අඟනන් සුරඟනන් කරන මුතු

මාර්තු 8, 2019

පසුගිය ලිපිය තුළින් සඳහන් කර පරිදි අපලවලට පමණක් නොව සුන්දර යුවතිය රාජකුමරියක් බවට පත්කරන ලොව ඉතා මිල අධික මුතු පිළිබඳ කතා කිරීමේ දී චන්ද්‍රයා හෙවත් සඳු සමඟ බද්ධ වී ඇති මුතු ස්ත්‍රීන් වැඩි මනාපයක් දක්වන දෙයක් ලෙසටත් රාජරාජ මන්ත්‍රීන්ගේ ලළනාවන්ට පමණක් උරුම වූ දෙයක් බවටත් මහා ඉහළින් විරාජමාන වී ඇත.

අප රට පවා ඉතිහාසයේ හැඳින්වූයේ පෙරදිග මුතු ඇටය ලෙසය. එතරම්ම මුතුවලට ලංකාව ප්‍රසිද්ධය. මුතු වර්ග කීපයක් ඇති බවට ඉතිහාස පත පොත තුළත් ජන මූලාශ්‍ර තුළත් මෙසේ සඳහන් වේ. එනම් ගජමුතු, හයමුතු, ප්‍රකෘති මුතු, රජ මුතු, ආමලකි මුතු, වලය මුතු, අංගුලි වේධක මුතු, කකුධ චලය මුතු යන අටවැදෑරුම් මුතු වේ. මේවා අද වන විට සමාජයෙන් බැහැර වී ඇති අතර ඉඳ හිට ගජමුතු පිළිබඳ අසන්නට ලැබේ. තවද මුතු වර්ග නවයක් පිළිබඳව පැරණි පුස්කොළ ග්‍රන්ථවලත් අප ගුරුවරුන් ද සඳහන් කර ඇති අතර ඒවා නම් හස්තිජ, වලාහකජ, සර්පජ, ශංඛජ, ශුකරජ, වෙනුජ, මත්‍යසජ, ඉක්ෂුජ, හා ශුක්ති මෞත්ති වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී රත්න ශ්‍රී සෙනරත්

හොරණ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.