ජාතික කොඩියට නිසි ගෞරවය දක්වමු

පෙබරවාරි 1, 2019

ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන කවර අවස්ථාවක වුවද එයට ඉහළම ගෞරවය ලබාදිය යුතුය. කොඩිය එසවීමේදී එහි තිරස්තීරු දෙක කොඩි ගස දෙසින් සිටින පරිදි එසවිය යුතුය. ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුතු වන්නේද ජාතික කොඩිය හා සමාන උසට සිටින ලෙසය.

ජාතික සමගිය දේශාභිමානය සහ ජාති ආගම් භාෂා බේදවලින් තොරව ශ්‍රී ලාංකික ජාතිය බව මූර්තිමත් කෙරෙන අපේ ජාතික කොඩිය ජාතියට හරසර පිදෙන ජාතියට අභිමානය ගෙන දෙන ජාතික කොඩියට නිසි ගෞරවය දක්වා එසවිය යුතු කොඩියකි.

රටේ සෑම ජන කොටසක්ම නියෝජනය කෙරෙන අපේ ජාතික කොඩිය එක්දාස් නමසිය පනස් එකේ මාර්තු දෙවනදා ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද්දකි. මෙම ජාතික ධජයෙන් ජාතියේ ජීවය උදාරත්වය බුද්ධ මහිමය සහ අපට උරුමව ඇති මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා යන ගුණාංග සංකේතවත් කොට ඇත. ඕනෑම රටක ස්වෛරී බවත් ස්වාධීනත්වයත් පිළිබිඹු වන්නේ ජාතික කොඩියෙනි.

රටක අන්‍යතාව පිළිබිඹු කෙරෙන සංකේතයක් ලෙසත් ජාතික කොඩිය පෙන්වා දිය හැකිය. රටේ ජාතියට ශක්තිමත් නායකත්වයක් හා ජීවයක් ලබාදීම ආදි කරුණු ඇතුළත් මෙම ධජයේ ගරුත්වය රැකගනිමින් එය ඔසවා තැබීමට හැම දෙනාම කල්පනා කළ යුතුය. නිසි බුහුමන් දක්වා එසවිය යුතු ජාතික කොඩිය සමාජයේ විවිධ උත්සව හා වෙනත් අවස්ථාවලදී ඔසවන විට බොහෝ අඩුපාඩු දක්නට ඇත. නොදැනුවත්කම නිසා හෝ සිදුවන එම වැරදි නිසා සිදුවන්නේ සිංහ ධජයට නැතහොත් ජාතික කොඩියට අගෞරව කිරීමකි. ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු වන්නේ ජාතික දිනයේදී හා රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දිනවලදීය. ජාතික කොඩිය ඔසවා තැබීමේදී අනෙකුත් කොඩි අබිබවා ඉහළින්ම ලෙළදෙන ලෙස ඔසවා තැබිය යුතුය.

අද බොහෝ ස්ථානවල ජාතික කොඩිය අලංකාරය ඔසවා තැබීමත් සිදු කරන බව පෙනීයයි. නිසි ගෞරවයක් දක්වා එසවිය යුතුව ඇති මෙම ජාතික කොඩිය මංගල්‍ය අවස්ථාවලදී තාප්පය වටේට ජාතික කොඩි පහළොවක් විස්සවගේ සංඛ්‍යාවක් කණුවල ලා ඔසවා ඇත. ගේට්ටු මැද ඉහළින් ලනුවලින් ගැටගසා එල්ලා ඇත. වානේ කණුවල ජාතික කොඩිය ගැටගසා මංමාවත් අසල බිම දමා ඒ මතින් පැන පැන යමින් සවිකරනු පෙනේ. ජාතික කොඩිය ගැට ගැසූ කණු කුණු කසළ අදින වාහනවලින් හා අපිරිසුදු අත්ට්‍රැක්ටර් මගින් ගෙනයනු ලැබේ.

එය බොහෝ විට දකින්නට ලැබෙන්නේ විවෘත කිරීම් මුල්ගල් තැබීම් වැනි උත්සව අවස්ථා සඳහා මාර්ග දෙපස අලංකාරයට ජාතික කොඩි කණු ගැසී මේ දීය. සමහර ක්‍රීඩා තරගවලදී ක්‍රීඩා ලෝලයින් ජාතික කොඩිය කලිසමට උඩින් ඇඳගෙන හා කමිසයට උඩින් පොරවාගෙන සිටිති. මෙවැනි දේවලින් අපේ ජාතික කොඩියේ ගෞරවයට සිදුවන්නේ මහත් හානියකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැලවත්ත රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී. රාජපුර

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.