අඩ සිය වසර පසුකරන මා දුටු සුබසෙත

මැයි 31, 2019

ශ්‍රී ලංකාවේ හෘදය බඳු වූ කොළොම්පුරේ පිහිටි බේරේ වැවට ඉදිරියෙන් දකුණු දෙස බලා පිහිටි මහා ගොඩනැඟිල්ලකි. එය එවකට “පත්තර මහ ගෙදර” නමින් ප්‍රසිද්ධ විය.

කල්යාමේදී මෙම ගොඩනැගිල්ල බේරේ ට ආසන්න උන නිසාදෝ බේරේ ගෙදර මහා පත්තර කන්තෝරුව නැතහොත් “ලේක්හවුස්” නම් දරා අප රටේ පමණක් නොව පිටරැටියන්ගේද දැනීම තුළට එක්විය. එක් පුවත්පතකින් ආරම්භ වූ පැළෑටිය අද රූක්ෂ ගසක් වී පුවත්පත් කීපයක්ම ප්‍රසිද්ධ කිරීමට තරම් සමත්වීම විජයවර්ධන පින්වත් පවුලෙන් ලක්වැසි අප ලද වාසනාවක් බව නොරහසකි. මෙම රූක්ෂ ගස දිනෙන් දින වසරින් වසර නොසැලී දිදුලමින් පවතී.

පාසල් වියේදී අතරින් පතර සාමාන්‍ය අයුරින් එක එක පුවත්පත් කියැවූ මට එක් පිටුවක තිබූ ‘කාටුන්’ බැලීමට විශාල ආසාවක් ඇතිවිය. ඒ වනවිටත් මෙම ආයතනයෙන් පිටවන පුවත පත් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පැවතින. මේ අතරම මාගේ පාසලේ උසස් පන්තිවලට යෑමේ වාසනාවද මට එලැඹින. එවකට තිබු හරස්කඩ ප්‍රහේලිකා පුරවා සතුටුවූ අවස්ථා එමටය. මේ කාල වකවානුවේදී ලංකාවේ තවත් පුවත්පත් ප්‍රසිද්ධියේ තිබුනද, ඒවායේ අඩංගු විස්තර වලට වඩා ලේක්හවුස් පුවත් ගැන විශේෂයෙන් මාගේ හිත දැක්වූයේ ඇයි දැයි මා නොදනී. මා උසස් පන්තිවලට යාමත් සමගම මෙම ආයතනයේ මුද්‍රණය වන පුවත්පත් කියවා දැනුම වර්ධනය කරගැනීමේ පුරුද්දක් මා හට තිබිණ.

එක් දිනක් පාසලේ සිංහල පාඩමේදී මා සිත් ගත් “සිරිසෝම” සිංහල ගුරු මහත්මයා පුවත් පත්‍ර පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වූවා මතකය. ඔහු එකවරම “පුවත්” යනු කුමක්දැයි ඇසූ බලාපොරොත්තු නොවූ පැනයට සිසුන් කිසිවෙකුගෙන් වත් පිළිතුරක් නොවිය. පැලැදි උපැස් යුවල මඳක් හිසදෙසට උස්කොට “දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර, දකුණ යන සිව්දෙසින් යම්කිසි ප්‍රවෘත්තියක් ගලා ඒද ඒවා “පුවත්” නැත්නම් ව්ඡ්එඉ වේ යැයි ඉංගී‍්‍රසි අකුරු හතරක් මුල්කොට කියා දුන් දේශනය සැමගේ ම හිතේ සනිටුහන් වූයේ පුදුම විදියකටය. හතරවටින් ගලා එන මේ මහා පුවත් කන්දරාව කැටිකොට අප වෙත ලැබෙන ආකාරය දැනගැනීමට ලොකු ආශාවක් ඇතිවිය. ඊට වසර දෙකකට පසු එයද ලබා ගැනීමට තරම් මා වාසනාවන්ත වූයේ පාසලෙන්, ලේක්හවුසිය නැරඹීමට ගිය පාසල් අධ්‍යාපන චාරිකාවෙනි.

