හෙණහුරා කොරා

අප්‍රේල් 26, 2019

සෞරග්‍රහ මණ්ඩලයාධිපති සූර්ය දිව්‍ය රාජයාටවත් නැති තරම් අසීමිත ගෞරවයක් බය පක්ෂ භාවයක් සෙනසුරු ග්‍රහයාට සමහර මනුෂ්‍යයෝ දක්වති. එසේ ගෞරව ලැබීමට සෙනසුරුට ඇති එකම හේතුව ඔහු සෞරග්‍රහ මණ්ඩලයේ සිටින කිසිම අණකට ගුණකට නැති දුෂ්ට දුර්ජනයා වීමය. සෙනසුරු දෙනවිට මදිය නොකියන්ට දී යන විට සියල්ල අතුගා හකුලාගෙන යන ස්වභාවය නිසා සෙනසුරා හුඟක් දීමට වඩා නොදී සිටීම යහපත් බව පිළිගත් මතයයි.

සෙනසුරාගේ දසාවේ දී අතක් පයක් කඩා ඇඳට ඇද දැමීම සිරිත බව ඡ්‍යොතිෂයේ පෙන්වා දී තිබේ. අතක් පයක් කැඩීමට නොහැකිනම් අඩුම තරමින් උළුක්කුවක් වත් කරන බව ප්‍රචලිතය. සෙනසුරා ගැන නොයෙක් කට කතා පැතිර තිබේ. ගුරාගෙන් බැට කා කොරා වූ සෙනසුරු ගැන සුබසෙත විස්තරයක් පසුගිය කාලයේ පළවූ නිසා ඒ ගැන යමක් මෙහිදී සඳහන් නොකරමි. සෙනසුරා තමාට කළ වින්නැහියක් ගැන අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත බැදිගම ශ්‍රී රතනපාලාභිධාන සංඝරාජයාණන් වහන්සේ කර ඇති කාව්‍යමය විග්‍රහය හාස්‍ය ජනකය. රසාලිප්තය. වරක් බැදිගම නායක හාමුදුරුවන්ට රජතුමා විසින් ශ්‍රී පාදස්ථානයේ අධිපතිකම පැවරූහ. රාජ නියමය ප්‍රතික්ෂේප කළ නොහැකි බැවින් නා හිමියෝ එහි වැඩි සේක. ඒ වර්ෂ 1800 දශකයේ බැවින් ශ්‍රී පාදයේ අද මෙන් පහසුකම් තැන අතිදුෂ්කර ගමන් විඩාව ඇතිවන ගමනකි.

දේශබන්ධු කලාසූරී මාර්ටින් ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.