ජුනි අවසන්වීමට පෙර බිහිසුණු ජල ගැල්මක්

ජුනි 7, 2019

ජුනි මාසය අවසානයට පෙර බිහිසුණු පාරිසරික විපර්යාස කීපයක්ම සිදු වීමට නියමිතය. ඒ ජුනි 18 කුජ දින 21.36 ට බුධ සහ කුජ අතර සිදුවන ග්‍රහ යුද්ධයත් ඒ ආසන්න දිනයක එනම් ජුනි 22 වන දින 23.21 ට කුජ ග්‍රහයා කටක රාශියට පිවිසීමත් ය.

මෙම ග්‍රහ තත්ත්වයන් දෙකම රටට, රට වැසියාට එතරම් සුබදායක නොවන අතර බිහිසුණු ජලගැල්මක පෙර ලකුණු හා බිහිසුණු අකුණුසැර නිසා සිදුවන පොදු දේපල හා ජීවිත හානි විශාල ප්‍රමාණයක් අනතුරට පත්වීමට ඇති ඉඩකඩද පුළුල් වෙයි. විශේෂයෙන්ම 18 දා සිදුවන කුජ – බුද ග්‍රහ යුද්ධයට පෙර දින 3 ක් හා පසු දින 3 ක් ආවරණය වන පරිදි මෙම අයහපත් කාලගුණික තත්ත්වයට බලපාන අතර කේතුට අයත් මුල නැකතේ සිදුවන මෙම ග්‍රහ යුද්ධය තව තවත් බිහිසුණු වීමට හේතුවන අතර බිහිසුනු ජල ගැලීමකට හේතු වෙයි. ජුනි 22 කුජ දින 23.21 ට අඟහරුට අයත් දෙනට නැකතේ කටකයට පිවිසෙන කුජ හරියට ජලාශයකට ඇද වැටෙන ගිනි ජාලාවක ස්වරූපය දරන නිසා. මෙම බිහිසුණු අකුණු සැර තත්ත්වයක් අනාවරණය කරයි.

මේ අනුව වගකිවයුතු පාර්ශ්වය හා පොදු ජනතාව දැන් සිට ක්‍රියාත්මක වීමෙන් වග බලා ගතහොත් මේ තුළින් විය හැකි අනතුරු ප්‍රමාණය අවම කරවා ගත හැක. ඒ අනුව විදුලි කෙටීම් සිදුවන අවස්ථාවේ විදුලි උපකරණ භාවිතයෙන් වැලකී සිටීම, ප්‍රධාන නගර හා තදාසන්න ප්‍රදේශවල මාර්ගයේ කුණු කානු පද්ධතීන් සුද්ධ පවිත්‍ර කොට කානු පද්ධතිවල කලකසිට සිරවී තිබෙන පොලිතින් ප්ලාස්ටික් ඇතුළු අප ද්‍රව්‍ය ඉවත්කර නිසි ලෙස ජලය ගලා යන පරිදි සකස් කිරීම සිව් මහා ගංගා මුහුදට ගලා බසින මෝය ආශි‍්‍රත ස්ථාන පුළුල්කොට නිසි ලෙස අවහිරතාවයකින් තොරව ජලය ගලා බැසීමට සැලැස්වීම යන කරුණු නගරසභා සහ මහ නගර සභා බලධාරින්ගේ වගකීම් අතර වෙයි.

විශේෂයෙන් පසුගිය පාස්කු ප්‍රහාරය දැන සිටියදීත් ඒ පිළිබඳ නොසලකා හැරීම නිසා වූ අත් වැරදීම් එකිනෙකා වෙත පටවමින් බොහෝදෙනෙකු අත් පිස දමා ගැනීමට තැත් කරමින් සිටින මොහොතක ඒවායේ අප්‍රසන්න අත්දැකීම් තවමත් අත්විඳීමට ගොදුරුවී සිටින අපට මෙය කදිම ආදර්ශයක් කර ගනිමින් ඉදිරියේදී සිදුවිය හැකි පාරිසරික විපර්යාසයන් තුළ සිදුවිය හැකි බිහිසුණු අනතුරු තත්ත්වයක් මග හරවා ගැනීමට හැකිවන බව ඔබට අවධාරනය කර සිටිමු.

ප්‍රධාන කර්තෘ
අජිත් ධර්මසිරි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.