ඔබට නිවාස ඉඩම් ලබාදෙන ග්‍රහයෝග

ජුනි 4, 2021

පෙර ආත්මවල කරන අකුසල් අනුව නිවසක හිමිකම හෝ ඉඩමක හිමිකම නොමැති අය අද සමාජයේ වැඩිවශයෙන් දැකිය හැකිය. සමහර අයට නම් ඉඩම් අක්කර සියගණන් ඇත. නිවාස කීපයක් ද ඇත.

කේන්දරයට අනුව භූමි ලාභ, නිවාස හිමිවන ග්‍රහ පිහිටීම මෙයින් විස්තර වේ. භූමිය ගැන පරීක්ෂාවේ දී කුජ ග්‍රහයා ප්‍රධාන වේ. හත්වැන්නාධිපති, නවාංශකයෙහි හතරවැන්නාධිපති, නවාංශකයේ හතරවැන්නාධිපති සිටින නවාංශකය සහ එහි අධිපති උපතේ දී කුජ ග්‍රහයා තැන්පත් නැකතේ අධිපති, ලග්න කේන්දරයෙහි කුජ ග්‍රහයා තැන්පත් රාශිය යනාදී තොරතුරු පළමුව සොයා බැලිය යුතු ය.

මේෂ ලග්නයෙන් ජනිතව සඳු දෙවැන්නේ ද රවි සිව්වැන්නේ ද යෙදුණ අයට මව්පිය උරුමයෙන් දේපල නිවාස ලැබෙන අතර තමන් කරන රැකියාවෙන් මුදල් උපයා දරුවන්ට ඉඩම් මිලදීගෙන දී නිවාස සාදා දෙයි. හොඳ ව්‍යාපාරිකයකු බිහිකරන ග්‍රහ බලයකි.

වෘෂභ ලග්නයෙන් ජනිතව රවි ග්‍රහයා හතර වැන්න යෙදීම පිය උරුමයෙන් භූමි ලාභ, නිවාස ලාභ මෙන්ම වාහන ලාභ ද ගෙන දෙයි. වෘෂභ ලග්නයෙන් ජනිතව සිකුරු එකොළොස්වැන්න යෙදීම තරුණ වියේ දී තම උත්සාහයෙන් භූමි ලාභ ළඟා කරගෙන අලංකාර දෙමහල් නිවසක් ඉදිකරගනී. මෙය සහකාරියගේ පාර්ශවයෙන්ද ඉඩම් නිවාස ගෙන එන යෝගයකි.

මිථුන ලග්නයෙන් ඉපදී සිව්වැන්නේ රවි, බුධ යෙදීම රජයේ සේවයක යෙදී උපයන ධනයෙන් ඉඩම් මිලදීගෙන නවීන පන්නයේ නිවසක් සාදා ගැනීමට වාසනාව උදා වේ.

කටක ලගුනයෙන් ජනිතව දහවැන්න කුජ ගතව හතරවැන්නට පූර්ණ දෘෂ්ටි ලැබීම ජන්මියාට උපතින්ම පිය උරුමයෙන් අක්කර සිය ගණනක උරුමකරුවකු වේ. විශාල ධනයකටද හිමිකම් කියයි. බොහෝ විට ධනවත් පවුලේ එකම දරුවා ව්. මෙහිදී දහවැන්නේ කුජ තනිව පිහිටිය යුතු යි.

සිංහ ලග්නයෙන් ඉපදී කුජ සිව්වැන්න යෙදීමත් උපතින්ම විශාල දේපලකට උරුමකම් කියන පවුලේ එකම දරුවා වේ. සිංහ ලග්නනයෙන් ජනිතව රවි, බුධ, කුජ හතරවැන්න යෙදීම ව්‍යාපාරයන් අරඹා එයින් මුදල් උපයාගෙන දේපල හිමිකරගන්නා ග්‍රහ බලයකි. සිංහ ලග්නයෙන් ජනතිව සිව්වැන්න කුජ යෙදී සිකුරුගේ දෘෂ්ටියට ලක්වීම අලංකාර පරිසරයක තට්ටු නිවසක් සාදා ගනී.

