නැති කරදර ගෙට කැන්දන කෝණ වේද දෝෂය

ජුනි 19, 2020

දහඩිය මහන්සියෙන් තමන්ගේ කියා තැනක නිදහසේ සුවසේ හිඳින්න කවුරුත් ආසයි. අතේ සතේ වෙනකම් විය පැහැදම් කරලා ජීවිතේ දරුවන් සමඟින් කරදරයක් නැතුව ගත කරන්න දකින සිහිනයේ නිමාව නිවසයි. 

ඉතින් මෙවන් තත්ත්වයක් තුළ පවත්නා නිවස අසුන්දර කරගන්නවත් එවන් දේ ළං කරගන්නත් කවුරුත් කැමති නැහැ. හැබැයි ඔබ නොසිතා මෙවන් කාරණා ඔබේ නිවසට යොමු වනවා නම් ඒවා නිවැරැදි උපදේශයන් මත බැහැර කොට නිදොස් නිවසක් තනා ගැනීම ඔබේ වගකීමක් වන්නේ ය. 

අද මා ඔබට පෙන්වා දෙනු ලබන්නේ බොහෝ නිවෙස්වලට වර්තමානයේ උද්ගතව පවත්නා වූ එවන් වේද දෝෂයක් පිළිබඳවයි. ඒ මාර්ග පිහිටටීටීම සම්බන්ධව ම නිවෙස් වල පැන නගින තවත් දෝෂකාරී තත්ත්වයක් බව මේ තුළින් අනාවරණය කළ යුතු ය. ජීවත් වන නිවසේ ඉදිරිපිට මංගල ද්වාරයට කෙළින්ම එල්ල වන ලෙසින් තුන්මං හන්දියක්, ඉඩමක හෝ ගෙයක හෝ මුල්ලක් පිහිටීම හෝ තමාගේම නිවසේ මුල්ලකට කෙලින් වෙනත් නිවසක මුල්ලක් පිහිටීම සොර සතුරු කරදර, භූත දෝෂ ඇති කරවන දෝෂයකි. බොහෝ විට තුන්මං හන්දියක් පිහිටීම අප ප්‍රායෝගිකව දන්නා කරුණු කාරණා අතරත් අශුභකාරී වන අතරම, විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඔබට ඵලදායී වනු ඇත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.