සුඛෝ බුද්ධානං උප්පාදෝ

මැයි 17, 2019

බුදුන් වහන්සේ නොගිනිය හැකි දිගු කලෙක සිට දානාදී දස පෙරුමන් පුරමින් උත්තරීතර බුදු පදවියට පත්වීම සඳහා ගත කළ දුෂ්කර ක්‍රියාවන් පිළිබඳ පන්සිය පනස් ජාතක කතාවලින් මෙන්ම බුද්ධ චරිත ග්‍රන්ථවලින් මනා ලෙස පැහැදිලි කොට ඇත.

සම්බුදුරජාණන් වහන්සේගේ උපත,බුදුවීම, හා පිරිනිවන් පෑම යන තෙමඟුල සිදුවූයේ වෙසක් පෝදිනකදීය. තව්තිසා දෙව්ලොව වැඩ උන් බෝසතාණන් වහන්සේට මනුලොව ඉපිද බුදුවීමට කාලය එළඹ ඇතැයි දෙව් ලොව දෙවිබඹුන් ඇයැද සිටියහ.

එහිදී මහ බෝසතාණන් වහන්සේ බුදුබව ලැබීමට අවශ්‍ය සුදුසු කාලය එළඹ ඇද්ද විමසා බැලූහ. ඒ අනුව බුදුවන බෝධිසත්වයන් වහන්සේ නමකට අවශ්‍ය සුදුසු කාලය, දීපය, දේශය, කුලය, හා මව යන කරුණු පහ සම්පූර්ණ වී ඇති බව පෙනී ගියහ.

බුදුන් වහන්සේ නොගිනිය හැකි දිගු කලෙක සිට දානාදී දස පෙරුමන් පුරමින් උත්තරීතර බුදු පදවියට පත්වීම සඳහා ගත කළ දුෂ්කර ක්‍රියාවන් පිළිබඳ පන්සිය පනස් ජාතක කතාවලින් මෙන්ම බුද්ධ චරිත ග්‍රන්ථවලින් මනා ලෙස පැහැදිලි කොට ඇත. උන්වහන්සේ බොහෝ කලකට පෙර අන් භවෙක ඉපිද ඇස්, ඉස්, මස්, ලේ අඹුදරුවන් දන්දීමෙන්ද දසපාරමිතා පිරූසේක.

එබැවින් දෙව්බඹුන්ගේ ඇරයුම පිළිගත් බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුතව මනුෂ්‍ය ලෝකයේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. බෝසතාණෝ මහාමායා දේවියගේ කුස පිළිසිඳ අවස්ථාවේ දේවිය සිටියේ නිදි යහනේ සැතපීමෙනි. සුදුඇත් පැටවකු සොඬින් නෙළුම් මලක් ගෙන මහාමායා දේවිය වටා පැදකුණු දකුණු ඇලයෙන් කුසතුළට ඇතුලුවන බව දැණින.ඒ බැව් මහාමායා දේවිය විසින් සුද්ධෝදන මහ රජුට සැළකර සිටියාය. සුදොවුන් රජතුමා වහා නක්ෂත්‍රාචාර්යවරුන් කැදවා සිහිනය ගැන කරුණු විමසන ලදී. ඔවුන් රජුහට පවසා සිටියේ දේවිය දුටු සිහිනය ඉතා සුබ සිහිනයක් බවත් උතුම් පුත් කුමරකු දේවියගේ කුසේ පිළිසිදගත් බවත් ය. නක්ෂත්‍රාචාර්යවරුන්ගේ එම නිගමනය ඇසීමෙන් සුදොවුන් මහ රජුටත් මහාමායා දේවියටත් ඇතිවු පී‍්‍රතිය අතිමහත්ය.

