ජීවිතය සැපට, දුකට හරවන ආදායම් මාර්ගය

මැයි 10, 2019

 

ලග්නාධිපති 1,4,7,10 යන කේන්ද්‍රස්ථානයක හෝ 5,9 යන ත්‍රිකෝණ ස්ථානයක බලවත්ව ලැගුම් ගෙන සිටීම ජන්මියාගේ ආදායම් මාර්ග යහපත් කරවයි. කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක රවි හෝ සඳු නැත්නම් මේ දෙදෙනාම බලවත්ව සිටීම මෙන්ම රවි හෝ සඳු හෝ 10 වැන්නාධිපති නවාංශක කේන්ද්‍රයේ කිසියම් බලයක් සහිතව තිබීමද ඉහත ශුභ ප්‍රතිඵල ජන්මියාට අත්කර දීමට සමත් වේ.

උපත හා මරණය අතර “ජීවත්වීම” මිහිපිට කාටත් පොදු ධර්මතාවයකි. ඇතැම් අයගේ ජීවත්වීම කෙටි වන අතර ඇතැමෙකුගේ එය දීර්ඝ විය හැකිය. ඒ කෙසේ වෙතත් ජීවත්වීම සඳහා ඕනෑම අයෙකු යම් ක්‍රියාවලියක් සිදුකරයි.

එහෙත් යමෙක් වෙහෙසවීමකින් තොර ක්‍රියාවලියකින් ජීවත්වීම පහසු, ලෙහෙසි, සතුටුදායි ලෙස ගොඩනගා ගන්නා අතර තවත් අයෙකු ඉතාම වෙහෙස මහන්සිවී දිවා රෑ නොබලා කටයුතු කළද ජීවත්වීම ඉතා අසීරු, අමාරු, දුක්කම්කටොලු සහිත එකක් වී ඇති බව ලෝකය දෙස බලන ඔබට මට පෙනෙන සත්‍යයකි.

මෙසේ වීමට ඡ්‍යොතිෂය අනුව කුමක් බලපායිද යන්න සලකා බැලීම තුළින් මෙවැනි වෙනස් ජීවත්වීම් ඇතිවීමට හේතු කාරණා මොනවාදැයි අවබෝධ කරගත හැකිය.

ජීවත්වීම සඳහා අවශ්‍යවන ප්‍රධාන දෙය මුදල් වේ. ඒ සඳහා බොහෝ දෙනෙක් රැකියා, ස්වයං රැකියා නැත්නම් තවත් අය ව්‍යාපාර කටයුතු කරගෙන යයි. ඒ මොනවා කළත් කෙනෙකුගේ ආදායම් තත්වය ඉහළ යාමට හෝ නොයාමට උපන් කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් බලපායි.

කෙනෙකුට හොඳ ආදායම් මාර්ගයක් ලැබීමට තම ලග්නය බලවත් විය යුතුයි. ඒ අතර 10 වැන්න හා 10 වැන්න අධිපති බලවත් විය යුතුයි. තවද ධනය ලැබීමට රුකුල් දෙන 2,11, 5,9 යන භාව හා එම භාවාධිපතින් බලවත්ව තිබිය යුතුයි.

පුද්ගල පෞරුෂය හීන වීම මෙන්ම ආදායමට ප්‍රධාන වශයෙන් අයහපත් බලපෑම් එල්ලකරන ලග්නය ස්ථානය හා ලග්නාධිපති දුර්වලවීම, 10 අධිපති හා 10 වෙනි භාවය දුර්වලවීම, මෙන්ම ජන්ම පත්‍රයේ ග්‍රහයින් වැඩි දෙනෙක් අඩු බලයක් සහිතව සිටීම ද ( නීච, මූඪ, සතුරු, සම ආදි ලෙස) බලපානු ඇත.

