උසස් පෙළ දිනවන්න ක්‍රමයක්

මැයි 3, 2019
 
උසස් පෙළ සමත්වන්න ක්‍රම කීපයක්ම මේ පුංචි ලංකාවේ තිබෙනවා. සමහර අය පවතින නීතියට බය නැහැ. තවත් සමහරු නීතියට පටහැනිව වැඩ කරනවා. ඔබ දන්නවා සමහර අයට සහතික තිබෙනවා දැනුම නැහැ. දැනුම තිබෙන අයට සහතික නැහැ. සමහර ගුරුවරු ඉන්නවා නියමිත විභාග අසමත්. 
නමුත් නියමිත විභාගයට උගන්වනවා අමතර පන්තිවල දේශකයින් ලෙසින්. මෑත යුගයේදී අපට අහන්න සිදු උන දේවල් වලින් කීපයක් මේ කිව්වේ. දැනුම තිබෙන සිසුන් අසමත් වන විට එයාගේ මනස ඉතා වේගයෙන් කඩා වැටෙනවා. මනුෂ්‍යයා උපන් දවසේ ඉඳලා ඔහුගේ පැවැත්ම විශ්වබල ශක්තිය බාරගන්නවා, ඔබ නොදන්නවට. වේලාවට කලාවට ඒක සාධාරණව ඉටුකරනවා. සමහර ක්‍රියාවලිවලට ඔබ කැමැති වුණත් නැතත් ඒක කාලීනව ඉටුකරනවා. හිතන්න ඔබ යම්කිසි අනතුරකට භාජනයවන්න යනකොටම ක්ෂණයෙන් ඔබව බේරාගත්තා. ඒ බලශක්තිය විසින් ඔබේ හිසකෙස් සුදු කරල හම රැලිගැස්සුවේත් ඒ ශක්තිය මයි. මොකද ඔබ මේ ලෝකෙට හිස් මිනිහෙක් නොවන නිසා. පුංචි කාලේ අපි අහල තිබෙනවා මනුෂ්‍යයා හිස් අතින්ම ඇවිල්ල හිස් අතින්ම යනව කියලා. ඒ භෞතික ලෙසට විතරයි. අපි එනකොට පිං අරගෙන ආවා. අධ්‍යාපනය, බුද්ධිය සතුට අරගෙනයි ආවේ. අපේ ජන්ම පත්‍රයේ රාශි 12 නිවැරදිව පරික්ෂා කරල බැලුවාම දැනගන්න පුළුවන්. උගත් ඡ්‍යොතිර්වේදියා ඇහේ දාගෙනඉන්න කණ්ණාඩිය නළලට උස්සලා කොටු 12 නැත්නම් රාශි දොළහ දිහා ඇස්බෝල කරකවකවා බලනකොට ඒක වැටහෙනවා ඔහුට. 
ඔබේ සිතුවිල්ල මාරු කරන්නෙත් මේ ග්‍රහයෝම තමයි. යන්ත්‍ර ශාස්ත්‍රය මගින්. ඔය මොකක් කරන්නත් ඡ්‍යොතිෂය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙන්න එපායැ. විශේෂයෙන් මේ සටහන ලියන්නේ ඔබෙන්ම ලැබූ දුරකතන ඇමතුම්වලට පිළිතුරක් වශයෙන්. එම නිසා දැනට විභාගය හෝ ජයග්‍රහණය ගැන සැක නැති අය හෝ විභාගයට පෙනී නොසිටින අය මේ සටහනට ප්‍රතිචාර කරන්න ඕන නැහැ. විභාගයට පෙනී සිටින අය පමණක් විවේකය තිබුණොත් කියවන්න. විභාගය දිනන්න අදම ප්‍රාර්ථනාවක් කර උත්සාහ කරන්න. උත්සාහය ටිකක් වත් අඩුකරන්න එපා. හොඳට කෑම ගන්න, හොඳට නිදන්න, ඒ වගේම හොඳට පාඩම් කරල වටහා ගන්න. පාඩම් කරල විතරක් මදි. පාඩම වටහා ගන්න ඕනෑ. ඔබ දන්නවා අපිට හැම ශක්තියක්ම දෙන්නෙ ග්‍රහ කිරණවල ඇති ශක්තිය කියලා. මේ අධ්‍යාපනික සටහනට ප්‍රතිචාර පවත්වන්නේ ග්‍රහයෝ කීපදෙනෙක් පමණයි. එනම් ඔබේ රාශි චක්‍රයේ 05 වැනි රාශිය 11 වැනි රාශිය සමඟ ගුරු නැත්නම් බ්‍රහස්පති, බුධ හා රවි. මම ඒකයි කිව්වේ හොදට කන්න බොන්න නිදන්න කියල ඒ රවි ග්‍රහයා ශක්තිමත් කරන්න. හොඳට