වාස්තු විද්‍යා ගුරු මුෂ්ටි 03

බ්‍රහ්ම පාදය ශූන්‍ය (0) වීම යනු කුමක් ද?
ජූලි 17, 2020

ඔබ ජීවත්වන නිවසක සැලසුම තුළින්, එම ගෙදර කන බොන හැටි අගහිඟකම් ද ගෘහ හිමියාගේ ජීවිතය ද, දරුවන්ගේ නැගීම, බැසීම, විවාහයේ තොරතුරු , සැප සම්පත්, රැකියා, ජීවන මාර්ගය, ලෙඩදුක් ආදි සියලු තොරතුරු නිවස පරීක්ෂාවේදී (පාද සටහන) සත්‍ය ලෙසම දැකිය හැකිය. එය හඳහන බලා තොරතුරු කියන්නා සේ කිව හැකිය. 

නිවසක අත්තිවාරම් , එනම් අවසාන පාද බිත්ති යා කිරීමෙන් , ගිනි කතිරය නිර්මාණය වන අතර, නිවසට කොටස් එකතු වීම තුළින් එම මධ්‍ය ලක්ෂය දෝලනය වෙයි. 

මේ ආකාරයට මර්මස්ථාන රේඛා කැපෙන අගය “අත්තිවාරමෙන් පිට පනී නම් එය ශූන්‍ය (0) අගයක් ගනී. 

එය කැපෙන තැන එළිය හෝ පේමන්ට් එකට හෝ අගුවකට හෝ වැටේ නම් එය ශූන්‍ය (බිංදුව) වෙයි. කැපෙන ලක්ෂය අයිති ප්‍රදේශය බ්‍රහ්ම පාදය වේ. එවිට අප මෙය හඳුන්වන්නේ ‘නිවසේ බ්‍රහ්ම පාදය එළියේ තියෙන්නේ යැයි ප්‍රකාශ කරයි”. 

පැරණි නිවසක හෝ සාදාගෙන යනු නිවෙස් වල අලුත් කොටස් එකතු වීමෙන් එනම් කාමර , ටොයිලට් හෝ මැද මිදුල් (කොට් – යාර්ඩ්) එක්කර ගැනීම තුළින් කැපෙන අගය ( තැන) පිටතට පනී. එය බ්‍රහ්ම පාදය ශූණ්‍ය වීම (බිංදුව වීම) යනුවෙන් හඳුන්වයි. 

රූප සටහන් බලන්න. 

ශූණ්‍ය වන අවස්ථා (0)

එල් (ඹ්)   හැඩයට පවතින නිවසකි. යාකරන රේඛා පිටතට පනී. 

විවිධ හැඩතල ඇති නිවසකි. වැරදි ප්‍රධාන දොර මර්මස්ථාන රේඛාවට ලක්වේ. ගිනි කතිරය එලියේදී කැපේ. 

ඉහත එල් හැඩයේ නිවාස වල ජීවත් වන අයගේ සියලු ගණයේ ඥාති සබඳතා බිඳ දමයි. නෑදෑ මිත්‍රකම් දුරස් වෙයි. ලෝකයේ තනි වෙයි. සමහර නෑයෝ “වේයා” වන අතර දැනගෙන ආශ්‍රය කළොත් ජාමේ බේරා ගත හැකිය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.