කන්‍යා ලග්නයෙන් ජනිතව කුජ ග්‍රහයා සිව්වැන්න ගතවීම ඉතා යහපත් නිවාස ඉඩම් ලබාදෙන ග්‍රහ පිහිටීමකි.

තුලා ලග්නයෙන් ජනිතව කුජ හතරවැන්න ගත ස්ත්‍රී පුරුෂයින්ට උපන් දා සිට මව්පිය උරුමයෙන් දේපල ලැබේ. පියාගේ රැකියාව ඉඩම් කොටස්කර විකිණීම වේ. දරුවාගේ පිනට එම පියාට එම රැකියාවෙන් මුදල් උපයා තබන්නෙත් ඒ දරුවාගේ අනාගත දියුණුව පිණිසම වේ.

තුලා ලග්නයෙන් පවුලේ එකම දරුවා වී ඉපදීම වාසනාවන්තයි. මව්පිය දෙදෙනාට ඉඩම් විශාල ප්‍රමාණයක් ඇත. මෙම දරුවාගේ උපතින් පසුව මව්පිය දෙදෙනාටම ධනය උපයා ගැනීමෙන් වර්ධනය කර ගැනීමට හැකි වේ.

වෘශ්චික ලග්නයෙන් ජනිතව හතරවැන්න කුජ ගත වීම භූමිලාභ ලබාදෙන ග්‍රහ පිහිටීමකි.

ධනු ලග්නයෙන් ජනිතව කුජ රවි යෝගය යෙදීම විශාල දේපලක් තරුණ වයසේ දී උපයාගන්නට ලැබෙන ග්‍රහ බලයකි.

මකර ලග්නයෙන් උපන් කෙනෙකුගේ හතරවැන්නේ කුජ යෙදීම අලංකාර තට්ටු නිවාස, තේ වතු, යාන වාහන තරුණ වියේ දී ස්වෝත්සහයෙන් උපයාගනී.

කුම්භ ලග්නයෙන් ජනිත වූ අයගේ කුජ සිකුරු සිව්වැන්න ගතවීමත් දේපල යානවාහන උරුමකරවන ග්‍රහ යෝගයක් වේ..

මීන ලග්නයෙන් ජනිතව කුජ හතරට ඉතා අශුභ වේ. මව්පියන්ගේ ඉඩකඩම් පවා විකුණා දමයි.

සිව්වැන්න අධිපතියා ලග්නය, හතර, හත, දහය යන එකතැනක යෙදීම නිරවුල් දේපල උරුමවන ග්‍රහ බලයකි. සිව්වැන්න අධිපතියා නීච රාශිගතව ජනිතවුණ අයට ඉඩම් දේපල නිවාස තමන්ගේ නමට නැති වේ. සැමදාම තැනින් තැන කුලී ගෙවල්වල කාලය මුදල් ගෙවන පිහිටීමකි.

අඟහරු ග්‍රහයා දහවැන්න ගතව හතරවැන්න දැකීම ඉඩම්ලාභ හිමිකරවයි.

මේෂ ලග්නයෙන් ජනිතව කුජ දහවැන්න ගත වීම විශාල දේපලකට උරුමකම් කියන ග්‍රහ බලයකි. මැණික් ආදී භූමි ලාභ ලැබීමටත් වාසනාව ලැබේ.

සඳු, බුධ, ගුරු, සිකුරු ශුභ ග්‍රහයින්ගේ යහපත් දෘෂ්ටි සිව්වැන්නට ලැබීම අලංකාර නිවසක උරුමය ලබන ග්‍රහ බලයකි. මෙම ඉඩම් ද පිරිසුදු ඔප්පු තිබෙන ඒවා වේ.

 

ගොඩගම ජයසේන ජයසිංහ

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී,

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.