නිවාස දේපළ පිළිබඳව කියන සිව්වැන්න

ජනවාරි 15, 2021

නිවාස සෑම මනුෂ්‍යයෙකුගේම මූලික අවශ්‍යතාවයන්ගෙන් එකකි. නිවසක් සෑදීමේදී විශේෂයෙන් ගෘහ මූලිකයාට විපත් දෙන නැකත් ද ඇත. මෙහිදී නව නිවසේ වැඩ ආරම්භයේ සිටම නිවාස හිමියාට මාරක අපල දෙයි. එසේ මාරක දෙන ග්‍රහ බල ලුහුඬින් මෙන්න.

මේෂ ලග්නයෙන් ඉපිද නිවාසවල මුල්ගල තැබීම කැති, උත්‍රසල, උත්‍රපල් යන නැකතක යෙදීම ශුභ නැත. අත්තිවාරම දමා තෙමසකින් දේපළ හිමියාව පරලොවට ඇද ගනී. බෙරණ නැකතින් ජනිතව රෙහෙන නැකතින් අත්තිවාරම් කපා මුල්ගල තැබු ගෙහිමියා තුන්මසක් යාමටත් පෙර මියගියේ හදිසියේම පපුවේ අමාරුවක් උත්සන්න වීමෙනි. අද බොහෝදෙනා මේ නැකැත් පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වයි. නමුත් බොහෝ බලාපොරොත්තු කරප්පිනාගෙන, ධනය, ශ්‍රමය, කාලය වැය කරමින් සතුටින් ඉදිරි කාලය කුටුම්භයක් ලෙස ගත කිරීමට සාදන නිවසේ මූලිකව ගෘහ මූලිකයා සෑම නැකැත් අවස්ථාවක් පිළිබඳවම දැනුවත්කමක් ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියෙකු ගෘහ වාස්තු විද්‍යාඥයකු ලවා මනාව පරික්ෂා කරගැනීම බොහෝ වැදගත් බව කිවයුතුමයි.

වෘෂභ ලග්නයෙන් ජනිතව නිවසේ අත්තිවාරම කැපීම හා මුල්ගල තබන විට (බෙරණ නැකතින් උපත ලබා) රෙහෙන, හත, සුවන යන නැකැත්වලින් යෙදීම ජන්මියාට මාරක වේ. මිථුන ලග්නයෙන් කැති නැකතින් හෝ උත්‍රපල්, උත්‍රසල, නැකැත්වලින් උපත ලද අයට මුවසිරස, සිත, දෙනට යන නැකැත්වලින් මුල්ගල තැබීම සිදුකිරීමෙන් ගෘහ මූලිකයාට මාරක ගෙන දෙයි.

කටක ලග්නයෙන් ජනිතව මුවසිරස, දෙනට, සිත යන නැකැත්වලින් එකක නිවාස තැනීම ආරම්භය මාරක වේ. සිංහ ලග්නයෙන් ජනිතව සුවන, හත, රෙහෙන යන නැකැත්වලින් උපත ලබා සා, අද, සියාවස, නැකැත් උදාවන නිවසේ අත්තිවාරම් කැපීම නිසා නිවාස හිමියාට මාරක ගෙන දේ. පවුලේ අනිත් අයවලුන් ද සී සී කඩ විසිරේ.

කන්‍යා ලග්නයෙන් අස්ලිස,දෙට, රේවතී නැකැත්වලින් එකක ජනිත අයට පුවසල, පුවපල්, බෙරණ උදාවන මුල්ගල තැබීම ගෙහිමියාට අනියම් මාරක වේ. පවුලම අතරමං වේ.

තුලා ලග්නයෙන් ජනිතව පුවසල, පුවපල්, බෙරණ යන නැකැත්වලින් ඉපිද රෙහෙණ, හත, සුවන නැකැත්වලින් එකක මුල්ගල තැබීම පවුලට මාරක ගෙන දෙයි.

මුවසිරස, සිත, දෙනට, නැකැත් හිමියන්ට නිවාසවලට මුල්ගල තැබීමට පුනාවස, විසා, පුවපුටුප, යන නැකැත්වලින් යෙදීම අශුභයි. ගෘහ මූලිකයාට විපත් ගෙන දේ.

එසේම අද, සා, සියාවස, නැකැත් හිමියන්ට පුෂ, උත්‍රපුටුප, පුවපුටුප යන නැකැත්වලින් නිවාස හිමිවන බව සඳහන් වේ.

ඉරිදා, දින අස්විද, පුනාවස, අස්ලිස, හත, අනුර, උත්‍රසල, නැකැත් හිමි අයට ලබන ආනන්ද නම් මහායෝගය නිවාස ඉදිකිරීම් ආරම්භයට සෑදු නිවසට ගෙවදීමට යහපත් වේ.

මේෂයෙන් ඉපදී අටවැන්න වූ වෘශ්චිකය අධිපති කුජ කටක රාශිගතවීමෙන් නිවාස දේපළ අහිමි වේ. එසේම මේෂ ලග්නයෙන් ඉපිද කුජ කටකයේ යෙදීමෙන් මව්පිය උරුමයෙන් ලද දේවල් වැයකර සල්ලාලයකුව ජීවත්වී වැරදි මාර්ගවලින් මුදල්, නිවාස ලබාගත්තත් චරිතය නරක පුද්ගලයකු කරවයි. මේෂ ලග්නයෙන් ඉපදී සඳු වෘශ්චිකයේ යෙදීමෙන් ද නිවාස දේපළ විනාශ වේ.

සිංහ ලග්නයෙන් ඉපිද කුජ කටකයේ යෙදී නම් ඇය කාන්තාවක් නම් කාමසේවනයෙන් කිසිදා සෑහීමකට පත්නොවන තිබෙන දේපළද විනාශ වී දරුණු සමාජ රෝගයකින් මියයන අයකු කරයි. පිරිමියකුට ද එසේමයි. වැරදි මාර්ගයන්ගෙන් මුදල් නිවාස දේපළ කොතරම් ලැබුණත් ඒවා තමාට නම් පලක් නොදේ.

කේතු වෘෂභ රාශියේ යෙදි ඇති අයගේ ශරීරය කෙට්ටුයි. පරදාර සේවනයේ යෙදී අඩු වයසින් විවාහ නොවීම මියයයි. නිවාස දේපළ හිමි නැත. ධනු ලග්නයෙන් ඉපදී සුබ ග්‍රහ දෘෂ්ටිවලින් සමන්විතව සිකුරු මීන රැස යෙදීමෙන් නිවාස, දේපළ පමණක් නොව යානවාහන හිමි ඇත්තෙක් වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.