අඩක් තැනූ නිවසේ පදිංචිය

පෙබරවාරි 5, 2021

සමහර අයට තම ජීවිත කාලයම පුරාවට නිවසක් ඉදිකිරීමට හැකියාවක් නොමැත. කුලී ගෙවල්වල, ලොකු මුරමඩුවල ,රජයේ නිවාසවල සමහර අය වෙසෙයි. තවත් සමහරෙකුට අගු පිලක්, ගසක් යට, පාලමක් යට හෝ වැස්සෙන් අවුවෙන් ආරක්ෂා වීමට කුමන ස්ථානයක හෝ වාසය කිරීමට සිදුවේ.

මිනී කනතුවල ද ඇති සොහොන් ගෙවල්වල පවා මිනිසුන් යන්න එන තැනක් නැති විට වාසය කරනවා අප දැක ඇත. කෙලෙසින් හෝ තමුන්ට කියා ඇති ඉඩමක කුමන හෝ සෙවණක් ලැබීමට පුංචි පොල් අතු පැළක් හෝ ඇති ඔබ ගොඩක් වාසනාවන්තයි. කුලී ගෙවල්වල අනුන්ගේ ගෙවල්වල ජීවත් වෙමින් ඉතා දුකසේ ඉතුරු කරගත් මුදලකින් බිම් කැබැල්ලක් ගන්නා අයෙකු තමන්ට හැකි පරිදි උපරිම ශක්තිය යොදා ලබාගත් භූමියේ නිවසක් සෑදීමට උත්සාහ දරමින් අවසානයේ නිවසක කොටසක් හෝ සදා නිමකර පදිංචියට පැමිණෙන්නේ එය තම දිවියේ ලද උසස්ම ජයග්‍රහණය ලෙසිනි. මෙලෙස නිවසක කොටසක් කාමර 02 ක් පමණක් නිමකර පැමිණෙන නිවෙස්හිමියෝ නොදැන කරගන්නා දෝෂ නිසා සදාකාලයටම කාමර 02 ක ජීවත්වීමට සිදුවන අවස්ථා නොමැතිවා නොවේ. එසේ කාමර 02 ක් කොටසක පදිංචි වෙන්න අදහස් කරගෙන සිටින කෙනෙක් නම් ඔබ මේ ගැන අවබෝධයක් ලබාගනිවී කියා සිතමි. ඒවා නම්

1. වාස්තු ශිල්පියෙකුගේ උපදෙස් මත පොඩියට හෝ මුළු අත්තිවාරම දමන්න.

2. අත්තිවාරමම දැමීමට ඔබට හැකියාවක් නැති නම් සාදන කොටස හෝ නිවැරදි වර්ගඵලයකට ගෙන ඒක දශා පොරොන්දම් ගළපාගන්න.

3. ඔබ ගන්නා වර්ගඵලයේ අත්‍යවශ්‍යම පොරොන්දම් වන අය - වැය, නැකැත්, ආයුෂ හොඳින්ම ගළපාගෙන මෛත්‍රී, පරම මෛත්‍රී, සම්පත් යන නැකැත්වලින් එකකට සීහුම් කරගන්න.

4. මෙම ගෘහ ඉදිකිරීමට ප්‍රථම ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා නිවස ඉදිකරන්න පටන් ගැනෙන මොහොතේ අශුභ ග්‍රහ පිහිටීමක් ඇත්නම් එය ප්‍රමාද කිරීම හෝ එයට පිළියමක් යොදා (ග්‍රහ පූජා ශාන්තිකර්ම) නිවසේ කටයුතු ආරම්භ කරන්න.

ඉහත කරුණු ගැන අවබෝධයෙන් කටයුතු කර නිවස සෑදීමේදී පිටුපස කාමර 02ක් පිළියෙල කරන්න. පැත්තකට වෙන්න කොටසක් හෝ ඉදිරිපස කොටසේ ප්‍රථමයෙන් සාදන්න එපා.

උළුවස්ස නැගෙනහිර හෝ උතුරට තබන්න. ඉතිරි කොටස ඉදිකිරීමේ දී දකුණට උළුවස්සක්, තැබිය යුතු ය.

වැසිකිලි වළ, ළිඳ අසුනොවන පරිදි ඉදිකරන්න. විකර්ණ රේඛා මරමස්ථාන රේඛා නිවසේ කෝණයන් මඟහැරෙන ලෙසින්,

ඉදිකරන කාමර 02 ඉදිරිපස බිත්ති දිග අතට පෙනෙන අයුරින් අඩි 05 ක් 06 ක් අත්තිවාරමෙන් පිටතට එන ලෙසින් දමන්න.

මෙවැනි කාමර 02 ක් සහිත නිවසක පදිංචි වන විට යටලී, අට්ටාල ලී, තනි ලීයක් වශයෙන්ම ගැනීම ඉතා ශුභදායකය. මක්නිසාද මූට්ටු නොගැළපීම් සිදුවිය හැකි ය. මුදුන් යටලීය සඳහා කුරුපාවක් මෙම කාමර 02 සඳහා නොතබන්න. අට්ටාල ලී සඳහා ද බිත්ති කනු බැඳගන්න. සම්පූර්ණ බිත්තිය බඳින්න එපා. යම් දිනයක පීතෘ බිත්ති 03ක් කෙළින්ම වැටේවි මෙම නිවසේ ඉතුරු කොටස සම්පූර්ණ වූ දිනයකදියි.

 

වාස්තු විද්‍යා උපදේශක

දේශබන්ධු සඳලංකාවේ

ඩබ්.කේ.ඒ.එම්. චන්ද්‍රසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.