මේ අතරතුර මේ මහා වෘක්ෂයේ තවත් එක් වාසනාවන්ත අංකුරයක් හටගනී. ඒ 1969 වර්ෂයේ මැයි 28 වැනිදා විය යුතුය. මට මතක හැටියට .මෙදින “සුබසෙත” නමින් පුවත් පතක් ඇරැඹින. විශේෂයෙන් වටිනා ශිල්ප ශාස්ත්‍රයක් වූ ඡ්‍යොතිෂය හා ආයුර්වේදය වැනි වැදගත් කරුණු රාශියක් මෙහි ඇතුළත් විය. එදා සිට මේ දක්වා එහි කර්තෘ මණ්ඩලය වෙනස් වන විට කිසියම් හෝ සුළු පාඩුවක් විය. එක් කාල වකවානුවක අප අතරින් වෙන්ව ගිය ජයතිලක අඹුවන්ගල මහා ප්‍රාඥයාද විය. සුපුරුදු අයුරු ඔහුගේ හැරයාමෙන් සුබසෙතට කිසිම අඩුවක් නොදැනුනේ ඔහුගේ දියණිය චම්පිකා අඹුවන්ගල එම අංශයේ එක කාර්යයක නිරතව සිටින බැවිනි. මේ මහා රූක්ෂ ගසක් වන ලේක්හවුසියේ වර්තමාන ගරු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ මඟ පෙන්වීම හා බාරදූරත්වය අනර්ඝය.

පනස් වසරක සැමරීමට ප්‍රථම සුබසෙත නැරඹීමට ආසාවක් මා හට ඈත්විය. රජගෙදර දිසාවෙන් පැමිණ මේ මහා සුවිසල් ගොඩනැගිල්ලේ දෙවන හෝ තෙවන කවුලුවෙන් ඇතුල් වූ තැන පිළිගැනීමේ ස්ථානය විය. කාරුණික නිලධාරිනියන් තිදෙනකුගේ පිළිගැනීමෙන් පසු ඔවුන්ගේ අවසරය පරිදි දකුණට හැරී ආපනශාලාවෙන් මදක් උඩට ගිය මට මෙ මහා “සුබසෙත” හමු විය. සිතු පරිදිම අජිත් ධර්මසිරි නම් සෙත්කවි, ඡ්‍යොතිෂවේදියා කර්තෘ පුටුවේ සියලුම සුබසෙත පුවත්පත සැකැසීමේ උපදෙස් දීමක යෙදී සිටී. ඔහු ඇත්තටම සැබෑ පත්‍ර කලාවේදියෙක්. රටේ ඉතා ප්‍රසිද්ධ අග්ගමහා පණ්ඩිත ස්වාමින් වහන්සේ නමකට ඔහු ලියා තිබු සෙත්කවිය මගේ මතකයට එක්විය. ඒ 2019 වසරේ මුල් මාසවල බව මතකය. මෙම පුවත් පතට ඡ්‍යොතිෂ ලිපි ආයුර්වේද ලිපි ඒවා ඇති ප්‍රාඥයින්ට අපි ප්‍රණාමය පුදකරමු. ඒවා ඉතා ඉහල තත්ත්වයෙන් හෙබි හරබර ඒවා වේ. ඒ හැම ලිපියක්ම සුබසෙතට ආශිර්වාදයකි. කිරි කහට කෝප්පයකින් සප්පායම් වූ මට ඊට මදක් දකුණතින් සෑම ලිපියක්ම පරික්ෂාවට ලක් කරන ධම්මිකා මහත්මිය හමුවිය. ලිපිවල හැම අකුරක්ම ඇය දකී. ඊට මදක් දුරින් කැරකෙන පුටුවේ ඉඳගෙන ආයුර්වේද සටහන් පරික්ෂා කරන සුරේඛා මහත්මිය සිනාසූ විටමය. ඈ තරහටත් හිනාවෙයි. අපගේ ආහාර හා විශේෂ වු සටහන් පරික්ෂාව චම්පිකා දීපානි මහත්මිය භාරව සිටී.ඇය පරිඝණකයේය. මෙපමණ කාර්යයන් රාශියකට ඒ අයුරින්ම සහාය දෙන සිසිර හා කොතලාවල මහත්මාවන් සුබසෙත ඔවුන්ගේ පුද්ගලික පුවත්පත ලෙසම කටයුතු කරයි. එකම විශාල ශාලාවක ඉතාම සහයෝගයෙන් මෙම ක්‍රියාවන්වල යෙදෙන සුබසෙත සැම දෙනාගෙම සිත් සතුටුවන නිසා මාංචු පුවත්පතේ කුමාර මහතාගේද සහය ලැබෙයි. සුබසෙතේ කරුණු නිවැරදි වූවායින් පසු පිටුසැකසුම් කටයුතු ද කරන “කවිරත්න මහතාගේ කාර්යය අපි අගයමු.

කුහුඹුවන් සේ කඩිසරයෙන් එකමුතුවෙන් සුබසෙත සකස් කරන එම කාර්ය මණ්ඩලයට – කර්තෘ මණ්ඩලයට අධ්‍යක්ෂක මණ්ඩලයට අපි ආශිර්වාද කරමු. සුබසෙත දිනේවා!

ගුප්ත විද්‍යාධර

ඡ්‍යොතිෂ විද්‍යා

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.