සිංහල අවුරුද්ද හා නොනගතය

අප්‍රේල් 12, 2019

ඉංගිරිසි පාලන සමයේ සිංහල අවුරුද්ද යන්න වැරැදි ලෙස වහරන්නට පුරුදුවූවෝ වැඩි වූහ. එ සේ වූයේ සිංහල අවුරුද්ද යන්න ඵඪදඩචතඥඵඥ ව්ඥඹ කඥචප යන ලෙසින් ඉංගිරිසියට පෙරැළීමෙනි. අලුත් අවුරුද්ද යන්නෙහි අරුත ඉංගිරිසි ව්ඥඹ රඥචප යන්නෙන් ලැබෙන්නේ නැත. ව්ඥඹ රඥචප යනු නව වසර යි. සිංහලයේ අවුරුද්ද යන වදන ඊට වඩා ගැඹුරු අරුතක් දෙයි.

ඒ වදන සෑදී ඇත්තේ අ+ වරු+දු යන කොටස් තුන එක්වීමෙනි. ‘අ’ යනු වෙසෙසි අරුත දෙන උපසගය යි. (පමණ යන්න අපමණ වූ මෙනි) වරු නම්, වාය හෙවත් අවස්ථාව යි. ‘දු’ යනු ඇති අරුත දෙයි. එ හෙයින් ‘අවුරුදු දිනය’ යනු වෙසෙසි අවස්ථාවක් ඇති දිනය යි. මේ වෙසෙසි අවස්ථාව කුමක්ද?

ඈත අතීතයේ මේ හෙළ දිවෙහි තැනින් තැන විටින් විට ඇතිවන අවුල් වියවුල් දුරු කැරැ ගෙනැ. මනා පාලනයක් ඇති කැරැ ගන්නට, එ සේ කොටැ, රට දැය යහපත් තතුවකට පත් කැරැ ගන්නට වුවමනාවෙක් ඇති වී යැ. ඉහළතම දස්කම් ඇතියකු තෝරා ගෙනැ, ඔහු රටෙහි, දැයෙහි නයුවා හෙවත් රජු හැටියට පත් කැර ගැනීම පිණිස තරගයක් පවත්වා ඇත. රටේ තුන් පෙදෙසකින් තෝරා ගැනුණු, දස්කම් ඇති තිදෙනකු අතරැ තරගයක් පවත්වා එයින් ජයගත් තැනැත්තා රජු හැටියට පත් කැරැ ගෙන ඇත. මහ සම්මත රජු යැ යි සඳහන් වන්නේ ඒ තැනැත්තා යි.

මේ රට හෙළ දිව වූයේත්, දැය හෙවත් ජාතිය හෙළ දැය වූයේත්, ලොවට එළියත්, බලයත් ලබාදෙන බලවතා හැටියට හිරු දෙවියකු ලෙස සලකා පුද සත්කාර කළ ජාතිය නිසා යි. ඒ ජාතියේ නයුවා හැටියට තෝරා ගන්නා ලද තැනැත්තාට ඔටුනු පැළැඳවීම ද හිරුදෙවියා උච්ච බලයට පත්වන දිනයේ සිදු කරන ලද්දකි. මේ නයුවා හැටියට තෝරා ගන්නා ලද තැනැත්තා ගේ නම ‘මනු’යි මනු රජුට ඔටුණු පැළැඳීම කරන ලද තැන අදත් මන්නාරම යන නමින් හැඳින්වෙයි. මනු+ නා+ අරම – මන්නාරම වී යැ. මනු රජු හෙවත් මහ සම්මත රජුට ඔටුණු පළඳවන ලද්දේ හිරු දෙවියා උච්ච රාසියට පත් වැ මන්නාරම් පෙදෙස මතින් පායා එන දිනයේ යි. මේ සිදුවීම කිතු වස ඇරැඹුමට අවුරුදු 28200 කට පෙර බව ද පිළිගෙනැ ඇත.

හේමසිරි කුමාරණතුංග

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.