පරාර්ථ සේවය දිවි දෙවෙනි කොට සලකන දෛව අංක 9 හිමියෝ

පෙබරවාරි 22, 2019

දෛව අංකය මගින් ඔබේ දෛවය විසඳෙන ආකාරය පිළිබඳව පසුගිය ලිපිවලින් විස්තර කළා ඔබට මතක ඇති. ඒ අයුරින් ඔබේ අංකයට අදාළ ජීවන තොරතුරු පිළිබඳව මේ වන විට ඔබ දැනුවත් වෙලාත් ඇති නැතිනම් මෙවර අංකය ඔබට අදාළ වේවි. මන්ද යත් මෙය දෛව අංක මාලාවේ අවසාන අංකය වූ අංක නමය නිසා. දැන් අපි බලමු දෛව අංකය 9 ය හිමි තොරතුරු කෙසේද කියා .

දෙව අංක 9 කුජ ග්‍රහයාට අයත් වෙයි. බලයට අධිපති කුජ ග්‍රහයා සටනට මෙන්ම තර්ක ශාස්ත්‍රයටද අධිපතිය. ග්‍රහ මඩුල්ලේ සෙන්පති කුජගේ ගතිගුණ බොහෝවිට බලපාන අංක 9 යේ පුදුමාකාර ගුප්තබලයක් ඇති අතර වෙනත් අංකවලට නැති මෙම මායාකාරි බලය අංක 9 ට පමණක් සීමාවී ඇත. අංක විද්‍යාවේදී මෙන්ම සාමාන්‍ය ගණිත ශාස්ත්‍රයේද අංක 9 දක්වන බලය සුළුපටු නොවේ. දෛව අංකය සෙවීමේදී අංක 9 එකතු කළත් නොකලත් ගුප්ත අංකයේ වෙනසක් නොවීම එක් බලයකි. අංක 9 න් වැඩිකරන ඕනෑම ගණනක ගුප්ත අංකය 9 වීම තවත් කරුණකි. අධ්‍යාත්මික නැතහොත් මානසික තලයේ උපරිම අගය ඇති මෙම අංකය යුක්තිය., සාධාරණත්වය හා නිදහස යන කරුණු කෙරෙහි බලපා තිබේ. දෛව අංක 9 න් උපත ලද අය අන් කිසිම අංකයකට දෙවෙනි නොවන තරමේ සහජ දක්ෂතාවලින් යුතුවෙන අතර මොහු කෙරෙහි කැපී පෙනෙන විශේෂ ලක්ෂණ අතර විවාද ශක්තිය, වාග් චාතුර්ය, තීක්ෂණ අවබෝධය ප්‍රධාන තැනක් ගනී. එසේම ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුත් හෙතෙම අනුන් සතුටු කිරීමෙන්ද අනුන්ට උපදෙස් දීමෙහිද සමතෙකි.පරාර්ථ සේවය ඉතා උසස් කොට සලකන නිසා ඉතා ඉක්මනින් ජනාදරයට පත්වෙයි. මොහු යම් මතයක එල්බ ගත්තද එය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට යත්න දරනු ඇත. කිසියම් පියවරක් මොහු ගතහොත් එහි සාර්ථකභාවය ප්‍රතිඵල ලැබෙනතුරු එය අත් නොහරී. විවේකය ඉතා අඩුවෙන් ගන්නා හෙතෙම අන් අය නිසාම බොහෝවිට සිය කාලයත්, ශ්‍රමයත්, කැප කරයි. ප්‍රභූ තත්වයේ අයෙකු වේ නම් රට,ජාතිය, ආගම වෙනුවෙන් සිය ජීවිතය වුවද පරිත්‍යාග කිරීමට පසුබට නොවෙයි. දෛව අංක 9 හිමියා ත්‍යාගශීලි, අනුකම්පා සහගත චරිත ලක්ෂණවලින් අනූනය. ගිලනුන්ට මහල්ලන්ට, ආගන්තුකයින්ට සත්කාර කිරීමෙහි ඉතා ආශාවක් දක්වන්නෙකි. බොහෝ විට අන්‍යයන්ට සේවය කිරීමට ගොස් නින්දා ,අපහාස පවා ලබන මොහු පරාර්ථසේවය ගැන සිතා කිසිවිටෙක එයින් පසු තැවිලි නොවේ. පොරොන්දු කඩ නොකරන මොහු ඍජු අවංකභාවය නිසා ඇතැම්විට කෝපයටද පත්වේ. අන්‍යයන් තමාට කල වරදට ඔවුන්ගෙන් පලිගැනීමට නොසිතයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හිඹුටානේ පියතිලක ද අල්විස්

0716212020- 0112419574

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.