බෞද්ධයාගේ අති ශ්‍රේෂ්ඨතම දිනය

මැයි 17, 2019


ලොව්තුරා බුදුවරයෙක් ලෝකයේ පහළවීමට පෙර ඒ පිළිබඳ සංකල්පයක් ලෝකවාසීන්, අතර ගොඩනැඟේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන ආකාරයට බුදු කෙනෙක් පහළවීමට අවුරුදු ලක්ෂයකට පෙර කාමාවචර දේවතාවෙක් මඟුල් වෙස්ගෙන මෙයින් අවුරුදු ලක්ෂයක් ගිය තැන ලෝකයේ සම්මා සම්බුදු උතුමෙක් පහළ වෙති. එම බුදුන් දැක නිවන් දැකීමට නම් අප්‍රමාදව පින්දහම් කළ යුතු යැයි දැනුම් දෙයි. එතැන් සිට ලෝවැසියෝ බුදු කෙනෙක් දැකීමේ ආශාව බලාපොරොත්තුව ඇතුව පසුවෙති. තවත් දීර්ඝ කාලයක් ගත වී බුදු උපතට අවුරුදු දහයක් තිබියදී ධ්‍යානලාභී දෝසතරෙහි පරතෙරට පත් මහා සෘෂිවරු අසවල් කාලයේ දඹදිව අසවල් නගරයේ බුදුවරයෙක් පහළ වෙතියි අනාවැකි කියති.

ගෞතම බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව ඉපදීම පිළිබඳව ව්‍යාස නම් සෘෂිවරයා විසින් එවැනි අනාවැකියක් කියා තිබෙන බව භාරතීය ඡ්‍යොතිෂ ග්‍රන්ථවල සඳහන් වේ. කලියුග වර්ෂ 2478 දී කීකටස්ථ පුර හෙවත් කපිලවස්තු පුර බුදුවරයෙක් පහළ වෙතියි. ‘ව්‍යාස ඉසිවරයා කියා තිබේ. බුදු උපතට අවුරුදු දහසකට පමණ පෙර පලස්තීනයේ සිටි ඉසිරිස් නම් ඉසිවරයෙක් බුද්ධ නමින් හැඳින්වෙන අතිශ්‍රේ්ෂ්ඨ අසමසම මහා උත්තමයෙක් ලොව උපදිතියි ප්‍රකාශ කර ඇති බව ඉපැරණි ග්‍රන්ථවල සඳහන් වී තිබේ. තවද ඉන්දියාවේ නාඩි පත්තිරු ග්‍රන්ථවලද බුදු උපත ගැන නාඩි වාක්‍ය සඳහන් කර තිබේ. අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මහාචාර්ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන් විසින් ද ඒවා පරීක්ෂා කර බලා සත්‍ය බව හෙළි කර තිබේ.

බුදු උපත වූ දිනය පිළිබඳ තරමක මත භේදයක් තිබේ. සුප්‍රසිද්ධ කෞමාරනාඩි වාක්‍ය ග්‍රන්ථයේ සඳහන් ආකාරයට සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උපන්නේ කලියුග වර්ෂ 2478 වෙසක් මස පුර පසළොස්වක තිථිය ලත් ඉරු දින උදයාදී එකොළොස් (11) පෑ විනාඩි 04 කටක ලග්නයෙන් සිංහ නවාංශකයෙන් විසා නැකතිනි. කාර්යය නාඩි බුද්ධ චරිතය ග්‍රන්ථයේත් සඳහන් වන්නේ සිදුහත් උපත කලියුග වර්ෂ 2478 වෙසක් මස පුරපසළොස්වක තිථියේ ඉරුදින දවල් 11.04 ට සිදු වූ බවයි. මේ අනුව මෙම දිනය හා වෙලාව නිවැරදි බව වැඩි දෙනාගේ පිළිගැනීමයි.

ක්‍රි.පූ. 624 මැයි 07 වැනි ඉරිදා උදයාදී 11.04 ට විසා නැකතින් බෝසතුන් උපන් බවද ක්‍රි.පූ. 565 වෙසක් මස පුන් පොහෝදින කටක ලග්නයෙන් විසා නැකතින් උපන් බවද ඇතැම් ඡ්‍යොතිෂ පඬිවරු කියති. තවද සිදුහත් උපත සිකුරාදා දිනයක සිදු වූ බවද බුදුවීම බදාදා දිනක සිදුවූ බවද, පිරිනිවන්පෑම කුජ දිනක රවි හෝරාවේ කුජ පංචම කාල හෝරාවේ උදයාදී 40 පැ. විනාඩි 45 ට සිදු වූ බව ද විවිධ ඡ්‍යොතිෂ පඬිවරුන් විසින් පෙන්වා දී තිබේ. අවකාශ මැද නිසා මේ පිළිබඳ විග්‍රහ කිරීමට අදහස් නොකරමි.

භාරතීය පැරණිතම පොත්වල තිබෙන ඉහත කී මත අතුරින් වැඩියෙන් ම මතභේදයට තුඩු දී ඇත්තේ උපන් දිනය පිළිබඳවය. අවධාන කල්පතා ග්‍රන්ථයේ කර්තෘ ද, ඉන්දියාවේ කේෂේමේන්ද්‍ර නම් බෞද්ධ පඬිතුමාද කියා ඇත්තේ කලියුග වර්ෂ 2478 වෙසක් මස පසළොස්වකලත් කුජ දින මැදියම් දහවල විසා නැකතින් කටක ලග්නයෙන් බෝසත් උපත සිදු වූ බවයි. මෙහි කුජ දිනය සාවද්‍ය විය හැකි බව අපගේ අදහසය. ඉහත කී කලියුග වර්ෂ 2478 මැයි මස පුරපසළොස්වක තිථියලත් ඉරිදා දින උදයාදි 11.04 ට පැවති ග්‍රහ තත්ත්වය යෙදෙන උතුමෙක් තවත් අවුරුදු ලක්ෂ ගණනකින්වත් බිහි නොවිය හැකි බවද එහි දැක්වේ. ලක්ෂ 25 කින් පසුව මෛත්‍රී බෝසතුන් උපදින විට නම් එවන් ග්‍රහ තත්ත්වයක් ඇතිවිය හැකි බව නම් ඉඳුරාම කිව හැකි ය.

අපේ ජන කවීන් බුද්ධ කේන්ද්‍රය දුටු හැටි පහත සඳහන් වේ.

ඡ්‍යොතිෂවේදී
අමුවල අමරසේන

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.