වාස්තුවේ හරය

ජූලි 30, 2021

පිරිසුදු මනසකින් යුතුව නිවස තුළ සෑම නිමේෂයකම ජීවත් වීමට හැකි වේ නම් එතැනට ශ්‍රී කාන්තාව ලැගුම් ගනී. අපේ දේශීය බලියාග ශාන්ති කර්මයන් තුළ අන්තර ගත වී ඇත්තේ බෙරහඬේ නාද රටාව රිද්මයෙන් අවට විෂබීජ විනාශවීමත් ය. දුම්මල පන්දම් ගින්නෙන් ගැසීම් නිසා විෂ බීජ වහා නැසේ. අපේ දේශීය බලියාග කර්ම යන්නෙන් කායික හා මානසික ව්‍යාධි සමනය විය. අට අනූවක් රෝග දෙසියතුනක් අන්ත්‍ර නැති වූ වගයි.

 

සූර්යාගෙන් නිකුත්වන වර්ණජාලය පිළිබඳව කරන ලද පර්යේෂණ අනුව වර්ණ විද්‍යාඥයින් සිය වර්ණ විද්‍යාත්මක සටහන් හරහා වර්ණ 6013ක් බැව් සොයාගෙන තිබේ. දැනටමත් තීන්ත නිෂ්පාදකයින් දහස් සංඛ්‍යාත වර්ණ ආලේප නිපදවා ඇත. මිනිස් සිරුරින් පිටත නිල් හා දම් පැහැය මිශ්‍ර වූ විට දම් පැහැය ගනී. උදේ කාලයේ හිරුගෙන් දම් පැහැය (ඒ වී) අල්ට්‍රාවයලට් නිකුත් කෙරේ. මිනිස් සිරුරට අතිශයින්ම හිතකරයි.

 

මානසික ක්‍රියාවලියට වර්ණ සංයෝග වේ. අන්තරීක්ෂ වර්ණ කදම්භයට නතුවන රතු හයිඩ්‍රිජන් භෞතික ශක්තියත් කහ කාබන් ආකාශීය බලයත් නිල් ඔක්සිජන් බලය ලෙස ආධ්‍යාත්මික සංසරණය වේ.

නිල් පැහැය සෞම්‍ය ශීත ගුණයද වේ. කොළ (හරිත) වර්ණය ලෙඩ රෝග සුවකරන ඇසට හා මොළයට ශක්තිය කාන්දු වේ. තැඹිලි පාට මානසික මට්ටම ඉහළ නංවන අතර, කහ පැහැය ආධ්‍යාත්මික වේ. මිත්‍රශීලීත්වය හා සන්නිවේදනය අන්තර් සබඳතා දම් පැහැයෙන් යුක්තයි. රෝස පැහැය ආලය, ආදරය, ප්‍රේමය සංකේත වත් කරයි. රතු පැහැය කාම ශක්තිය නියෝජනය වේ. වේගවත්කම අංග චලන භාව චලනයන්ට සම වේ. අධිවේගී කාම රාගයට උත්තේජනවනු ඇත. දම් පැහැය මානසික සමතලයකට පත් කර ගැනීමටයි. ස්නායු ආබාධවලට ප්‍රතිකාර කරනු ලබන ස්ථානවල දම් පැහැය ආලේප කරනු ලැබේ.

භාවනා කිරීමටත් ලා දම් පැහැය සම තත්ත්වයක් ගනී. ජීවිතයේ මූලික අංගයක් බවට වර්ණ පත් වී ඇත. මිනිස් සිරුරට අදාළ චක්‍ර තරංග ආයාම අනුබද්ධයි. තවද අවකාශයේ පෙළ ගැස්වීම ඇතිවේ. නිවසේ නැඟෙනහිර සුදු පැහැයත් ගිනිකොන දිසාවේ රිදී හෝ ගැඹුරු කළු මිශ්‍ර කොළ පැහැයත් දකුණු දිසාවේ රෝස හෝ තැඹිලි පාටත් නිරිත ඔලිව් කොළ පැහැයත් බටහිර දිසාවේ නිල් පැහැයත් උතුර ලා කොළ හෝ කහ පැහැයත් ආලේප කිරීම යහපත් ය.

