අවුරුදු උළෙල ආගම් ඇදහීම ඇරඹුණේ හිරු දෙවියන්ගෙනි

අප්‍රේල් 19, 2019

අප වසන මේ ලෝකයේ සියලු ජීවි අජීවි වස්තුන්ට ජීවය ලබා දෙන්නේ හිරුය. එහෙයින් හේ ජගත් පීතෘ නම් වෙයි. ඡ්‍යොතිෂයට අනුව ලෝකයේ මව් පිය දෙදෙනා හිරු සඳු වෙති.

සත්වයින්ට පමණක් නොව ගස් වැල් ආදී සියලුම දේම පැවැත්ම සඳහා මූල්‍යාධාර වන්නේ සූර්ය්‍ය රාජයාය. ‘හිරු නොමරයි’ යනුවෙන් දෝ සතරේ කියමනක් තිබේ. හිරු දෙවිඳුට නම් රාශියක් තිබේ. භානු, භාස්කර, ආදිච්ච , සචිතු ,රවි ,දිවාකර, දිනිසුරු ,දවස්පති, මර්තණ්ඩ ,අග්නිදේව යනු ඉන් කීපයකි.

මිසරයේ ‘රා” නමින්ද ගී‍්‍රසියේ ඇපලෝ නමින්ද, ඉරාකය ඉරානය (බැබිලෝනියාව) දෙරටේ වාඩුක් නමින්ද ප්‍රසිද්ධව තිබේ. රෝම අධිරාජ්‍ය, ගී‍්‍රසිය, බැබිලෝනියාව, පර්සියාව, ඉන්දියාව, ඇතුළු බොහෝ රටවල ජනයා හිරු දෙවියකු කොට සලකා වන්දනාමාන උපහාර කළහ. ලෝකයේ මුල්ම ආගම ඇදහීම හිරුදෙවි පිදීම බව කිව හැකිය. ඉහත කී රටවල හිරු දෙවි පිදීම සඳහා සූර්යා දේවාල තැනූහ. ඇතැම් රටවල ඒවායේ නටබුන් දැනුදු දක්නට ලැබේ. හිරු දෙවි පිදීම, අරාබිය, ඉන්දියාව, බුරුමය, ලංකාව ආදි රටවලට පැතිර ගියේය. කාලසීමාව අවිනිශ්චිත වුවත් ඉතාම අතීතයේ හිරු මුල් කොටගෙන ඡ්‍යොතිෂ ශාස්ත්‍රයද ලොවට බිහිවිය.

සාමාන්‍ය ජනයා පමණක් නොව තාරක මහා සිද්ධි දශ දේශාධිපති අධිරාජ රාවණ,ජනක වැනි මහරජවරුද, ආදිත්‍යදාස, වරහමිහිර, පෘථුයසස් ආදි මහා ඡ්‍යොතිෂ පඬිවරුද සූර්ය වන්දනාව ඇදහීම කළෝය. හිරු දෙවි උදෙසා කරන ලද මුල්ම අවුරුදු උත්සවය ක්‍රි.පූ. 3000 දී බැබිලෝනියාවේ පවත්වන ලද බව පිළිගෙන තිබේ. ඊට පසු මිසරයේ නයිල් නදිය උතුරා යන සමයේ අවුරුදු උත්සව පැවැත්වූ බව ඓතිහාසික කරුණු හා ජනප්‍රවාද අනුව පෙනේ. එයින් කරන ලද්දේ රවිට පුද පූජා කිරීමයි. විශේෂයෙන් භාරතයේ ගිනි දෙවියා පිදීමද ඒ අනුව ගිය ශාන්ති කර්මයකි. ආගම ඇදහීමකි.

සිරිලක ද බලි, තරු, රාවණා වැනි ඉතා බලගතු රජවරු සිටි දුරාතීතයේ සිට හිරු දෙවි පිදීම පැවතුන බව කිව හැකිය. ඇතැම් වියතුන්ගේ මතය අනුව අවුරුදු 28000 කට පෙර සිට ඡ්‍යොතිෂය ආරම්භ වීමටත් පෙර සිට අවුරුදු උත්සවද හිරු දෙවියන් මුල්කොට පැවති බව සිතිය හැකිය. ලංකාවේ සූර්යය දේවාල හතරක් තිබුණි. මෙයින් මුන්නේශ්වරම් දේවාලය හා ඉරුගල් දේවාලය වඩාත් ප්‍රසිද්ධය. අවුරුදු පතා ජාති, ආගම් ආදී කිසිඳු භේදයකින් තොරව පවත්වනු ලබන සිංහල හින්දු බක්මහ උළෙල අපගේ විශිෂ්ට සංස්කෘතික උරුමයකි. සිංහලකම හා බෞද්ධකම තුළින් පෙරී ආ ගුණාංගවල හරය ඉස්මතු කර පෙන්විය හැකි හැසිරීම් රටාවක් අවුරුදු උළෙල තුළ විද්‍යමාන වේ. ලෝක පියා වශයෙන් සලකන හිරු දෙවි අපට අලුත් අවුරුද්දක් ලබා දී ඇති බව කිව යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කලාභූෂණ , ශාස්ත්‍රශූරි ,ඡ්‍යොතිෂ විද්‍යාශූරි

කාව්‍යශිරෝමණී සාමවිනිසුරු කිවිපති

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.