අති ප්‍රබල නිවාස නැකතක්

පෙබරවාරි 12, 2021

2021 පෙබරවාරි මස 24 වෙනි බුධ දින උදේ 6.30ට උතුර බලා පාද බෙදීම.

එදින උදේ 07.10 ට උතුර බලා අත්තිවාරම් කැපීම.

එදින උදේ 08.18 ට උතුර බලා මුල්ගල් තැබීම සුබයි.

මෙම නැකත බුධ දිනය පුනාවස නැකත පුර 12 ක තිථිය කුම්භ ලග්නය ආදි යෝගවලින් යෙදී ඇත.

අත්තිවාරම් කැපීම රවිගේ පංචම හෝරාවෙන් යෙදීම ඉතා ශුභදායක වේ. මුල්ගල් තබන නැකතට මීන ලග්නය උදා වී ඇත.

 

නිවාස චක්‍රයට සීහුම් වන අතර සඳු තත්කාලය වෘෂභ චක්‍රය ආදී චක්‍රවලට යෙදී ඇති නිසා ඉතා ශුභදායක වේ. මෙම කරුණු අනුව සියලුම චක්‍රවලට ශුභදායක නැතත් යෙදෙන්නේ අවුරුද්දටම වරක් හෝ දෙවරක් පමණි.

මෙම නැකතට මුල්ගල් තැබීමෙන් එම නිවසේ වැඩ ඉක්මනට කර ගැනීමට හැකිවේ. පදිංචිවීමෙන් පසු ධනය ඉතිරි කිරීමට හැකිවේ.

 

නිවසට විදුලි සැර වැදීම, ගස් කඩා වැටීම, සොර සතුරු කරදර, ආදී පීඩා කිසිවක් සිදු නොවන අතර නිවස දීර්ඝ කාලයක් පවතී. නිවසේ පදිංචිව සිටින අයට බොහෝ ධනය ලැබේ. ධනය ඉතිරි කිරීමට හැකි වේ.

එමනිසා සුබසෙත පාඨකයින් මෙම නැකත ගැනීමට උද්‍යෝගිමත් වෙත්වා. පහත නැකත් හිමි අයට මෙම නැකත වඩා ශුභදායක වේ. අද, රෙහෙණ, බෙරණ, රේවතී, උත්‍රපුටුප, සා, සියාවස, උත්‍රසල, සුවන, පුවපල්, පුවසල, දෙට, අස්ලිස, අනුර, පුෂ.

 

ඡ්‍යොතිෂවේදී-

මහතුං ජාතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.