පාඩම් කරන්න කිව්වේ ගුරු හා බුධ ශක්තිමත් කරන්න. ඒ අතරතුර බෝධියට පහන් දල්වන්න. බුධගේ විමානය කොහොඹ ගස් වලටත් සාත්තු කරන්න. පහනක් දල්වන්න. මේ එකකටවත් වාල් වන්න එපා. ඔබේ විවේකය අනුව කරන්න. සමහරු නිදි මරාගෙන විභාගයෙදි රවි හතුරු කර ගන්නවා. මරණය කෝප කරගන්නවා. එතකොට වැඩ අවුල් වනවා. යම් කිසි ප්‍රශ්නයක් පමණක් නම් ටිකක් හිතන්න වේවි. අපි හිතමු විභාග කාලයට හත් වැන්න ඒ කිව්වේ විවාහකස්ථානය ප්‍රබල වෙලා වේලාවට නුසුදුසු සම්බන්ධකමක් ඇතිවුනා කියලා ඒවා භෞතික ප්‍රශ්න. ඒවා පසුවට කල්දමන්න පුළුවන්. නමුත් පස් වැන්න 11 වැන්න යන රාශි හා රවි, ගුරු – බුධ ග්‍රහයෝ ප්‍රශ්න නම් දෙවරක් හිතන්න වේවි. මොකද කිව්වොත් පස්වැන්න ශිල්ප ස්ථානය, 11 උසස් අධ්‍යාපන ස්ථානය මේ දෙක සප්තම් දෘෂ්ඨියට අසුවෙනවා. එතකොට 05 වැනි රාශිය බල වැඩි වනවා. ශිල්පයට අධිපති ගුරු හා බුධ අධ්‍යාපනික කටයුතුවලට අධිපති ගුරු හා රවි. මනසට යටිහිතට අධික නින්දට අධිපති රවි යන ග්‍රහයන්ගෙන් ප්‍රශ්න ඇති වුවහොත් විභාගයේදි පාඩු සිදුවනවා. මේ ප්‍රශ්න ඇති වන්නේ ඔබට දැනීම කුසලතාවය නැතුව නොවේ. ග්‍රහ – රාශි දෝෂ කියලයි ඡ්‍යොතිෂයේ හඳුන්වන්නේ. ඉස්සෙල්ලා මේ ගැටලු නිරාකරණය කරගන්න ඕනෑ. මේ ගැන ගුරුන් දෙගුරුන් දෙපාර්ශ්වයම ටිකක් හිතුවොත් හොඳයි. 
අපේ ළමයි ප්‍රශ්න පත්‍රය ලැබුණු හැටියෙම ලියන්න පටන් ගන්නවා. එවිට පරදිනවා. ලියන්න එච්චර වෙලාවක් යන්නෙ නැහැ. ඉස්සෙල්ලා කරුණු එක්රැස් කරගෙන වටහා ගන්න. බුධ, ගුරු, රවි ගැන ටිකක් හිතන්න. මොකද ඒ අයට ඔබ කලින් වන්දනා කරලනේ ඉන්නේ. දැන් වටහාගත් කරුණු එකින් එක ලිහිල් කරන්න. මගේ පාර්ශ්වයෙන් ඒ සම්බන්ධව ගොඩක් උදව් කරන්නම්. ඔබ පිළිතුරු ලියන ක්‍රම වේදය අමතක කරන්න එපා. බල්ලෙකුට කොතැනකට ගැහැව්වත් කකුල උස්සාගෙන තමයි කෑගහන්නේ. මනුෂ්‍යයාට ඕනෑවට වඩා බියක් ආවාම බඩ රිදෙන්න ගන්නවා. මේවා හුදු ගැටලු ,අප දන්නා. අපි ප්‍රශ්නය ඇති තැනට උත්තර දෙමු. අපි දන්නවා. යටිබඩේ අක්මාවේ රෝග නම් පිලියම් කරන්න ඕනැ සෙනසුරුට. බෝවෙන ජාන රෝගයක් නම් සිකුරුට. එ වගේම විභාග නම්, රවි, බුධ, බ්‍රහස්පති බව අමතක කරන්න එපා. අපි උපදින කොටම මේවා යටි මනසට ඇතුල් වනවා. ඒකනේ ඒවා මතක්වෙලා උපදින කොටම ඇස් පියාගෙන අඬාගෙනම එන්නේ. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
පාරම්පරික ගුප්ත විද්‍යාදර 
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ 
ඡ්‍යොතිෂ විද්‍යා – සහතික ලාභී මොරටුවේ 
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.