සංවරශීලී කලාත්මක මනසක් ඇතිවීමට ලා අළු පැහැය, ලා රෝස පැහැය, ලා නිල් හා හරිත වර්ණ බිත්තිවල ආලේප කිරීම යහපත් ය. නිදන කාමරය ලා නිල් හා ලා කොළ පැහැය ඉතාම යහපත් වේ. නැඟෙනහිර දිසාවේ කාමර බිත්තිවල ලා කොළ පැහැය යහපත් රතු පැහැයට වඩා ඊසාන දිසාවේ අල්ට්‍රාචාරීන් හෝ ඇත්දළ පැහැය ඉතාම යෝග්‍ය වේ.

යහපත් දිවි පැවැත්මකට නිවස ඇතුළත වර්ණාලේප මෙන්ම සංගීත කලා සෞන්දර්ය පැතිකඩ අවශ්‍ය වේ. කලාගාරයක් වැනි නිවසක් පවත්වාගෙන යෑමට හැකිනම් ඒ ගෙයි ලක්ෂ්මී වාසය කරනු ඇත. නිරන්තරයෙන්ම බිම හා නිවස පන්සලක් විය යුතු යි. සෞන්දර්ය. පවිත්‍රකම ඇති පාරිශුද්ධ භාවය, කලාත්මක පරිසර රටාව සංගීත රාව ප්‍රතිරාව, නිවස තුළ අතිශයින් තිබිය යුතුමයි. නිවසක පිටතින් පෙනෙන ලස්සනටත් වඩා ඇතුළත ලස්සන විය යුතුමයි.

පිරිසුදු මනසකින් යුතුව නිවස තුළ සෑම නිමේෂයකම ජීවත් වීමට හැකි වේ නම් එතැනට ශ්‍රී කාන්තාව ලැගුම් ගනී. අපේ දේශීය බලියාග ශාන්ති කර්මයන් තුළ අන්තර ගත වී ඇත්තේ බෙරහඬේ නාද රටාව රිද්මයෙන් අවට විෂබීජ විනාශවීමත් ය. දුම්මල පන්දම් ගින්නෙන් ගැසීම් නිසා විෂ බීජ වහා නැසේ. අපේ දේශීය බලියාග කර්ම යන්නෙන් කායික හා මානසික ව්‍යාධි සමනය විය. අට අනූවක් රෝග දෙසියතුනක් අන්ත්‍රා නැති වූ වගයි.

අපේ පාරම්පරික වාස්තු විද්‍යාව හරහා මිනිසා ජීවිතය ගෙන යෑමේ දී අවටින් අවකාශය තුළ පැතිර පවතින විෂ බීජ හරණය කිරීම සඳහා දේශීය ශාන්ති කර්ම උපයෝගි කරගන්නා ලදී. ඒ උතුම් ශාස්ත්‍රයට අද කන කොකා හඬා තිබේ. බටහිරට නැඹුරු වූ අපි වස විෂ කෑමටත් බීමටත් හුරු පුදුරුදු විය. දේශීය ආහාර පාන ඉවත දැම්මේ ය. වාස්තු විද්‍යාවටත් ඒ වින්නැහියම සිදු වී තිබේ.

මානවයාට ඉසිලිය නොහැකි මහා වසංගතයක් වූ කොරෝනාව පැතිර යෑමට උපකාරක වූයේ අවට පරිසරය අපවිත්‍රතාවය නිසායැයි සැලකිය හැකිය. ගොම හිසේ තවරමින් ගව මුත්‍රවලින් ස්නානය කරන මිථ්‍යා මතවලට භාරතයේ සමහර බැතිමතුන් අවනත වී සිටී. මියගිය පසු එකී මාතෘ දේහ පිළිස්සීමට ඉඩ නැති නිසා පරම පවිත්‍රකාර කීය ශුද්ධ වූ ජලය ඇති ගංගා නම් ගඟට දමනු ලැබේ.

අපේ රටවැසියන් තුන්කල්හිම මිනිස්කම් හඳුනන පිරිසකි. එනිසාම බුදුන් වහන්සේ ගේ ශ්‍රී පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධ වූ මේ ලක්බිමේ මනුෂ්‍යයින් හා ඔවුන් වාසය කරන නිවාස තෙරුවන් බලයෙන් තුන් කල්හිම ආරක්ෂා වෙනු නිසැකයි.

 

ඡ්‍යොතිෂ වාස්තු විද්‍යාවේදී,

දේශබන්ධු,

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.