යුග දිවිය අවුල් කරන ග්‍රහ පිහිටීම්

ජනවාරි 25, 2019

විවාහය යනු මනුෂ්‍ය ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක් වේ. මෙහිදී ස්ත්‍රියක් හා පුරුෂයෙක් එක්ව ජීවත්වීම සඳහා ගිවිසුමක් ඇති කරනු ලබයි. මෙතුළින් පුද්ගලික අර්ථසාධනය පමණක් නොව සමාජයේ ඉදිරි පැවැත්මට ඵලදායි දායකත්වයක් ලබාදීමද අපේක්ෂා කෙරේ. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සුළු පටු කාර්යයක් නොවේ. මෙහි දී අඹුසැමි දෙදෙනාගේ කායික මානසික ව්‍යුහයන් මනා ලෙස සංයෝජනය නොවුනහොත් ජීවන අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දීමට නොහැකිවීම තුළ අර්බුදකාරි වාතාවරණයක් නිර්මාණය වේ.

අද පවතින සංකීර්ණ සමාජ රටාව තුළ විවාහ ජීවිතය ගැටලුවක් කර ගන්නා අඹුසැමියන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. විවාහක වැඩි දෙනෙක් තම සැමියා හෝ බිරිඳ නිසා නිරතුරුවම තැවෙති. දුක් වෙති. අඩදබර කර ගනිති. මෙම තත්වයන් ඇති වු විට යුගදිවිය වැඩි කාලයක් යන්නට පෙර එපා වේ. නැතහොත් ඒ පිළිබඳ කලකිරේ. ඉන් සමහරෙක් ඉතා සතුටින් යුගදිවිය ගත කරන බව ලෝකයාට හුවා දැක්වීමට විවිධ දේ කරති. එහෙත් ඇතුලාන්තය දුක්බර බව සමහර අවස්ථාවන්වලදි අනාවරණය වේ. වැඩි දෙනෙක් විවාහ දිවියට අවතීර්ණ වූවාට පසුව විවාහ නොවී සිටියා නම් වඩා හොඳ යැයි පවසති. එවැනි තත්වයන් වලට හේතුවන්නේ වරින්වර උද්ගත වන ගැටලුකාරි අවස්ථාවන් හා අභියෝගයන්ට මුහුණ දීමේ ඇති නොහැකියාවයි. මේ අතර තවත් සමහරු තම සහකරු හෝ සහකාරියගේ නොමනා ක්‍රියා කලාපය ගැන මැසිවිලි නගති.

සෙනෙහස, ආදරය, ලෙන්ගතුභාවය, නොහඳුනන සහකරුවකු හෝ සහකාරියක තම විවාහය සඳහා තෝරා ගැනීමෙන් යුග දිවියේ තමා අපේක්ෂා කරන ප්‍රතිඵල නෙළාගත නොහැකිය. යුග දිවියේ සතුට සැපත රඳා පවතින්නේ සඳු සිකුරු සහ සෞම්‍ය ග්‍රහයන් බලවත් වීමෙනි. මෙම ග්‍රහයන් සතුරු හෝ නීච රාශිගත වීමෙන් මෙම සතුට සොම්නස නොලැබී යයි. සඳු ,සිකුරු දෙදෙනා නීච භාවයට පත් වීම පිරිමින්ට වඩා කාන්තාවන්ට අයහපත් අයුරින් බලපානු ලබයි. මේ නිසා කාන්තාවකගේ තිබිය යුතු ලාලිත්‍ය හා සෞම්‍ය භාවය ඇගෙන් ගිලිහී යනු ඇත. එසේ නොමැතිනම් ඇයගෙන් සිය සැමියාට උපරිම ලිංගික තෘප්තියක් ලබා ගැනීමට නොහැකි වේ. විවාහයට පත් පුරුෂයෙකුට තම බිරිඳගෙන් ලැබෙන යහන් සුවය සෙනෙහස තරම් දෙයක් තවත් නොමැත. එය විවාහයේ පදනමද වේ. ලිංගික ජීවිතය අසාර්ථක වුවහොත් විවාහය ඉදිරියට ගෙන යාමට අපහසු වේ. එපමණක්ද නොව එමගින් නොයෙක් ආකාරයේ අවුල් වියවුල් ඇති වීමද නොවැළැක්විය හැකිය. එමෙන්ම සඳු , සිකුරු නීච වූ කාන්තාව සෑම විටම තම සැමියාට දොස් පරොස් තබන්නීය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතීර්වේදී,

තුෂාරා වික්‍රමසිංහ

0771268646

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.