ඔබේ සහකරු මොනවගේ කෙනෙක්ද?

මාර්තු 15, 2019

තරුණ වියට පත් තරුණ තරුණියන් තම අනාගත විවාහය ගැන සිහින මවයි. මේ සඳහා පේ‍්‍රම සබඳතා ද ඇති කරගනී. නමුත් ඒ සියල්ල සාර්ථක වෙනවාට වඩා අසාර්ථක වෙනවා අප දැක තිබේ. එයට හේතුව අපට ඕනෑ ආකාරයෙන් ඉටුනොවන බවත් උපතින්ම අපට අයත් අනාගත බිරිඳ සැමියා කේන්දරයේ පෙන්නුම් වන බැවිනි.

තරුණ වියට පත් අපේ දරුවන් තම අනාගත සැමියා / බිරිඳ මොනවගේ කෙනෙක්ද කුමන දිශාවෙන් ලැබේද යන්න දැන ගැනීමට මහත් රුචිකත්වයක් දක්වන බව අත්දැකීමෙන් අප දැක තිබේ. අප ළගට කේන්දරය සමඟ පැමිණෙන තරුණ තරුණියන්ට තමාටම බලා ගැනීමට හැකිවන පරිදි සරල බසින් ලිපිය ලිවීමට අදහස් කරමි.

ලතාවක් වැඩීමට හා පැවැත්මට උෂ්ණය, ජලය හා පොහොර අත්‍යවශ්‍ය වේ. වැලක් නම් එය යෑමට වෘක්ෂයක් හෝ ආධාරකයක් අවශ්‍ය වේ. මේ අයුරින්ම ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශ්වයටම තම අනාගත දිවිය හැඩගස්වා ගෙන සතුටින් අරමුණක් සහිතව සාර්ථකව ජීවත්වීම සඳහා සැමියෙක් /බිරිඳක් අවශ්‍ය වේ.

සෑම කාන්තාවක්ම තම අනාගත පැවැත්ම සඳහා පුරුෂයාගෙන් ලැබෙන ආදරය, සෙනෙහස, රැකවරණය බලාපොරොත්තු වේ. එමෙන්ම පුරුෂ පක්ෂයද තම අනාගතය සකස්කර ගැනීම සඳහා බිරිඳක් සොයා ගැනීමට නිතර සිහින මවන බව අපි දනිමු.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ප්‍රවීණ ඡ්‍යොතීර්වේදී, විශ්‍රාමලත් විදුහල්පති,

කේ.ඩී.ආර්. රාජකරුණා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.