ලග්නාධිපති 1,4,7,10 යන කේන්ද්‍රස්ථානයක හෝ 5,9 යන ත්‍රිකෝණ ස්ථානයක බලවත්ව ලැගුම් ගෙන සිටීම ජන්මියාගේ ආදායම් මාර්ග යහපත් කරවයි. කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක රවි හෝ සඳු නැත්නම් මේ දෙදෙනාම බලවත්ව සිටීම මෙන්ම රවි හෝ සඳු හෝ 10 වැන්නාධිපති නවාංශක කේන්ද්‍රයේ කිසියම් බලයක් සහිතව තිබීමද ඉහත ශුභ ප්‍රතිඵල ජන්මියාට අත්කර දීමට සමත් වේ.

යම් හෙයකින් ලග්නාධිපති නවාංශක කේන්ද්‍රය තුළ බල රහිත වී 10 වැන්නාධිපති බලවත් වීම ඔහුට හෝ ඇයට ඉහළ රැකියාවක් හිමිකර දීමට සමත්වන නමුත් එම කේන්ද්‍ර හිමියාගේ පෞරුෂත්ව දුර්වලකම් පෙන්නුම් කරයි.

යම්කිසි අයකෙªගේ ජීවත්වීම සුව පහසු කරවීමට ධනෝපායන මාර්ග ශුභවීමට බලපාන යෝග සහ ග්‍රහපිහිටීම් ගණනාවක් ඡ්‍යොතිෂ්‍ය තුළ විග්‍රහ කළ හැකි වුවද කෙනෙකු ධනවත් කරවන යෝග කීපයක් පහත සඳහන් කරමි.

මහා භාග්‍ය යෝගය

යම්කිසි පුරුෂයෙකු පුරුෂ නැකතකින් දිවා කාලය තුළ ඉපදී රවි හා සඳු දෙදෙනා ඔත්තේ රාශියක ලැගුම් ගැනීම හෝ යම්කිසි ස්ත්‍රියක ස්ත්‍රි නැකතකින් රාත්‍රී කාලය තුළ ඉපදි රවි සහ සඳු දෙදෙනා ඉරට්ටේ රාශියක ලැගුම් ගැනීම මහා භාග්‍ය යෝගය වන අතර එම යෝගයෙන් උපන් අය ධනවත්, බලවත් ත්‍යාගශීලි ප්‍රසිද්ධ පුද්ගලයන් බවට පත්වේ.

භේරී යෝගය

කිසියම් ජන්ම පත්‍රයක ගුරු. සිකුරු හා ලග්නාධිපති කේන්ද්‍ර ස්ථානයක බලවත්ව සිටින විට මෙම යෝගය ඇතිවේ. භෝගයේ ප්‍රතිඵල ලෙස පී‍්‍රතිමත්, තරමක් සෙල්ලක්කාර, ධනවතෙකු බලවතෙකු වේ.

මෘදංග යෝගය

කිසියම් ජන්ම පත්‍රයක උච්චව ලැගුම් ගෙන සිටින ග්‍රහයා නවාංශක කේන්ද්‍රයේ සිටින භාවය අධිපති නැවත ලග්න කේන්ද්‍රයේ උච්ච, මූලත්‍රිකෝණ හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්තව පිහිටා ඇත්නම් ජන්මියා ධනවත් බලවත් අයෙකු කරවන සැපවත් ජීවිතයක් හිමිකරදෙන මෘදංග යෝගය යෙදී ඇත.

සංඛ යෝගය

ලග්නය බලවත්ව ඇති කේන්ද්‍රයක 5 වැන්නාධිපති හෝ 6 වැන්නාධිපති බලවත්ව කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක සිටීම සංඛ යෝගයයි. මෙවිට ජන්මියා යහපත් ගුණධර්ම වලින් සපිරි ධනවතෙකු බවට පත්කරයි.

ලක්ෂ්මී යෝගය

මෙම යෝගය ආකාර කීපයකට යෙදෙන අතර විශේෂයෙන් ලග්නාධිපති බලවත්ව සිටීම හා 9 වැන්නාධිපති උච්ච මූලත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර බල සහිතව යෝග වී සිටීම සැලකිය හැකියි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඡ්‍යොතිෂ හා වාස්තු විද්‍යා ශිල්පී

භාරත භාෂ්කර , සාමවිනිසුරු

ඩී.ආර්. කළුආරච්චි 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.