන අවදි වීමේදී බලවත් මානසික පීඩාවන් ගෙන දෙන බවද දැන ගත යුතු කාරණාවකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.