පරිසරයට ඇලුම් කළ තථාගතයාණෝ

මැයි 17, 2019


ස්වභාවික පරිසරය හා බුදුදහම අතර ඇත්තේ මනා සබඳතාවයකි. පරිසර සංරක්ෂණය හා පරිසර හිතවාදය බුදුදහමට මෙතරම් සැලකිල්ලක් දැක්වීමට මූලික හේතුව වන්නේ බෞද්ධ ආකල්ප. බෞද්ධ පරිසරය ශ්‍රාවක චර්යාවන් බුද්ධ චරිතය නිරතුරුවම ස්වභාවික පරිසරය සමඟ මනා සබඳතාවයක් පැවැත්වීමයි. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයින් වහන්සේලා ස්වභාවික පරිසරයත් සමඟ ජීවත්වීමට වැඩි කැමැත්තක් දැක්වූහ. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලාට වදාළේ පරිසරය බැඳි ජීවන රටාවකටයි.

“ඒතානි භික්ඛවේ රුක්ඛ මුලානි, ඒතානි සුඤ්ඤාගාරානි, ක්ෂයත මා පමාදත්ථ මා පච්ඡා විප්පටිසාරිනෝ ඇනුවත්ථ”

මහණෙනි මෙහි රුක්ෂ මූල ඇත. මෙහි සුන්‍යාගාර තිබේ. ඒ තැන්වලට ගොස් ධ්‍යාන වඩව්. පසුව විපිලිසර පසු තැවුලට පත් නොවව්. මේ අපගේ අනුශාසනාවයි.

සම්මා සම්බුදු චරිතය පිළිබඳව සලකා බැලීමේදී සිදුහත් කුමරුගේ උත්පත්තියත්, සම්බුද්ධත්වයත්, සම්බුදු පරිනිර්වාණයත් යන බුද්ධ චරිතයේ එන ප්‍රධානතම සිද්ධීන් තුනම සිදුවී ඇත්තේ තුරුලතා සෙවණේ බව සුප්‍රකට කරුණකි.

සිදුහත් කුමරුන්ගේ ඉපදීම ලුම්බිණි සල් උයනේත් සම්බුද්ධත්වයට පත්වීම ඇසතු බෝ මූලයෙහිත් සම්බුදු පරිනිර්වාණය උපවත්තන සල් උයනෙහිත් සිදුවිය. බුදුරජාණන් වහන්සේගේ දිවිපෙවත විමසා බැලීමේදී අපට මනාව පැහැදිලි වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ සමස්ථ ජීවිතයෙන් වැඩි කාලයක් ගතකර ඇත්තේ ස්වභාවික පරිසරය ඇසුරු කරගෙන බවයි.

 

ආයුර්වේද වෛද්‍ය
ආර්. එම්. අරුණ සම්පත් රත්නායක

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.