මේ අතර තුර කාලයේ දරු ගැබට නිසි කාලය එළඹෙත්ම මහාමායා දේවියට තම මවුපියන් වෙත යෑමේ ආශාවක් ඇතිවිය. ඒ සඳහා යන අතරමගදී රෝහිණි නදිය අසල ලුම්බිණි සල්උයනටද යෑමට කැමැත්තක් විය. එහිදී පුත්කුමරු බිහිවීමේ ලක්ෂණ මතුවීම නිසා අවශ්‍ය විධි විධාන යොදන ලදී. එහිදී උතුම් පුත් රුවනක ලැබිණ. පින්වත් කුමරුට නම් තැබීම සඳහා සුදොවුන් රජු විසින් සුදුසුකම්ලත් බමුණන් එකසිය අට දෙනා කැඳවන ලදී. ඉන් එකසිය හත් දෙනෙකුගේම තීරණය වූයේ කුමරාගේ ජන්ම වේලාව මත සක්විති රජකමට පත්වන බවයි. එහිදී එහි සිටි බාලම බමුණාවන කොණ්ඩඤ්ඤ නම් බමුණා කියා සිටියේ මේ පින්වත් කුමරා ඒකාන්තයෙන්ම ලොව්තුරා බුදුවන බවයි.

ඡ්‍යොතිෂඥයන් උන්වහන්සේට ජන්ම පත්‍රයක් පිළියෙළ කොට ඒ අනුව පලාපල විචාරණය කළහ. ඒ ඒ ග්‍රහයන්ගේ රාශි ගමන අනුව උන්වහන්සේ ලෝක පූජිත වීමට හේතු පැහැදිලි කර දුන්හ. බුද්ධ කාලීන යුගයේදීද නැකැත් පිළිබඳ දැඩි විශ්වාසයක් පැවැති බව පැහැදිලිවම පෙනේ. බුද්ධ කාලයේ නක්ෂත්‍රකරුවන් විසින් නැකැත්විධි ප්‍රයෝජනයට ගත් ආකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක් දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයෙන් දැක්විය හැකිය.

ලොව පවතින පැරණි ශාස්ත්‍ර අතර වෛද්‍ය ශාස්ත්‍රයට හා /මන්ත්‍ර ශාස්ත්‍රයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. එහෙත් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය නොමැතිව ඒ එකකින්වත් නිසි ප්‍රයෝජනයක් ලබාගත නොහැකි බව විද්වතුන් පවා පෙන්වා දී ඇත. එදා බුද්ධකාලීන යුගයේ මහවන මැද ආරණ්‍යසේනාසන වල භාවනාකළ භික්ෂූන් වහන්සේලාට පොහොය ලබන ගෙවන වේලාවල්, වස් සමාදන්වන වෙලාවන් හා වස් පවාරණය වන වේලාවන් හා අවශ්‍ය දින දැන ගැනීමට දැනගෙන සිටිය යුතු බැවින් බුදුරජාණන් වහන්සේ ආරණ්‍යවල වැඩවසන භික්ෂූන් වහන්සේට නක්ෂත්‍ර උගත යුතු යයි විනය පිටකයේ ආරණ්‍යවතෙහි ආරණ්‍යකෙත භික්ඛවේ භික්ඛුණනක්ඛත්ත පඤාති උග්ගහෙත්වා යනුවෙන් දේශනා කොට ඇත.

ආරණ්‍ය සේනා භික්ෂූන් නක්ෂත්‍රයේ සියලුම කොටස් හෝ කොටසක් හෝ උගතයුතු යයිද අණුදැන වදාළහ. ත්‍රිපිටක ග්‍රන්ථවල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ නක්ෂත්‍ර නක්ඛත්ත යන නාමයයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ නොයෙකුත් දේශනා පාඨවල නක්ෂත්‍රය ගැන කරුණු වදාළ කොට ඇත. බුද්ධකාලයේදී නක්ෂත්‍රකරුවන්ගේ යම් යම් කාර්යභාරයන් ගැන පැහැදිලි විස්තරයක් දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයෙන්ද අවබෝධකරගත හැකිය.

සුබසෙත හිටපු කතුවරයෙකු වූ ජයතිලක අඹුවන්ගල මහතා ජීවත්ව සිටියදී සාකච්ඡා කළ ලිපියකි.

 

සටහන
බී.ඇල්. පේ‍්‍රමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.