නිරිත දිසාවේ කාමරය අඹු සැමියන්ට වාලම්පුරියකි

ජුනි 19, 2020

ජීවිතයේ වැඩිම කාලපරාසයක් අප ගත කරනුයේ නින්දටයි. අඩුම නින්දක් ලබන්නේ යෝගාවචරයින්ය. භාවානුයෝගීව වැඩි කාලයක්ම වැය කරන නිසාම අඩු නින්දක් ලැබෙනු ඇත. 

දිවා කාලයේ ශරීරය වෙහෙසීම නිසා වැයවන ශරීර ශක්තිය රාත්‍රී කාලයේ දී වැඩෙනු ඇත. අද අපි කතා බහේ යෙදෙන්නට සූදානම් වන්නේ නිදන කාමරය ගැනයි. දිසානු ගත කිරීම හරහා නිවසේ කාමර සැලසුමේ දී නැගෙනහිර හා නිරිතට සුවිශේෂී තැනක් හිමි වේ. මරු නොසිටින ඉතාම සුබවාදී දිසාවක් වන ඊසාන පැත්තේ විරුද්ධ පැතිකඩ නිරිතයි. බොහෝ පෝෂණ පදාර්ථයන්ගේ පිරිපුන් ය. 

නිරිත දිසාව ගැනයි මේ බඹරෙකු ආවයි නිරිත දිගේයා යන ගී පදවැල ස්වර දැහැන් ගත කරනුයේ අපේ මහා ගාන්ධර්ව අමරදේවශූරීන් ය. පෙම්වතෙක් පෙම්වතියක් සොයාගෙනවිත් විවාහ වී දාරක සම්පත් ලාභීන් වන්නේ යන අරුත විදහා දැක්වේ. 

නව යොවුන් යුවළකට සිටීමට ඉතාම සුබවාදී කාමරය නිරිත දිගයි. අපේ පැරණි ගැමියන් තුන්කල් දක්නා ඉසිවරයෙක් බඳු ය. හරි හැටි දිසාවන් දැන හඳුනාගෙන සිටියහ. විවාහයෙන් පසු අඹු සැමියන්ගේ පරම පැතුම දාරක සම්පත් ය. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච මහා සම්පත්තියම හිමිකොට දරුවෙකු බිහි කරන්නට නිරිත දිග දිසාව ශක්තිමත් ය. සැමියාගේ ශුක්‍ර ධාතු පෝෂක ශක්තියත් බිරිඳගේ ආර්තවායු බලයත් දෙගුණ තෙගුණ වී මහා වාසනාවන්ත දරුවෙකු බිහි කිරීමට නිරිත දිග දිසාව හරහා විශ්ව ශක්තිය ගොඩනැඟේ. 

නිරිත දිසානුගත කාමරය තුළ මුළු රාත්‍රියම ලැගුම් ගෙන සිටීමෙන් ඊසාන දිසාවෙන් කාන්දුවන ජීවමය බල ශක්තිය නිරිත දිගින් උරා ගනී. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.