අහිමි කළ රැකියාව හිමි වූ කවියක්

ජනවාරි 18, 2019

විස්මිතපදය බන්ධනයක් වශයෙන් ද හැඳින්වෙන සෙත් කවියක අදිසි බලවේගයක් ජනිත වේ. එසේ වූ අදිසි බල වේගයක් සඳහා අමතනු ලබන්නේ ද තවත් අදිසි බල වේගයකට ය. ඒ දෙවි දේවතාවුනට ආයාචනා කිරීමෙනි. ඡ්‍යොතිෂය, ශබ්ද ශාස්ත්‍රය ,භාෂා ව්‍යාකරණානුකූල ඡන්දස් ශාස්ත්‍රීය වූ නියමයන් සමඟ සිංහල කවියේ ආත්මය වශයෙන් සැලැකිය හැකි විරිතකට අනුව රචිත සිව් පදයක විස්මිත බලවේගයක් පවතී.

ඒ සඳහා සෙත් කවියක් ප්‍රබන්ධ වූ අයුරු මෙහි සඳහන් වේ. පළමුවෙන්ම සෙත් කවිය ලියැවෙන්නේ කවරකු වෙනුවෙන්ද, එමගින් අපේක්ෂා කෙරෙන්නේ කිනම් පලයක්ද, යනු ලුහුඬින් සඳහන් කිරීම තුළින් සෙත්කවියක් රචනය වනු පිණිස එහි සියලු ශාස්ත්‍රීය අංග යෙදීමේ ක්‍රමවේදය අවබෝධ වේ.

‘සිරිවිජය’ රැකියාව කළේ ප්‍රකට වූ ආයතනයක ගබඩා භාරකරු ලෙසිනි. රැකියාවට සම්බන්ධ වී මඳ කලකින්ම, ඔහුට ඇතැමෙකුගෙන් බාධා ඇති වන්නට විය. ඔහු එම තනතුරට පත්වන්නට පෙර, ගබඩාවෙහි වූ භාණ්ඩ කීපයක්ම අඩුවී තිබුණි. එබැවින් එවකට සේවය කළ තැනැත්තා ඉවත් කර තිබුණි. එකල අයුතු ලෙස බඩු භාණ්ඩ ප්‍රයෝජනයට ගත් සේවකයින් “සිරිවිජය” ගෙන්ද සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ ගැනීමට පෙළඹුණි. එහෙත් ඔහු අයුතු වංචාවලට ඉඩ නොදුන්නේ ය. ඔහුට රහසින් අවස්ථාවක් එළැඹෙන තෙක් සිටි දෙතුන් දෙනෙකු ගබඩාවෙහි වූ භාණ්ඩ කීපයක් “සිරිවිජය” ගේ වාහනයෙහි තබා නිහඬව සිටිය ද, එය ආයතනයේ කළමනාකරුට දැන ගැනීමට සැලැසිණ.පාලන අධිකාරින් විසින් ඔහු සේවයෙන් ඉවත් කරනු ලැබිණ. මෙය ඔහුට දැරිය නොහැකි තරම් අපකීර්තියකි. කළ හැකි එකම දේ ගුප්ත ශාස්ත්‍රයෙන් පිහිට ලැබීම ය. මෙම කවිය ඒ වෙනුවෙන් සහනදායක විය.

දිනාලත් ලෙස තෙදිය පොරණෙහි රව්ළිඳුන් මැඩලමිනි එසඳින

විදා කිත් තෙද කිරණ සුරැඳුනු ‘සුරිඳ’ පවසමි පිහිට යදිමින

යොමා නෙත් යුග ‘සිරිවිජය වෙත, කුරිරු නිළදරු, බිදා දිඩැසින

සුබාසෙත් කර, අහිමි කළ රැකියාව හිමි කළ මැනැවි නොළසින

මෙම සෙත් කවිය ලිවීම ආරම්භ කළ දිනය සහ තත් කාලයෙහි ස්වභාවය මෙසේය. දිනය :– 2017 අපේ‍්‍රල් මස 05 වැනිදා – බදාදා

වේලාව :– පෙරවරු 11.45 ට

තත් කාල හෝරාව :– රවි හෝරාවේ බුධ පංචම කාල හෝරාව

තිථිය – පුර දස වක තිථිය

නකත – පුෂ නකත

තත් කාල ලග්නය – මිථුන

ග්‍රහචාරය මෙසේය

මිථුන ලග්නයෙන් දෙවැන්නෙහි සඳු ය. තෙවැන්නෙහි රාහුද සිව් වැන්නෙහි ගුරුද සත් වැන්නෙහි සෙනසුරු ද සිටි අතර නව වැන්නෙහි කේතු ය. දස වැන්නෙහි රවි බුධ, සිකුරු සංයෝගයකි. එකොළොස් වැන්නෙහි කුජ ය. දොළොස්වැන්න ශුද්ධ ය. එය අත්‍යවශ්‍යය. කාර්යයේ ස්වභාවයට අනුව මෙම ග්‍රහ තත්ත්වය පලදායක බව පෙනේ. දෙවැන්න, සිව්වැන්න සහ දස වැන්න තුළ ශුභ ග්‍රහ ශක්තියක් පවතී. විශේෂයෙන්ම මෙය රැකියාවේ ගැටලුවකි. එබැවින් දසවැන්න බලවත් වීම විශේෂයකි. සිකුරු උච්චව දස වැන්නේ රවි බුධ යන ග්‍රහ සම්බන්ධතාවය පල උදාකිරීමට නොවැරැදි ග්‍රහ බලයක් විය. දස වැන්නාධිපති ගුරු සිව් වැන්නේ සිටීම ද ශුභ ඵල උදාවට ග්‍රහ ශක්තියක් පවතී. විශේෂයෙන් ම දස වැන්නේ දී සිකුරු උසස් අය ගේ උදව් ලැබීමත්, සේවකයන් හිතවත් වීමට ද හේතුවකි. මෙම කේන්ද්‍රය, කාර්යයට සුදුසු විය. එම තත්කාල අවස්ථාවේ ද පිංගල පක්ෂියා රජ වී සිටී. සූක්ෂ්ම වශයෙන් ගමන් අවස්ථාවේ ය. ගමන අවධිය මධ්‍යස්ථය. සියලුම අවස්ථා ප්‍රබල ලෙස යොදා සෙත් කවක් ලිවීමට තත්කාලයක් නිර්මාණය කර ගැනීම අතිශය දුර්ලභය. ප්‍රධානම නියමයන් රැසක් ශුභව යෙදී ඇති බැවින් කවියෙහි ශක්තියට බාධාවක් නොවී ය. තවද සෙත් කවියක තත් කාල ලග්න කේන්ද්‍රයේ දොළොස් වැනි භාවය කිසිඳු ග්‍රහයෙකු නොවිය යුතුයැ’යි මෙම ශාස්ත්‍රයේ සඳහන් ය. මෙම කේන්දයේ ද දොළොස් වැන්න ශුද්ධව යෙදේ.

ඡ්‍යොතිෂවේදී සෙත් කවි රචක, විශ්‍රාමික ආචාර්ය

පියදාස කළන්සූරිය

071 -1241960

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.