නිවසක ඉදිකිරීම මෙලෙස නතර කිරීම අසුබයි

ජුනි 26, 2020

වාස්තු මූල ධර්මවලට අනුකූලව ඡ්‍යොතිෂමය සුබ නිවාස සැලසුමක් මත ඉදිකිරීම ආරම්භ කළ නිවසක වැඩ කටයුතු දිගටම කරගෙන ගොස් අතර මගදී ආර්ථිකමය අඩුපාඩු මත නතර කිරීමේදී ඉතා ප්‍රවේශම් සහිතව කටයුතු කළ යුතුය. 

විශේෂයෙන් නිවාස සැලසුම විකෘතිවන ආකාරයෙන් නතර නොකළ යුතුය. එසේ වුවහොත් නොදැනුවත්වම වාස්තු දෝෂයක් ඇතිවී නිවසේ ඉදිරි කටයුතු කළ නොහැකි වන්නේය. එවැනි අවස්ථා කීපයක් ගෙන හැර දක්වමි. 

1 සටහනට අනුව

 

මෙම නිවස උඩ මාලය රිට්ටා පාදය ඉදිරියට තබා වැඩ නතර කිරීම ඉතා අසුබදායක වේ. නැවත ආරම්භකිරීමේදී තද බල බාධා කරදර ඇතිවේ. පොරෝතල හැඩයද ගෙන ඇත. ප්‍රධාන දොර භද්‍රා අසුබ පාදය තුළ තබා ඇත. 

මේ අනුව මෙම නිවසේ ඉදිරි වැඩ කටයුතු ආරම්භ කිරීමත් වැඩ අවසන් කිරීමත් කළ නොහැකි වන්නේය. මුල්ගල තැබූ නැකත හිමි ගෘහ මූලිකයාට ලෙඩ රෝග විපත් ඇති වන්නේය. 

2 සටහනට අනුව 

මෙම නිවසේ උඩ මහලට යාමට ඇති පඩි පෙළ ගෙමැද බ්‍රහ්ම පාදයට ගෙන ඇති අතර උඩ ආවරණයද ඒ ආශි‍්‍රතව සාදා ඇත. මෙයද නිවසේ ඉදිරි වැඩ ආරම්භ කිරීමට බාධා ගෙන දෙනවා. 

ප්‍රධාන දොරද පිහිටා ඇත්තේ නිවසේ මුල් කොටසේ ය. මෙයද අසුබයි. මේ ආකාරයේ මහල් නිවසක උඩ මහලේ වැඩ කිසිදිනක ආරම්භ කළ නොහැකිවන අතර එන්ට එන්ටම කරදර ලෙඩ දුක් ගොඩ ගැසේ. 

3 සටහන 

මේ පැරණි නිවසක ඉදිකිරීමක් මෙය ඉදිරිපසට කාමරයක් පන්නා වහලයද දොස් සහිතව අතරමග නතර කර ඇත. මෙවැනි නිවාස කිසිම ආකාරයකින් පලදීමක් නැත. ලෙඩ රෝග ධන හානි පවුල් අසමගිය පවතී. 

4 සටහනේ දැක්වෙන නිවාස සැලසුමේ පාට කර ඇති කොටසේ වැඩ අවසන් කර දැනට පදිංචි වී ඇත. නැගෙනහිර ඊසාන උතුර යන දිසා හිමිවන නිවසේ ඉතිරි කොටස නවතා දමා ඇත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.