ධන ලාභ ගෙන දෙන ප්‍රබල නිවාස නැකතක්

ජනවාරි 17, 2020
2020 ජනවාරි 30 බ්‍රහස්පතින්දා උත්‍රපුටුප නැකත පුර විසේනිය තිථිය පවතී. උත්‍රපුටුප නැකත විසේනිය තිථිය ගෙවල් සෑදීමට උතුම් වේ. 
දුරුතු මස යෙදුණ මකර රවියද ඉතා සුබයි. ගුරු දිනයද ඉතා සුබයි. ධර්ම අර්ථ, කාම සැප හා ශ්‍රීය ඇති කරයි. මුහුර්ත පංචක ශුද්ධිය අනුව බලවෘද්ධි පංචකයද උදාව ඇත. 
2020 ජනවාරි 30 ගුරු දින උදේ 06.30 ට උතුර බලා ලණු ඇදීමට සුබයි. එදින උදේ 09.31 ට අත්තිවාරම් කැපීමටද එදින උදේ 10.41 ට උතුර බලා මුල්ගල තැබීමටද සුබයි. කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, දෙට, අස්ලිස, රේවතී නැකැත්වල උපන් අයට මෙම නැකත සුබයි. 
 
ඡ්‍යොතිෂවේදී රාජ්‍ය කලාභූෂණ, නිට්ටඹුවේ 
සෝමපාල විජේසූරිය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.